වෙල්ගමට පිටු පා ගෝඨා වැඩට බසී!!!

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය අදහස් පළ කළේ මෙසේය.

චමල් රාජපක්ෂ

අද පළවෙනි වෙඩි මුරය පත්තු වුණා. ඒක තමයි එයාගෙ වාසනාව.

බන්දුල ගුණවර්ධන

බහුතර ජනතාව ඒකමතිකව, අපේ රට රකින්න, අපේ රටේ අනාගතය ගොඩනගන්න, ජාතික වගකීම ඉෂ්ඨ කළ හැකි එකම නායකයා වශයෙන්, ජනාධිපති අපේක්ෂකයා වශයෙන්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නම් කිරීම අපේ රටේ ඓතිහාසිකම දිනය ලෙස තමයි නම් වෙන්නෙ.

විමල් වීරවංශ

රට ඉල්ලපු දේ වුණා. අපි කියපු දේ වුණා. ඒක තමයි රටට ඕන. ජයග්‍රහණය නියතයි. ඒ වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න මේ රටේ ජනතාව සූදානම්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමජිකයින් දැක් වූ අදහස්

අනුර ප්‍රියදර්ශන යාපා

ලංකාවේ ඉදිරිය පිළිබඳ ඉතාමත්ම තීරණාත්මක ප්‍රකාශයක් ඔහු කෙරුවා. රට කොහොමද ගෙනියන්න ඕන කියලා. මෙවැනි ප්‍රකාශයක් අපි හිතන් නෑ මෑත කාලයේ කිසිම අපේක්ෂකයෙක්ගෙන් අපි අහලා තියෙනවා කියලා.

සුසිල් ප්‍රේමජයන්ත

මම හිතන්නෙ අද රටේ ඉතිහාසයට ඉතා වැදගත් දවසක්. ඒ වගේම මේ රටේ මෑත ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක්. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාව සියළුම ජන කොටස් ආමන්ත්‍රණය කළා. එතුමා යමක් කරලා තවත් යමක් කරලා මෙතනින් රට තවත් ඉදිරියට ගෙන යෑම ගැන කතා කළා. කරන්න බැරි දේවල් කියලා නැහැ.

සරත් අමුණුගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි තීරණයක් අරන් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපේ සියලු සහයෝගය ලබා දෙන්න.

එස්.බී.දිසානායක

ශ්‍රී.ල.නි.ප.ය නොගියත් එස්.බී. දිසානායක යනවා පොදු ජන පෙරමුණට සහයෝගයට. අපි හිතන්නෙ මේක මේ වෙලාවේ ජාතික වගකීමක් කියලයි.

කෙසේ වුවද මාධ්‍ය වෙත අදහස් පළ කළ ශ්‍රී.ල.නි.ප‍.යේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේ, පක්ෂයකට විනයක් තිබිය යුතු බවත් විනය කඩ කරමින් ප්‍රකාශ නිකුත් කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ක්‍රියාත්මක කරවන බවත්ය. එම පිළිබඳව වැඩිදුර අදහස් දැක් වූ දයාසිරි මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“දැන් පොහොට්ටුවෙ කෙනෙක් අපේ රැස්වීමකට ආවොත් කෙළින්ම පහුවදා ගෙදර. වෙල්ගම මහත්මයා බදුල්ල දිස්ත්‍රික් නායකයා. එතුමා ශ්‍රී.ල.නි.ප. පවත්වපු රාත්‍රී පිරිත් දේශනයට ආවා. පහුවදා මොකද කළේ,? පහුවදා උදේ එයාව අයින් කළා දිස්ත්‍රික් නායක කමින්. ඔන්න වැඩපිළිවල…“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *