ලංකාවට කුණු ගෙන්වීමේ ඇත්ත කතාව – චාන්යා හේරත්

ලංකාවට සායනික අපද්‍රව්‍ය ගෙන්වීමේ ජාවරමේ හවුලකරුවන් වන බ්‍රිතාන්‍ය සමාගමේ අයිතිකරු සහ /ලංකාවෙ ආනයනකරු සහෝදරයන් බවත් මේ සහෝදර සමාගම්    බවත් ඔබ මින් පෙර දැන සිටියාද?   Hayleys free zone ltd සමාගමේ කටුනායක නිදහස් වෙලද කලාපයේ පිහිටි බන්ධිත ගුදම් ( වෙයාර් හවුස්) වෙත බිත්රාන්ය රෝහල් අපද්රව්ය බිත්රාන්යයෙ සිට මෙහි එවු සමාගම vengaads ltd නම් වේ..

Vengaads ලිමිටඩ් හි අයිතිකරුවන් කවුද?

මෙම බිත්රාන්ය සමාගමේ හිමකරුවන් වන්නෙ වෙන්ගදේශා මුතුකුමාරණ් සහ සසි කුමාරන් මුතුකුමාර් ලාංකික පුරවැසිභාවය හිමි පුද්ගයින් දෙදෙනෙකි..

වෙන්ගදේශා සහ සසිකුමාරන් සහෝදරයින්ට අයත් අනෙක් සමාගම් මොනවාද?

1)United logistics europe ltd

2)Ceylon metel processing corporation ltd

රෝහල් සායනික අපද්රව්ය මෙරටට ගෙන්වු සමාගම වන්නෙ ඉහත අංක 2 හි සඳහන් සිලෝන් මෙටල් ප්රොසෙසින්ග් සමාගම බවත් එහි හිමිකරු වන සසීකුමාරන් මුතුකුමාර් ඉහත බිත්රාන්ය සමාගමේත් සම හවුල්කරු බව අසා පුදුම නොවන්න..

හේලීස් ෆ්රී zone සමාගම ” ආනයන සුළු සැකසුම් කර යළි අපනයනයට ( අන්තරාල වෙලදාම) ට පහසුකම් සපයන ආයතනයක් වන නිසා ඉහත බිත්රාන්ය සමාගම සහ ශ්රී ලංකාවෙ ආනයන සමාගමට වෙලද කලාපයෙ බන්ධිත ගුදම් නොමැති නිසාත් ඔවුන් විසින් තම consignee ලෙස යොදාගන්නෙ හේලීස් free zone සමාගමයි.

Sri lanka රේගුව සහ මද්යම පරිසර අධිකාරිය එක්ව කොලබ වරායේ සී අයි සී ටී පර්යන්තයෙ ගොඩගසා ඇති රෝහල් අපද්රව්ය තොගයෙත් කටුනායක නිදහස් වෙලද කලාපයේ හේලීස් free zone කොටසෙ ඉදිරිපසත් ගොඩ ගසා තිබු රෝහල් අපද්රව්ය වල ලයිස්තුව මෙසේය..

ඉවත දැමු රෝහල් මෙට්ට
ලිනන් ඇතිරිලි
ශල්යාගාර ඇඳුම්
ඇල්ගී බහාලුම් 
ශල්යාගාර උපකරණ 
ශල්යාගාර වලින් පිටකරන මිනිස් අපද්රව්

මේ සියල්ලෙ එකතුව මෙට්රික් ටොන් 27685 කි.. මේවායෙන් ඉතා අධික දුර්ගන්ධයක් වහනය වන බවද නිරීක්ෂණය කර ඇත..

ශ්‍රී ලංකාවෙ ජාතික ඝණ අපද්රව්ය කළමනාකරණ ප්රතිපත්ති ය අනුව පසු භාවිත අපද්රව්ය ලංකාවට ආනයනය කිරීම තහනම් වේ..

එමෙන්ම ආනයනය කරන ලද අපද්‍රව්‍ය / ප්‍රතිචක්‍රීකරණය ලද ද්‍රව්‍ය මත පදනම්ව කර්මාන්ත පවත්වාගෙන යාමත් තහනම් ය.

මෙම ප්රතිපත්තිය සැකසී ඇත්තෙ දේශසීමා හරහා අන්තරයාකර අපද්රව්ය ප්රවාහනය හා බැහැර කිරිම පිලිබද ලෝක සම්මුතිය වන ” බාසල් සම්මුතිය” ට අනුවයි.

ශ්රී ලංකාව තුල උපද්රවකාරී අපද්රව්ය බැහැර කිරීමෙ පහසුකම් නොමැති බැවින් බාසල් සම්මුතියෙ පලවෙනි වගන්තිය වන ” අපද්රව්ය සමාජික රටවල් 2 ක් අතර බැහැර කරගැනිම තහනම් වේ..

මෙම ඇමිණුමෙ සදහන් අපද්‍රව්‍ය ලැයිස්තුවෙ පලමු හානිකර අපදුව්‍ය ලෙස සදහන් වන්නෙ’

රෝහල් හෝ ෙවෙද්‍ය මධ්‍යස්ථාන වලින් ඉවතලන සායනික අපද්රව්ය යි..

ලංකාව සහ මහා බිත්රාන්ය බාසල් සම්මුතිය ට අනූකූල සමාජික රටවල් දෙකකි..

එසේනන් මෙය ජාත්යන්තර නීතීය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි..

එබැවින් ඉහත සමාගම් වල මැදිහත්වීමෙන් මහා බ්රිතාන්යයේ සිට ශ්රී ලංකාවට ආනයනය කොට ඇති ඉහත කී රෝහල් අපද්රව්ය බාසල් සම්මුතිය යටතේ වෙනත් රටකට ප්රවාහනය තහනම් කොට ඇති Y1 කාණ්ඩයට අයත් බව පැහැදිළි වන අතර එම සම්මුතියේ පළමු වගන්තිය උල්ලංඝනය කිරීමේ වරදට මහා බ්රිතාන්යය සහ ශ්රී ලංකා රජයත්, මහා බ්රිතාන්යයේ ලියාපදිංචි Vengaads Ltd සමාගමත්, ශ්රී ලංකාවේ ලියාපදිංචි Hayleys Free Zone Ltd සමාගමත් ඍජුව වගකිව යුතුය.

1818/30 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය දුර්වලතාවයක් ලෙස උපයෝගී කොටගෙන මෙලෙස මහා බ්රිතාන්යයේ උපද්රවකාරී සායනික අපද්රව්ය රට තුලට රැගෙනවිත් තිබේ. එම ගැසට් නිවේදනයට අනුව “සුළු පිරිසැකසුම් කර නැවත අපනයනය කිරීම සම්බන්ධ අන්තරාල වෙළඳාම” සඳහා වන ආනයනයන් ශ්රී ලංකාවේ රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන සහ අපනයන (පාලන) පනත සහ මුදල් පනතෙහි විධිවිධාන වලින් නිදහස් කොට තිබේ. එනිසා ශ්රී ලංකා රෙගුවට එවැනි කන්ටේනර් හෝ ගුදම් පරික්ෂා කිරීම බලය නොමැතිවීමේ නීතිමය අඩුපාඩුව අවභාවිතා කරමින් මෙම අපද්රව්ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව පෙනෙන්නට තිබේ.

රේගු නිලධාරීන් පවසන පරිදි ඉහත අති විශේෂ ගැසට් නිවේදනය යටතේ මෙම කන්ටේනර් සහ ගුදම් පරීක්ෂා කිරීමෙන් වලක්වා ඇතැයි පැවසුවද එම අති විශේෂ ගැසට් නිවේදනයේ 5 වන නියෝගය ප්රකාරව “යම් භාණ්ඩයක් ශ්රී ලංකාවට ආනයනය කර ඇති විට හෝ ශ්රී ලංකාවෙන් අපනයනය කර ඇති විට, එම භාණ්ඩය ශ්රී ලංකා භුමි ප්රදේශය වෙත හෝ ඉන් පිටතට ගෙනයන අවස්ථාවක දී අදාළ පරිදි රෙගු ආඥා පනතේ සහ ආනයන සහ අපනයන (පාලන) පනතේ විධිවිධාන අදාළ විය යුතුය” යනුවෙන් නියෝග කොට තිබේ

එමෙන්ම එම අති විශේෂ ගැසට් නිවේදනයේ 6 වන නියෝගය ප්රකාරව “මෙහි සඳහන් කුමන ආකාරයකින් නිදහස් කිරීම් ලබා දී තිබුණ ද, මෙම නීති මාලාව අදාළ වන සියලුම ව්යාපාරයන් රේගු ආඥා පනතේ උපලේඛනය (ආ) යටතේ පනවා ඇති සීමා කිරීම් සහ තහනම් කිරීම සඳහා යටත් වේ. රේගු ආඥා පනතේ උපලේඛනය (ආ) යටතේ පනවා ඇති සීමා කිරීම් සහ තහනම් කිරීම් වලට එරෙහිව යමින් යම් ව්යාපාරයක් කටයුතු කරන්නේ නම් මෙම නීති මාලාවට අදාළ වන ඕනෑම ව්යාපාරික ස්ථානයක් වෙත ඇතුළුවීමට සහ අවශ්ය පියවර ගැනීමට රේගු අධ්යක්ෂ ජනරාල් වෙත හෝ ඔහු විසින් බලය පවරනු ඕනෑම නිලධාරියෙකු වෙත බලය ඇත.” යනුවෙන්ද සඳහන් වේ

එබැවින්, ඉහත අති විශේෂ ගැසට් නිවේදනය යටතේ කුමන ආකාරයේ නිදහස් කිරීමක් තිබුනද මෙවැනි උපද්රවික අපද්රව්ය ආනයනය කරන සමාගම් වලට එරෙහිව රෙගු අධ්යක්ෂ ජනරාල් වරයාට තම රාජකාරිය ක්රියාත්මක කිරීමේ හැකියාව එම ගැසට් නිවේදනයේ 5 සහ 6 නියෝග යටතේ තිබේ.

ඒ නිසා හිතවතුනි BOI කාලාපයෙ ගුදම් පරික්ශාවට රේගු බලයක් නැතැයි කීමෙන් රේගුවෙ වගකීම අවසන් නොවේ.

එමෙන්ම, Hayleys Free Zone Ltd සමාගම හෝ වෙනත් සමාගමක් විසින් කරගෙන යන ඉහත සඳහන් ආකාරයේ සුළු පිරිසැකසුම් කර නැවත අපනයනය කිරීම සම්බන්ධ අන්තරාල වෙළඳාම” සහ “ශ්රී ලංකාව තුල බන්ධිත ගුදම් හෝ විවිධ රටවල් සංගෘහිත කිරීම් වැනි සැපයුම් සේවා සිදු කිරිම යන ආකාරයේ සේවා සපයන ආයතන ශ්රී ලංකාවේ බලපවත්නා ජාතික පාරිසරික පනතේ විධිවිධාන වලට ඍජුව යටත්වන බැවින්, ඔවුනට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමේ හැකියාව මධ්යම පරිසර අධිකාරියට ද තිබේ.

වාර්තා වන ආකාරයට මේ ජාවාරම ලෝකයට නිරාවරණය වන පලමු අවස්ථාව මෙය උවත් ලංකාවට කුණු ආනයනය කල පලමු අවස්ථාව මෙය නොවන බවත් හේලීස්ලා මෙහි එක්ස්පර්ට්ලා බවත් තතු දත්තො දනිති..

2015 සිට හේලීස්ලා ජාත්යන්තර කුණු ආනයනයනට කෙලින්ම අත ගසා ඇති බවට සාධක මේ වනවිට හෙලිවෙමින් ඇත..

තවද කන්ටේනර් 29 නැවත ප්රති අපනයනය කල බව කීවත් ඔවුන් එහි විස්තර නැවත ප්රති අපනයනය කල රටක් හෝ සදහන් කරන්නෙ නැත..

ආසන්න කාල සීමාවකදී ජා ඇල ඒකල ඉඩමක හදිසියෙ ගොඩ ගැසු කුණු තොගයක් නිසා ඇති වූ ආන්දෝලනය ඔබට මතක ඇතැයි සිතමි..

ප්රති අපනයනය කලාය කියන කන්ටේනර් 29 ලංකාවෙම බැහැර කරන්නට ඇති බවට සැක ඇතිවීම අරුමයක්ද?

හිතවතුනි සහෝදර සමාගම් දෙක කුණු නැවත uk වලට පටවා යැවීමෙන් සියල්ලො නිදහස් වීම කිසිසේත් නොවිය යුතුය.. එසේ අත පිසදා ගැනීමට මේ තක්කඩි රැලට ඉඩ නොදිය යුතුය.

එමනිසා මෙම අපද්රව්ය සායනික අපද්රව්ය බව ට රජයේ රස පරික්ශක විසින් තහවුරු කර වාර්තාවක් ලබා ගැනීම මේ අවස්ථාවෙ කල යුතු පලමු කාර්යයි..

මේවා සායනික අපද්රව්ය ලෙස තහවුරු කෙරෙන රස පරික්ශණ වාර්තාවකින් පසු මීට අදාල සියළු සමාගම් වල ට ජාත්යන්තර නීතීය උල්ලංඝනය කිරීමෙ නඩු පැවරීමට හැකිය..

නමුත් ඊට පෙර මොවුන් මේවා නැවත හැකි ඉක්මනින් ප්රවාහන ය කර සිද්ධිය යට ගැසීම වැලැක්වීමට නම් ගරු අධිකරණයෙන් පරික්ශණ අවසන් වන තුරු මෙම අපද්රව්ය යලි ප්රවාහන ය තහනම් කෙරෙන තහනම් ආඥාවක් ලබා ගත යුතුය.

දැන ගැනීමට ලැබෙන පරිදි සිලෝන් මෙටල් ආයතනය මේ වනවිට බුන්වත් සමාගමකි.. මේ අපද්‍රව්‍ය නැවත හරවා යැවීමෙදී ගෙවන්නට නියමිත මිලියන 600 ට වැඩි වරාය ගාස්තු ගෙවීමට අදාල සමාගමට මුල්ය හැකියාවක් පවතීද යන්නත් සැකයකි..

කෙසෙ වෙතත් මීට අදාල නීතී ක්රියාවලිය හැකි ඉක්මන් කල යුතුය..    මෙයින් පැන ගැනීමට මේ කිසිවෙක්ට ඉඩ නොදී බෙල්ල මුලින්ම අල්ලා හොඳ පාඩමක් ඉගැන්විය යුතුමය..

එතෙක් ශ්‍රී ලාංකික පුරවැසි අපට සැනසීමෙන් ජීවත් විය නොහැක!!

ආසියාවෙ ආශ්චර්ය වීමට දකින සිහිනය බොඳවී මේ රට එක එකාගෙ කුණු තිප්පලක් වීම ඉවසනු කෙසේ වත් නොහැක..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *