වහල් භාවයට එරෙහිව ගීතයෙන් සටන් කළ සොදුරු විප්ලවවාදියා  bob marley  – සජිත් පුෂ්පකුමාර 

There was a buffalow soldier
in the heart of america

බටහිර රෙගේ සංගීතයේ රජු ලෙස ප්‍රකට බොබ් මාලේගේ “බෆලෝ සෝල්ජර්” ගීතය
ලොව පුරා ජනාදරයට පත්වූ ගීතයක්. මේ ගීතය රචනා කරන්නේ බොබ් මාලේ සහ නොයෙල් විලියම්ස් විසින්.

මේ ගීතය ඔබත් ජීවිතයේ එක් වතාවක් හෝ අසා ඇතුවාට සැක නැහැ. නමුත් මේ ගීතය ඇතුලාන්තයේ තිබෙන්නේ සමස්ත කළු ජාතිකයන්ගේ ජීවය බව ඔබ දන්නවාද.?

1945 පෙබරවාරි 6 වෙනිදා ජැමෙයිකාවෙ උපත ලබා 1981 මැයි 11 මියාමිහිදී සිය ජීවිත ගමන අවසන් කල බොබ් මාලේ. වසර 36ක සිය කෙටි ජීවිත කාලයේදී ලෝකයට ලබාදුන් දෑ අති විශාලය. ප්‍රධාන වශයෙන්ම ඔහු ලෝකයට හඳුන්වා දුන් “රෙගේ” නැමති සංගීත රටාව ලොව පුරා බාල, මහළු, තරුණ සැමගේ සිත් අදටත් අමන්දානන්දනයට පත් කරවමින් තවත් චිරාත් කාලයක් ලෝකය පුරා විවිධ සංගීත නිර්මාණ වලට ප්‍රස්තූතයන් සපයනු ඇත.

ඊටත් වඩා බොබ් මාලේ විශේෂ වන්නේ සිය ජීවිත කාලය පුරාම පීඩිතයන් වෙනුවෙන් ඔහු ගායනා කරන ලද ගීත ප්‍රමානය නිසාය.

Buffalo Soldier, dreadlock Rasta
There was a Buffalo Soldier
In the heart of America
Stolen from Africa, brought to America
Fighting on arrival, fighting for survivalImage result for bob marley

යුරෝපා ජාතිකයන්ගේ අධිරාජ්‍ය සිහිනය ලොව පුරා ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ 14 වන සහ 16 සියවස් වලදීයි. ඔවුන්ගේ ආක්‍රමණ වලට ඇමරිකාවත්, අප්‍රිකාවත්, ආසියාවත් නතු වී අවසන ඕස්ට්‍රේලියා ම්හද්වීපය පුරාද පැතිරින. මේ හේතුවෙන් ඒ රටවල් වල සමාජීය, සංස්කෘතික අංශ වල විශාල සෝදාපාලුවක් වූ අතර එම රටවල්වල ස්වා භාවික සම්පත් හා ධනය මංකොල්ලකෑමද සිදුවිය.

අප්‍රිකාවේ රත්‍රන් නිධි පිටින් යුරෝපීයයන් විසින් කොල්ලකන විට ඉන් නොනැවතුනු ඔවුහු ඉතාමත් නින්දිත ලෙස අප්‍රිකාවෙන් තමාට අවශ්‍ය වහලුන් ආනයනය කලහ.

මෙසේ යුද්ධය සහ වෙනත් වහල් කාර්‍යයන් උදෙසා අප්‍රිකාවෙන් ඇමරිකාවට රැගෙන ආ කළු ජාතිකයින් ප්‍රමානය 1865 වන විට මිලියන හතරක් පමණ වූ බව කියවේ.

ඇමරිකා ජනපති ඒබ්‍රහම් ලින්කන් 1865 දී වහල් වෙලඳාම නවතා වහලුන්ට නිදහස ලබා දීමේ ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කලේය.

මින් පසුව 1866 දී නිදහස ලැබූ කළු ජාතිකයන්ගෙන් එනම් අප්‍රිකා – ඇමරිකානු කළු ජාතිකයන්ගෙන් සැදුම්ලත් හමුදා බලගනයක් නිර්මාණය වූ අතර මෙම හමුදා කණ්ඩායම 100% ක් කළු ජාතික අප්‍රිකා – ඇමරිකානුවන්ගෙන් සමන්විත විය.

මේ කණ්ඩායමට අයත් සාමාජිකයන්ව පොදුවේ Buffalo soldier නමින් හැඳින්වූයේ ඔවුන්ට තිබුනු විශේෂිත කොන්ඩා මෝස්තරයක් නිසා. ඔවුන්ගේ කොන්ඩය රස්තෆාරියානුවාදය නැමති ජීවන දර්ශනය අනුගමනය කල, රස්තා අනුගාමිකයන් විසින් යොදාගත් කැරලි ගැසුනු කොන්ඩා මෝස්තරයකි.

I mean it, when I analyze these things
To me, it makes a lot of sense
How the dreadlock Rasta was the Buffalo Soldier
And he was taken from Africa, brought to America
Fighting on arrival, fighting for survival

Said he was a Buffalo Soldier, dreadlock Rasta
Buffalo Soldier, in the heart of AmericaRelated image

ගීතයේ සඳහන් වන in the heart of america යන යෙදුම ගැන සැලකීමේදී එහි අදහස දෙයාකාරයකින් ගත හැකියි. එකක් නම්, මේ බෆලෝ සෝල්ජර් නම් බලඝනයේ කාර්‍යභාරයයි. මෙම හමුදා බල ඇණිය විශේෂයෙන්ම ඇමරිකානු ජනතාවගේ ආරක්ෂාව සඳහාත්, යුද්ධයෙන් විනාශ වූ පාලම් සහ ගොඩනැගිලි ආදිය අලුත්වැඩියා කිරීමටත් පෙරමුන ගෙන සිටියා. මේ කාර්‍යභාරය නිසා “ඔබ ඇමරිකාවේ හදවත” යන යෙදුම යෙදුවා වෙන්නට පුලුවන්. එසේම මේ කළු ජාතිකයන් බොහොමයක් දෙනා සිටි ඔවුන්ගේ භූමිය වන ජැමෙයිකාව ඇතුලු කැරිබියන් දූපත් “ඇමරිකාවේ හදවත” ලෙස හැඳින්වූවා වෙන්නටත් පුලුවන්.

If you know your history
Then you would know where you coming from
Then you wouldn’t have to ask me
Who the heck do I think I am

I’m just a Buffalo Soldier
In the heart of America
Stolen from Africa, brought to America
Said he was fighting on arrival
Fighting for survival
Said he was a Buffalo Soldier
Win the war for america

Image result for bob marley

බොබ් මාලේ මේ අමතන්නේ ඇමරිකාවේ සමස්ත කළු ජාතිකයන්ගේ හදවත් වලට නොවේද..??

“ඔබ ඔබේ ඉතිහාසය දන්නවා,
ඉතිං ඔබ දත යුතුයි ඔබ පැමිණියේ කොහි සිටද කියා
එනිසා ඔබ මගෙන් ඇසිය යුතු නැහැ,
මම හිතන්නේත්, ඒ මම කියා..”

කළු ජාතිකයන්ට ආයුධ දැරීම තහනම් වූ අතර බහුතර සුදු ජාතිකයන් අතර ඔවුන්ව සැලකූයේ නොවැදගත් සහ අදක්ෂ කණ්ඩායමක් ලෙස සැලකූවා. බෆලෝ සෝල්ජර් නම් මේ හමුදා කණ්ඩායම විසින් ඒ මතය වැරදි බවට ඔප්පු කලා. නමුත් ඔවුන්ගේ ඉතිහාසය ගත් විට එය ඉතාමත් හැලහැප්පීම් වලින් ගහන වූවක්.

ඔවුහු අප්‍රිකාවෙන් සොරකම් කරගෙන අවුත් ඇමරිකාවට ගෙන ආවා. ඉන්පසුවත් ඇමරිකාවේදී ඔවුන්ට සිදුවූයේ එසේ රැගෙන ඒමට විරුද්ධව සටන් කිරීමට, දැන් ඔවුන් තමන්ගේ ජීවිතය උදෙසා සටන් කරයි.

Buffalo Soldier, troddin’ through the land woo ooh
Said he wanna ran, then you wanna hand
Troddin’ through the land, yea, yea

Said he was a Buffalo Soldier
Win the war for America
Buffalo Soldier, dreadlock Rasta
Fighting on arrival, fighting for survival
Driven from the mainland
To the heart of the Caribbean

Image result for bob marley

ට්‍රොඩින් නම් තැනිතලාව හරහා දිව යාමට ඔහුට ඔබේ අත දෙන්න. ඔහු buffalo soldier කෙනෙක්. ඇමරිකාව වෙනුවෙන් යුද්ධය දිනූවෙක්. ඒ වගේම ඔහු ඔවුන්ගේ ප්‍රධාන භූමියෙන් රැගෙනවිත් කැරිබියානු භූමියට පලවා හැරියෙක්.

මෙසේ අප්‍රිකාවෙන් ගෙනවිත් ජැමෙයිකාව ඇතුළු කැරිබියන් දූපත් වලට පිටුවහල් කරන ලද කළු ජාතිකයින් ප්‍රමාණය අති මහත්.

අන්තර්ජාතිකව කලාව, ක්‍රීඩාව ආදී ක්ෂේත්‍ර ගණනාවක ඔවුන් ජයග්‍රහන ලබාගෙන තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මේ සියළු දූපත් වල ක්‍රීඩකයින් නියෝජනය කරනවා. උසේන් බෝල්ට් ජැමෙයිකාව නියෝජනය කරමින් ලොව වේගවත්ම මිනිසා ලෙස ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තා.

1962 දී ඔවුහු බ්‍රිතාන්‍යයන් කෙරෙන් නිදහස ලබා ගත්තත්, ඔවුන් තවමත් දේශපාලන සහ නීති පද්ධතියේදී ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රිතාන්‍ය ක්‍රමය අනුගමනය කරනවා. සිය රැජින ලෙස සලකන්නේ දෙවන එලිසබෙත් මහ රැජිනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *