රනිල් ජනාධිපති සටනට එන බවට ඉඟියක් ..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන තලයේ විවිධ මති මතාන්තර ප්‍රචාරය වෙමින් පවතින අතර තුර අද ( 09) අරලියගහ මන්දිරයේදී පැවැති පළාත් සභා හා ප්‍රා දේශිය සභා මන්ත්‍රීවරුන්ගේ හමුවකදී මෙවර ජනාධිපතිවරණයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවට වන ඉඟියක් ඔහු විසින් අදාළ රැස්වීම හමුවේ ප්‍රකාශ කොට ඇති බව වාර්තාවේ.අදාළ ඉඟිය තහවුරු කිරීමට සභාව අමතමින් කතා කළ ඇමති වජිර අබේවර්ධන විසින්ද එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තම පක්ෂයේ නායකයා බවට වන හෙළිදරව් කිරීමක් කොට සිටියේය.

දේශපාලන පොර පිටිය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ මතවාද මතු වෙද්දී එහි එළියේ රඟ දක්වන ජනාධිපති අපේක්ෂකයා බවට සජිත් ප්‍රේමදාස බවට ඔහු විසින් හා ඔහු වටා සිටින පිරිස් විසින් ප්‍රචාරණය ක්‍රියාත්මක වෙද්දී පක්ෂයේ නායකයා මෙලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් වන හෙළිදරව්ව එජාප පක්ෂිකයන්ට මෙන්ම සජිත් පිළටද විශේෂිත කරුණක් වන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *