බල්ලන් බිරුවාට කඳු පාත් නොවන්නා සේ .. කාදිනල්ගේ කට වැසීමට දේශපාලුවන්ට නොහැක්කේය..

කතෝලිකයන් විසින්ම ප්‍රසිද්ධියේ කාදිනල් හිමිපාණන්ට ප්‍රහාර දියත් කිරිමට පටන් ගෙන තිබේ. සිංහලයන් යනු අත්මාර්ථ අදහස් දරන්නන් බව අමුතුවෙන් කිව යුතු නැත.

කහකඩකාරින්ට දේශපාලන කරන්න හොද නම් ,කහ කඩකාරයන්ට එක එක දේශපාලුවන්ට කඩෙ යන්න හොද නම්,කහකඩ කාරයන්ට එක දෙශපාලුවන්ගේ කොන්ත්‍රාත් ලබාගෙන සුළුජාතින් තලා පෙලා දැමිමට හැකි නම් ඇ‍යි වෙනත් ආගම්වල අයට දෙශපාලන කිරිමට නොහැකී.

එක්සත් ජාතික පක්ෂ බත් බැලයන්ට අනුව සියලු දෙනාම අදහස් ප්‍රකාශ කල යුත්තේ ඒක්සත් ජාතික පක්ෂයට පක්ෂ පාතිව පමනද..?

එක්සත්ජාතික පක්ෂයට විරුද්ධව අදහසක් ප්‍රකාශ කළහොත් කවුරුන් හෝ විනාශය. මහලොකු ප්‍රකාශනයේ අයිතිය ගැන කතා කරන මාධ්‍ය නිදහස කතා කරන වත්මන් ආණ්ඩුව කාදිනල් මීගමුවේ කටුවාපිටිය දේවස්ථානයේ කළ ප්‍රකාශය අල්ලාගෙන ලොකු ලොකු පම්පොරි ගහන්න පටන් අරගෙන තිබේ. ඒවාට සජිත්එවාදී සජිත්ගෙන් යැලෙන වෙබ් අඩවි මහත් ප්‍රචාරයකුත් ලබා දෙමින් තිබේ.

වත්මන් ජනාධිපතිට හැකිනම් අන්තවාදි ඝනගෙඩියන් යොදාගෙන දේශපාලන සහය ගන්න, අගමැති රනිල් වක්‍රාකාරව ඝනගෙඩියන් යොදාගෙන දේශපාලනය කරන්න, ඇයි මහින්ද රාජපක්ෂට හෝ වෙනත් අයකුට එසේ කිරිමට නොහැක්කේ. කාදිනල්වරයාගේ ප්‍රකාශ යොදා ගනිමින් කදිනල්ව බිත්තියට හේත්තු කිරිමේන් සිදුවන්නේ කතොලික ප්‍රජාවට මරු පහරක් ගැසිමයි. මහ ලොකුවට සුළුජාතින් ගැන කතා කරන තක්කඩි දේශපාලුවන් මේ සිදු කරමින් තිබෙන්නේ ඔවුන් සතු වෙබ් අඩවි යොදා ගනිමින් කාදිනල්වරයා බිත්තියට හෙත්තු කරමින් කදිනල්ගේ සහය ලබා ගැනීමට මිස වෙන කිසිවකට වත් නොවේ.

හාස්‍යයට කරුණ නම් කතෝලිකයන් විසින්ම කතෝලික ජනතාවක් ජිවත් වන කතොලිකයන්ගෙ මුදුන් මල් කඩ වන් වතිකානුව තිබෙන ඉතාලියේ සිටම කතොලික නියොජනය සිදු කරන කාදිනල්ොවරයාට පහර ගැසිමයි. එසේම මෙම තක්කඩි මෙසේ ප්‍රකාශ සිදු කරන්නේ අවලංගු කාසි බවට පත්ව ඇති මෙම තක්කඩි නැවත ප්‍රසිද්ධියක් ලබා ගැනීම උදෙසාය. ප්‍රසිද්ධිය සහ දේශපාලන උවමනාව උදෙසා ආගම පවාදෙන තක්කඩි ගැන කුමන කතාද..? මුන්ට පිළිතුරු දිය යුත්තේ ඉතාලියේ වෙසෙන කතොලිකයන් විසින්මය.

නැවත මතක් කළ යුතුය. පාස්කු ප්‍රහාරය වගකිවයුතු පාලකයන් දැන සිටි බවත් එය දේශපාලන වාසි ලබාගැනීම උදෙසා ජීවිත බිලිගැනීමට ඉඩ දී බලා සිටි බවත්. කාදිනල්වරයා කහකඩකාරයන් මෙන් පිරිවර සමග ගොස් මැර ප්‍රහාර දියක් කර නැති බවත් කාදිනල්වරයා එලෙස කිසිදින නොකරන බවත් සදහන් කළ යුතුමය.

එම නිසා කාදිනල්ගේ ප්‍රකාශය අල්ලගෙන කැපි පෙනෙන්නට දඟලන කන බතේ පහරන තුට්ටු දෙකේ එක්සත් ජාතික බත් බැලයන් දැන ගැතයුතු දෙයක් තිබේ. බල්ලන් බිරුවාට කඳු පාත් නොවන්නා සේ .. කාදිනල්ගේ කට වැසීමට දේශපාලුවන්ට නොහැක්කේය..

– බිම්සර කහටපිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *