ආදරණීය සෝඩි … 01

පුලුවන් උනත් මම ඔයාව පහුකරන්නෙ නෑ . ඒත්…මම එනවද කියලා..හැරිල බලන්න සෝඩි .

මේ ලෝකෙ ජීවත් වෙන බොහොමයක් මිනිස්සු සතුටෙන් සහ දුකෙන් එක දෙයක් කරනවා. ඒ තමයි ”බලා හිඳීම” සමහරු කැමැත්තෙන්,සමහරු අකමැත්තෙන් බලා ඉන්නවා. කවුරු හරි වෙනුවෙන්…අඩුම තැපැල් කරුවා , කිරි ගේන වෙළෙන්දා..මාළු වෙළෙන්දා වෙනුවෙන්වත්,මේ විදියට බැලුවොත් අපි තේරෙන්න ගත්ත දා ඉදලම බලා ඉන්නවා නේද?
හැමදේටම සීමාවක් තියනවා තමා සෝඩි ..ඒත් සමහර දේවල් අසීමාන්තිකයි තේරෙනවද? ඉවසීමෙත්,සීමාවක් ඇති, බලා හිදීමෙත් ඇති. ඒත් ඉවසීමෙන් බලා හිදිල්ලට සීමාවක් නෑ සෝඩි

ඉන්දියානු සිනමා අධ්‍යක්ෂකවරයෙක් උන ”රිතේෂ් බද්‍රා” පහිගිය දවසක අපූරු චිත්‍රපටයක් අධ්‍යක්ෂනය කලා ” ද ලන්ච් බොක්ස්” නමින්. ඒ කතාවෙ ප්‍රධාන චරිත දෙක..ඒ කියන්නෙ ”සාජන් සහ ඉලා අතරෙ ලියුම් හුවමාරුවක් සිද්ද වෙනවා. එක අවස්ථාවක සාජන් ඉලා ට ලියනවා……………

”ඉලා මම දන්නවා කාටවත් ඊයෙ ලොතරැයියක් ඕන වෙන්නෙ නෑ”

ඔයාටත් එහෙම හිතෙනවද සෝඩි . ඒක හරි කියල හිතනවද. නෑ සෝඩි .ඊයෙ ලොතරැයියක.උනත්.අලුත් ඉලක්කම් තියෙන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා.සමහර විශ්වාසයන් පිනි බිංදු වගෙ උනත් සමහර විශ්වාස..සෙල් ලිපි වගේ සෝඩි

අරමුණු, ඉලක්ක,බිඳීම් විදවීම් සිනහව එක්ක ජීවිතේ තල්ලුවෙලා යනවා. ඔයත් මමත් අපි හැමෝමත්..ඔයා මට වඩා ඉස්සරහින් ගමන් කරනවා..පුලුවන් උනත් මම ඔයාව පහුකරන්නෙ නෑ .

ඒත්…මම එනවද කියලා..

හැරිල බලන්න සෝඩි

සුවෙන් නිදන්න…සුවඳ හාදුව
සුබ රාත්‍රියක්.
සදාකල්හිම දයාබර..

තාරා

 

තරංගනී දිල්රුක්ෂි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *