2020 ජනාධිපතිවරණයේ අලුත්ම මුහුණ – මාතරින් යාචක අප්පුහාමි

2020 ජනාධිපතිවරණය ට ඉදිරිපත් වන අපේක්ෂකයින් පිලිබඳව කරලියේ විවිධ කතා ඇසේ. ඇතැම් ඒවා ප්‍රහසනකාරීය. කෙසේ වුවද මේ අපේක්ෂකයින් සියල්ලගේම සායම යවන අපේක්ෂකයකු ඉදිරි ජනාධිපතිවරණය ට මාතරින් ඉදිරිපත් වීමට සූදානමින් සිටී. අපේක්ෂක පොරය මහා විහිලුවක් බවට පත්කරන මේ අපේක්ෂකයා නමින්,යූ.කේ.ඩබ්ලිව් අප්පුහාමි ය.

මාතර නගරයේ නම් අප්පුහාමි මාමා යැයි කී විට ඔහු ගැන නොදන්නා අයෙකු නැත. යාචක අප්පුහාමි කියන්නෙ ද ඔහුට ය. අප්පුහාමි මාමා මාතර නගරයේ සිටින පැරණි ම යාචකයෙකි. ඔහු අදත් නිදියන්නේ දෙවිනුවර කඩපිලකය. දහවල් කාලයේ මාතර නගරයේ පදික වේදිකාවක ය. රැකියාව සිඟමන් යැදීමය. එසේ උපයාගත් රුපියල් ලක්ෂ දෙකක මුදලක් කිසියම් පුද්ගලයෙකුගේ ගිනුමක ඉතිරිකර ඇත. සෑම වසරකම වෙසක් පොහොයට අප්පුහාමි මාමා ඒ මුදල් වලින් මාතර නගරයේ දන්සැල ක් දීම සිරිතකි.දැන් අප්පුහාමි මාමා ඉදිරිජනාධිපතිවරණය ට ඉදිරිපත් වීමට සූදානම් ය. අවස්ථා දෙකක් ඒ වෙනුවෙන් මැතිවරණ කාර්‍යාලය ට ද ගිය බව ඔහු කියයි. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකර ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ඔහුගේ සැලසුමයි.

ඔහුගේ ලකුණ ඇල්ටේෂන් බලු මහත්මයා බව පුර්ව ප්‍රචාරක දැන්වීම්වල සදහන්ය. අප්පුහාමි මාමා කියන්නෙ තමා ජනාධිපති වූ පසුව වුවද තමා ආමන්ත්‍රණය කල යුත්තේ අප්පුහාමි මාමා කියා මිස ජනාධිපති තුමනි හෝ සර් කියා නොවන බවයි. අප්පුහාමි මාමා ජනාධිපති වූ පසුව පළමුවෙන් කරන කටයුතු කිහිපයක් තිබේ . ඔහුගේ පොරොන්දු පත්‍රයේ සදහන් පරිදි ඒ මේවාය,

සියලු සිරකරුවන් නිදහස් කිරීම.,
සියලු නඩු අහෝසි කිරීම,
වතු සේවකයින් ඇතුලු සියලු සේවකයින් ගේ වැටුප් වැඩිකර දීම,
ලොතරැයි අලෙවිකරණ අයගේ කොමිස් මුදල් වැඩිකිරීම,
ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ පරණ චිත්‍රපට ගීත හා හින්දි ගීත සදහා දවසට පැය පහක් වෙන් කිරීම.
රටේ සිදුවන අපරාධ කෙටි කලකින් අවසන් කර යහපත් සමාජයක් ඇතිකිරීම.
ජනාධිපතිවරණය සදහා පොස්ටර් ,බැනර්.කටවුට් ප්‍රදර්ශන නොකිරීම
ඇප මුදල් තැන්පත් කිරීම සදහා පමණක් රුපියල් 75000.00 ක් වැය කිරීම
මරණ දඩුවම වෙනුවට මඩුවලිගය යොදා ගැනීම

යන දෑ අඩංගු බව අප්පුහාමි වැඩි දුරටත් කියයි. රාජතාන්ත්‍රික විදෙස් ගමන් හෝ නවීන මෝටර් රථ තමන්ට අවැසි නැති බවත් හෙතෙම කියයි. මොනවා නැතත් ජනාධිපති අපේක්ෂකයකුට රූපවාහිනීයේ සහ ගුවන්විදුලි යේ වෙන්කරන ගුවන් කාලය තමාට ලැබුනොත් ඒ හොඳටෝම ඇතිබව ඔහු අවධාරණය කරයි. අප්පුහාමි මාමා ජනාධිපති උවහොත් මරණ දඩුවම ක්‍රියාත්මක නොකර න අතර ඔහු ඒ වෙනුවට යොදාගන්නේ මඩු වලිගයකි.

සම්පූර්ණ උපුටනය – matarakimbula.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *