මේ රට කරන්න බැරි නම් ගෙදර ගිහින් වැඩක් බලාගෙන්න – කාදිනල් හිමි අවධාරණය කරයි.

2019 අප්‍රේල් 21 ප්‍රහාරයට තුන්මසක් සපිරෙන අද දිනයේ දී එම දිනයේදී කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මංගල දේව මෙහෙය අද පැවැත්විනි . ඒ සදහා අතිඋතුම් කාදිනල් රංජිත් හිමියන් සහභාගී වූ අතර එහිදී උන් වහන්සේ සදහන් කොට සිටියේ, අප රට විශාල ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවූයේ මේ රට පාලනය කරන දේශපාලනඥයින්ගේ අත්තනෝමතික කුළල් කා ගන්නා තත්වයක් මතයි.

මේ ප්‍රහාරය වලක්වා ගන්න තිබුනා. මේ සම්බන්ධයෙන් මට විදෙස් තානාපති අංශ කිහිපයකින් තොරතුරු දැන් වූවා මේ සියලු ප්‍රහාරයන්ගේ තොරතුරු අදාළ අංශ වෙත දැනුවත් කොට ඇති බවත් ඒ නිසා මේ ප්‍රහාරය වලක්වාගන්න තිබුනු ප්‍රහාරයක්. තුන් හතර වතාවක්ම මේ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් කළත් ආත්මාර්ථකාමී දේශපාලනඥයන් එය ගණනකට ගත්තේ නෑ ඒ අය තමන් තමන් අතරේ කුළල් ගැනීම හැර මේ මිනිසුන්ගේ ජීවිත ගැන හිතුවේ නෑ..

දැන් කොමිසම් දාලා එක එක වාර්තා ගේනවා කියනවා ඒත් ඒවා රතු පළස් අස්සේ හංගන එක තමයි හැමදාම කළේ.. ඒ නිසා මේ කොමිසම් ඡන්ද බලාගෙන කරන වැඩ ඒ නිසා ඒ කොමිසම් අපට විශ්වාස කරන්න බෑ.

මේ අය කළේ නොමග ගිය තරුණයින් අල්ලගෙන මේ තැනට රට ගෙන ආපු එක. විදෙස් බලපෑම්වලට යටපත්වෙලා එන්ජීඕ සතුටු කරමින් ගෙන යන පහත් වැඩක් මේ සිදුවෙමින් පවතින්නේ. බුද්ධි අංශ හෙළිදරුව් කිරීම ඉතාම පහත් වැඩක් . කරන්න ඕන දේ තමයි බුද්ධි අංශ ශක්තිමත් කරන එක ඒත් ඒ අය කරන වැඩවලට කකුලෙන් අදින එක තමයි මේ අය කරන්නේ.

වනාතවිල්ලුවේදී මාවනැල්ලෙදී අල්ලපු අපරාධකරුවන් නිදහස් නොකළා නම් ඒ ගැන පරීක්ෂණ කළා නම් අද මේ වගේ විනාශයක් ඇති වෙන්නේ නෑ. ඒ නිසා අපි මේ අයට කියන්නේ රට කරන්න බැරි නම් කරුණාකරලා වැඩක් බලාගෙන ගෙදර යන්න කියලයි. මේ රට විනාශ නොකර. දැන් මේ ඇදට රෝදපුටුවට වෙලා ඉන්න අයට හිතන්න තියෙන්නේ මේ බෙලහීන දේශපාලඥයින්ගෙ නරක වැඩ නිසයි මේ තැනට තමන්පත් වුනේ කියන එක යැයි සදහන් කොට සිටියේය.

මේ අවස්ථාවට අප්‍රේල් ප්‍රහාරයට මැදිවූ පිරිස් සහභාගී වූ අතර කාදිනල් හිමියන් විසින් කටුවාපිටිය දේවස්ථානයේ මිය ගිය අයගේ සමරු ඵලයක හා දහම් පාසල් ගොඩ නැගිල්ල සදහා මුල්ගල් තැබීමත්ම සිදු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *