ආශිර්වාදය සහ ශාපය – විසූවියස් – රෝමයට ලඟ පාර 05 – පියුමි ජයකලණි ලියයි

මිනිසාගේ දියුණුව යනු මිනිසාගේ විනාශය ද වේ. ලොව තුළ වෙසෙන මිනිසාගේ නොයෙකුත් ක්‍රියාකාරකම්, අත්හදාබැලීම් යන නොයෙකුත් හේතු නිසා පරිසරය දූෂණයට ලක්වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ‘පාරජම්බුල කිරණ’, ‘අල්ට්‍රා වයලට්’ වැනි විකිරණ පොළෝ තලයට පතිතවීම නිසා පිළිකා, ඇසේ සුද, ඇස් දුර්වලතා හා නොයෙකුත් චර්ම රෝග ආදී රෝග වලට මිනිසා දිනෙන් දින ගොදුරු වෙමින් සිටී. මිනිසා විසින් සිදුකරන මෙවැනි ක්‍රියා නිසා සිදුවන පරිසර දූෂණයන්ට මිනිසා මිනිසාටම දොස් පවරන නමුදු සොබාදහම විසින් සිදුකරන පරිසර දූෂණයන්ට මිනිසා කා හට දොස් පවරන්න ද? එහි වරද ස්වභාදහම විසින් භාරගත යුතු ද?

සොබාදහම නම් මිනිසාගේ මැවුම්කරු ය. මිනිසාව නිර්මාණය කළ මෙම සොබා දහම මිනිසාගේ විනාශය ද මිනිසාට නිර්මාණය කර දෙන්නේ මය.

පාරිසරික සාධක මත හැදීවැඩී මිනිසාට මෙන්ම පරිසරයටද මහා ඛේදජනක විනාශයක් උරුම කළ “විසූවියස්” ගිනි කන්ද ද දෝෂදර්ශනයට ලක්වූ සොබාදහම මැවූ විශේෂ නිර්මාණයකි. බොහෝ රටවල ගම්බද ප්‍රදේශ තුළට වන්නට ඇති ස්වභාවික ගිනිකඳු අතරින් “විසූවියස්” ගිනිකන්ඳට ලැබෙනුයේ සුවිශේෂ ස්ථානයකි. ‘ඉතාලියේ’ ,’නාපොලි’ මුහුදු බොක්කට ආසන්න දූපතක මෙම “විසූවියස්” ගිනි කන්ද ධිපත්‍ය දරා සිටී. සහශ්‍රයකට එහා කලකට පෙර මෙය මිනිසුන්ට තර්ජනයක් වූ ගිනි කන්දකි. වර්ෂ 12,000 පෙර “විසූවියස්” පෘථිවි තලය මත උපත ලබා ඇත. මෙහි පිටත මායිමෙහි උස නොයෙකුත් කාලපරිච්ඡේද වල වෙනස්වීම් වලට බදුන් වන ලදි. මුල් කාලයේදී එහි උස 2000m වූ අතර අද වන විට 1270m උස වේ. වර්ෂ 1944 දී “විසූවියස්”පිපිරීමෙන් පසු මෙහි අවට වූ නගර මුළුමනින්ම පාහේ අක්‍රීය විය. කළු දුහුවිලි වලා පිරී තිබීම නගරයට ආවේණික ලක්ෂණයක් වූ අතර මෙම භූමි ප්‍රදේශය අවට මුල් මඟින් හෝ ද්විඛණ්ඩය මගින් හෝ ශාක වර්ධනය වීම පවා ඇණ හිටින ලදි.

“විසූවියස්”, ‘පොම්පෙයි’නගරයට වරෙක ආශිර්වාදයක් වූ නමුදු වරෙක ශාපයක්ම විය. ඇත්ත වශයෙන්ම “විසූවියස්” පිපුරුණු නොයෙක් කාලවකවානු අතර භයානකම පිපුරුමක ආරම්භයේ සිදුවූයේ ක්‍රි.ව.79 දීය. එම පිපුරුම නිසා එහි වූ හස් සංඛ්‍යාත ජන ජීවිත හා සමස්ත ගම්, නගර මුළුමනින්ම පාහේ විනාශයට පත්විය. අනෙක් පසෙකින් ම ප්‍රදේශ සතු වූ සශ්‍රීක බව-බෝග, නිෂ්පාදන මෙන්ම අතිශය අලංකාර වූ වෘක්ෂ ලතා ආදිය සදාකල් නිද්‍රාවට පත් විය. පුරාණ ඉතිහාසඥයන් හා කර්තෘවරුන් මෙම ගිනිකන්ද සම්බන්ධව ප්‍රේම වෘතාන්තයන් එක්කරමින් තැනූ (“දියදෝරො ස්තකූලො”, “විසූවියස් එස්ත්‍රාබො”) වැනි වනාන්තරවල  හා මිදි වතු තුළ වූ කතන්දර වේ.

බියකරු භූකම්පනයක් ක්‍රි.ව. 63 දී සිදු වී ඇති නමුදු ක්‍රි.ව.79 දී සිදුවූ අති බියකරු වූ භූ කම්පනය ‘පොම්පෙයි’ සහ ‘ඒර්කොලානො’ නගර ඛේදජනක විනාශයකට ගොදුරු කරන්නට සමත් විය. එකල විසූ තරුණයකු වන ‘pliny’ නම් තැනැත්තා ඈත සිට මෙම විනාශය දුටු අයුරු ප්‍රසිද්ධවූ ලියමනක මැනවින් විස්තර කර ඇත. ගිනි කඳෙහි පැතිකඩක් පුපුරාගොස් එහි වූ ගැඹුරු විවරය තුළින් ( 2km විහිදෙමින්) උණුසුම් මඩ, ගෑස්,ලාවා, පිච්චෙන ලද ගල් සහ අළු නිකුත් විය. මෙම ගිනිකන්ද පුපුරා ගිය ශත වර්ෂ අතුරින් ක්‍රමවත් ලෙස සිදු වූ විශාල විනාශය වූයේ අවසාන වශයෙන් සිදු වූ ක්‍රි.ව.79 දී විනාශය වේ. පිපිරීම් අතරින් ප්‍රබලම පිපිරීම වන 472,993,1038,1500 සහ අවසාන වශයෙන් 1631 වූ අතිප්‍රබල පිපිරීම් වේ. මෙම නොයෙකුත් වකවානුවල සිදුවූ පිපිරීම් නිසා “විසූවියස්” හි උස ප්‍රමාණය 200m ලෙස හීන වූ අතර එහි පැතිකඩ ස්වරූපය ද වෙනස් විය.

අද වන විට “විසූවියස්” හි මිනුම් සහ මුහුණත හැඩතල පිළිබඳව විවිධාකාර මතිමතාන්තර ඇත. නමුදු සම්පූර්ණ ගිනිකඳු ශරීරය මුහුදු මට්ටමෙන් 15m ඉහළින්ද 40m වට ප්‍රමාණයකින් ද 1270m උසකින් ද සමන්විතවේ. මෙම ගිනි කන්දෙහි කොටසක් ‘මොන්තෙ සෝම්මා’ යනුවෙන් හඳුන්වනු ලබයි.

‘රෙසීනා’ නම් ( ‘ඒර්කොලානො’ ගම ආසන්නව ) හරහා ඇති තැනිතලා මිටියාවතක කඳු බෑවුමට වන්නට ඇති ‘මොන්තෙ කන්තෙරෝනි’ නම් කන්දේ සිට “විසූවියස්” නිරීක්ෂණය කළ හැක. මෙහි හාත්පස ‘උම්බේර්තො’ හා ‘මර්ගෙරීතා’ යන කඳු පන්තීන් ගෙන් දර්ශනය වේ.
කාලෙක ආශිර්වාදයක් වී අවසන ශාපයක් ම වූ විසූවියස් නිහඬව, නිසලව අද වැජඹෙනුයේ ගම් දනව්, නගරයන්ට හා මිනිසුන්ට කිසිදු අසාධාරණයක් නොකළ අයුරිනි.

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *