සමිබන්ධතා තර කර ගමු – මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි – 6

මිනිසාට තනිවම ජිවත්විය නොහකිය. ඔනම සමාජ සත්වයෙක්ට සි⁣තේ සතුට,දුක, වේදනාව ,තරහ,මේ ආදි සැම හොද නරක දෙයක්ම රදා පවතින්නේ මිනිසා සමිබන්ධතා පවත්වන අකාරය අනුවය.
සමහර දෙනාට සම්බන්ධතා පැවැත්විම ඉතා පහසුය.සමහර⁣ දෙනාට එය ඉතා අපහසුය.එ හැමට වඩා මිතුරන් ඇති කර ගැනිම පහසු වුවත් සමිබන්ධතා රැක ගැනිම ඉතා අපහසුය.

ජිවිත කාලය තුලම මිතුදමි ඇති කර ගැනිමටත්.එවා රැක ගැනිමටත් අප කල යුත්තේ කුමක්ද ?  එහි පලමු පියවර අපි තබමු. මිතුරන් සොයා යාමට වඩා අපි ළගම සිටින පුද්ගලයන් .අපට නිතර මුණගැසෙන අය දෙස බලන්න .මදක් සිනාසි ඔවුන් දෙස බලන්න .නිතර මුවග මදහසක් රදවා ගන්න .මොහොතක් සිතන්න අපි බස්රථයේ ,දුමිරියේ යන අවස්ථාවල අපි ළගම ඉන්න පුද්ගලයා දෙස නොබලා අපි කිවාරයක් ගමන් කර ඇත්ද?ඔවුනුත් බියෙන් ලැජ්ජාවෙන් ඔබ දෙස නොබලනවා විය හැකිය
එම නිසා. පලමු පියවර ඔබ  මුහුණ දෙස බලා සිනාසෙන්න.

අපි එකිනෙකාට විශ්වාස ය හා සැහැල්ලු විම තුල අප කෙරේහි අනිත් කෙනාගේ සිතෙ විශ්වාසය ගොඩ නැගේ.සැම මනුස්සයෙක්ටම ගරු කරන්න .අචාරශිලි වන්න.සැම විටම ප්‍රසන්නව අන් අය දිහා බලන්න .

නිතර තමන්ගෙ කරදර ප්‍රශ්න මිතුරන්ට නොපවසන්න.එය ඔවුන් කරුණාවෙන් අසා සිටියත්.නිතර නිතර එවා ඔවුන්ට පැවසිම හිසරදයක් බවට පත්විම වැලැක්වීය නොහකිය.

මිතුරන් කල හොද වැඩ නිතර පැසසුමට ලක් කරන්න .එ. සදහා ඔබේ සතුට ආදරය පල කරන්න .
අවශ්‍ය තැන් වල ඔවුන් ප්‍රශංසාවට ලක් කරමු.
දෝස් තැබිමි විවේචන බොහො සමිබන්ධතා බිද වැට්මට හේතුවකි.

අන් අය උනන්දු වන දෙවල් සොයා බලන්න එ පුරුද්ද ඔවුන් සමග කතා කිරිමට ඇවැසි දෙවල් පෙලගස්වා දෙනු ඇත.

සතුට්න් සිටිම බෝවන දෙයකි.එ නිසා හැමවිටම සුබවාදී වන්න.ඔබගේ සතුට අන් අයට බෝකරන්න.එවිට බොහෝ අය ඔබේ සතුට ප්‍රියකරනු ඇත.

රහස් රුකිමට පුරුදු වෙන්න .තව කෙනකුට එය වැදගත් වුවත් තව කෙනකුගේ දෙයක් වෙනත් පුද්ගලයකුට පැවසිම නරක පුරුද්දකි.එ නිසා මිතුරන්ගේ රහස් රකින්න.එවිට අන් අයද ඔබව විශ්වාස කරනු ඇත.

අන් අයගේ දුක් කරදර ලග අවංකව එ ගැන උනන්දු වන්න. එ ගැන සොයා බලන්න .උදවි කරන්න .එය ඔවුන්ට මහත් දෙයකි.

නිතර අපේ ඇසින් නොබලා අන් අයගේ දෙනතින් ඔවුන් දෙස බලන්න පුරුදු වෙන්න ඔවුන්ගේ සපත්තුවට බහින්න පුළුවන් හැම විටම.ඔවුන් කියන දෙයට ඇහුම්කන් දෙන්න .ඔවුන්ගේ අදහස් සිතුම් පැතුමි අගය කරන්න .

මිනිසාගේ මුලික මානසික අවශ්‍යතාවයක් වන්නෙ තමා වටිනා පුද්ගලයෙක් බව දැනගැන් විමයි.ඔවුන්ට එම වටිනාකම දුන් කල. ඔබට පෙරළා සතුට කරුණාවෙන් පිරුණ දැත් දිගු වෙනවා ඇත….

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *