ජනාධිපතිතුමාගේ හජ් සුබ පණිවිඩය

වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් පැවැත්විය යුතු බැඳීමේ මහිමයේ පුළුල් ආදර්ශයක් හජ් උත්සවයෙන් සැපයෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හජ් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විශ්වාසය, උපවාසය, පරිත්‍යාගය නැමදීම හා හජ් වන්දනාව යන පංචවිධ සාධක පාදක කොටගෙන පවත්නා ඉස්ලාම් දහම මනුෂ්‍යත්වය හා දේවත්වය අතර පවත්නා උත්කෘෂ්ඨ බන්ධනය විචිත්‍රාකාරයෙන් දනවන අවස්ථාව මෙය බවත් ජනපතිවරයා පවසයි.

ලොව නන් දෙසින් පැමිණෙන ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මෙම උත්සවය මඟින් ලැබෙනුයේ අන් සියළු ආගමිකයන් සමඟ සමානාත්මතාවයෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණයක් බව ද ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් දන්වා ඇත.

මෙරට හා සියලු ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට උතුම් ඊදුල්-අල්- හා උළෙලක් වේවායි ජනාධිපතිවරයා සුභාශිංෂණ එකතු කරයි.

 

 

(ADADERANA)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *