මම මිතුරන් ඇසුරු කරන්නේ දේශපාලන මතයේ ඉදන් නෙවෙයි. – ශෂී හෙට්ටි ආරච්චි

මේ දවස්වල හරියට ජනප්‍රියයි නේ …. ? මොකද්ද ඒ ඡායාරූපයේ කතාව ?

ඔය ඡායාරූපය නම් අවුරුදු 3ක් පමණ පරණයි තරුණ සේවා සභාවේ වත්මන් සභාපති එරන්ද වැලිඅංග සහෝදරයාගේ විවාහය දවසේ හරිම අහම්බෙන් කැමරා කාචයේ සටහන් වුන පින්තුරයක්. ඒක මම ආසම ඡායාරූපයක්. මේ ලඟදි අගමැතිතුමාගේ මාධ්‍ය අංශයේ කෙනෙක් තමන්ගේ පෞද්ගලික ගිණුමට එකතු කරලා තිබුනා. ඒක එතනින් තමයි ජනප්‍රිය වුනේ. පුංචි අඩම්බරයක් තියෙනවා වත්මන් අග්‍රාමාත්‍යවරයා එක්ක ඉන්න පින්තුරයක් නිසා. ඒක එහෙම හැමෝටම ලැබෙන ඡායාරූපයකුත් නෙවෙයිනේ. එයට විවිධ රස පද එකතු කරලා මේ දිනවල අන්තර් ජාලය පුරාම යනවා.. මම ඒ සියල්ලට ආසයි.. ඉතා රස පද එකතු කරලා යන පින්තූර  දැකල හිනා වෙන එකමයි මේ දවස්වල මගේ වැඩේ… ( සිනාසෙමින් ) Image may contain: 2 people, people smiling, textImage may contain: 2 people, people smiling, text

 හිතෙන්නේ නැද්ද දේශපාලනයට ආවා, කල් වැඩියි කියල..? මොකද තවම නව යොවුන්වියේ ඉන්න තරුණියක් විදියට ජීවිතයේ නිදහස මේ නිසා ඇහිරෙනවා කියල හිතෙන්නේ නැද්ද ?

මම හිතනවා, වැඩ කරන්න ජවය තියෙන කාලේ තමයි දේශපාලනයට එන්න ඕනේ. රටට වැඩක් කරන්න පුලුවන් එතකොට. නිදහසක් නම් ඇත්තටම නෑ දේශපාලනය, උසස් අධ්‍යාපන කටයුතු, රුකියාව, සමාජ සේවය එක්ක බලද්දි නිදහසක් කියලා දෙයක් නෑ. නමුත් මම සියල්ල කරන්නේ සතුටින් මම හිතනවා තරුණියක් විදිහට මම, මගේ රට වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් යුතුකම කරනවා කියලා

 දේශපලානයට පිවිසීමේ පදනම සහ හුරුව කොහෙන්ද ලැබුනේ ?

පුංචි කාලේ ඉදන්ම දේශපාලනයට එන්න ආස කලා. සීයා හිටපු ඇමැතිවරයෙක් ⁣අම්මා තාත්තා හොද දේශපාලන ක්‍රියාකාරින්, මම පුංචි කාලේ තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ රටේ ජනාධිපතිනිය වුනේ. ඒ චරිතය දකිනකොට පුංචි කාලේ ඉදන්ම දවසක එතනට එනවා කියලා හීනයක් තිබ්බා, හැබැයි මම මගේ දේශපාලන පදනම අන්‍යතාවය තනියම ගොඩනඟාගත්ත එකක්, මම කාගෙවත් නමකින් නමක් ගොඩ නඟා ගෙන නෑ.

 තරුණියක්, සමාජ ක්‍රියාකාරිණියක් .. මේ වැඩ අස්සේ … පත පොත කියවීම් වගේ දේවල් කරනවාද ? විශේෂයෙන් දේශපාලන දැනුම සම්බන්ධව හැදැරීම් ?

පොත් පත් කියවිම මම ආසම දෙයක්. මම විවිධ පැති නියෝජනය වන පොත් කියවනවා චරිත කතා කියවන්න මම හුඟක් ආසයි. ගමන් යන එන අතරතුර කරන්නේම පොත්පත් කියවීම වසර ගණනාවක ඉදන්ම පොත් ප්‍රදර්ශනයේදි විශාල පොත් ප්‍රමාණයක් ගන්නවා, කියවිම සඳහා. විවිධ විෂයන් පිළිබඳව පුවත්පත්වලටත් ලියනවා මව්බිම යං අතිරේකයේ නාරිකුංජරයට මම ලිපි 20 පමණ ලිව්වා කාන්තාවගේ විවිධ පැතිකඩවල් ගැන, දැන් වෙනත් පුවත්පතකට ලියන්න සුදානමින් ඉන්නවා. ඒ වගේම මම පලාත් පාලනය පිළිබද ආයතනයේ පලාත් පාලන හා නියෝජනය ගැන පළමු ඩිප්ලෝමාව අවසන් කරලා දෙවන එක අරම්භ කළා උපාධියට දේශපාලනය විද්‍යාව විෂයක් විදිහට හදාරනවා උපාධිය අවසන් වු සැනින් නීතිවේදි උපාධියත් කරනවා.

සරල ප්‍රශ්නයක් අහන්නම් සම්මුඛ සාකච්ඡා මැද්දේ දැනුම පරීක්ෂා කරනවා කියල හිතන්න එපා .. ඒත් මෙවැනි මැන බැලීම් ඔබගේ චරිතයට උදව් වේවි .- ආණ්ඩුව හා රජය යනු දෙකක්ද එකක්ද ?

සාමාන්‍ය අර්ථයෙන් රජය හා ආණ්ඩුව වශයෙන් කතා ව්‍යවහාරයේදී එකක් ලෙස හැදින් වුවත්, රජය යනුවෙන් හදුන්වන්නේ ව්‍යවස්ථාදායකය, අධිකරණය, හා විධායකය පදනම්ව ගොඩ නැගුණු මූලික ව්‍යුහයක් තුළ වන ආයතනයක්. රජය තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු අංශ සැලකෙන්නේ භූමිය, ජනගහනය, ආණ්ඩුව හා ස්වාධිපත්‍යයයි.

ආණ්ඩුව කියන්නේ රජය ඇතිවීමෙන් පසු ඇතිවූ ආයතනයක්. එනිසා ආණ්ඩුවක් නොමැතිව වුවද රාජ්‍යයක් තිබිය හැකියි. එසේම ආණ්ඩුවේ ස්වභාවය තීරණය කරන්නේ රජයේ දේශපාලන දෘෂ්ටිය විසින්.

 ඔබ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක්. එම පක්ෂයේ පදනම වෙන්නේම ධනවාදී ප්‍රතිසංස්කරණ ලංකාව තුළ ක්‍රියාත්ම කරමින් ධනවාදී රාජ්‍යයක් නිර්මාණය කිරීම.. නමුත් එම ප්‍රතිපත්ති අවුරුදු 70ක් තරම් ඉතිහාසයක් පාලන බලය විවිධ අවස්ථාවන් හිදී දරලත් ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා .. අපි තවමත් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක් ..ඒ අනුව එජාපය ලංකාව තුළ අසමත් පක්ෂයක් කිව්වොත්

එජාපය අසමත්ම කියලා අපිට කියන්න බෑ. මේ රටට පවතින වැඩ කරලා තියෙන පක්ෂය එජාපය, එක අවිවාදයෙන් පිලිගත යුතුයි අපි පක්ෂයේ ප්‍රතිපත්ති ගැටලු තියෙන්න පුලුවන් 100% සාර්ථක පක්ෂ දේශපාලන තලයේ නැ අනිත් පක්ෂ එක්ක බලද්දි එජාපය අතිසාර්ථකයි, ඉදිරියට පක්ෂය බාරගන්නේ අපි වගේ තරුණ තරුණියන් යම් වෙනස් කම් වෙයි ඉදිරියට

Image may contain: Shashi Hettiarachchi, standing
ඔබ රනිල් වික්‍රමසිංහ නායක තුමා සම්බන්ධයෙන් වඩා පැහැදීමක් තිබෙන මන්ත්‍රීවරයක්.. හිතෙන්නේ නැද්ද එතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය හෝ දේශපාලන ප්‍රතිපත්තිය අනුව ලංකාවේ මහ පොළොව කියවා නැති ස්වභාවයක් තියෙනව කියල .. ?

රනිල් වික්‍රමසිංහ මහතා මට වයස අවුරුදු 2පමණ තමයි පක්ෂ නායකත්වය පත්වුනේ මම කුඩා කල සිටම එතුමාව කියවා තිබෙනවා. අද වෙද්දි මම එතුමා ය⁣ට⁣තේ මන්ත්‍රිවරියක් වෙලා ඉන්නවා.

රනිල් වික්‍රමසිංහ කියන චරිතය මිනිස්සු එක්ක මුහු වෙනවා අඩුයි. අනිත් නායකයෝ එක්ක බලද්දි නමුත් එතුමා ඉදිරිය ගැන හිතලා සැලසුමක් ඇතිව කරන කෙනෙක්. උදාහරණයක් විදිහට තරුණ සේවා සභාව එතුමා පිහිටුවේ අද වේද්දි තාරණ්‍යයට කොච්චර සෙවයක් වෙනවද? එතුමා මහ පොළොව කියවා නෑ කියන්න බෑ එතුමා නිහඬව නිවැරදිව ඉදිරිය දකිනවා කියන්නයි මගේ හැඟීම.

තරුණියක් ලෙස ඔබ සමාජය කියවා ගත් විදිය හා ඔබගෙන් තරුණ ප්‍රජාවට ඉටු කරන්න නියමිත දේ සම්බන්ධයෙන් පැවසුවොත් ?

ලංකාවේ තරුණයන්ට හැමදාම තිබ්බ ගැටලුව තමයි නායකයින්ට ඇහුම්කම් නොදිම මුලිකම ඒ ගැටලුව විසදන්න ඕනේ .

ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඕනේ. රටේ තරුණයන් වෙනුවෙන් රැකියා ඉල්ලන් බොඩ් ඉල්ලන් ඉන්න තරුණ්‍ය රටක ආනගතය ඇත්තටම වැඩක් කරයිද ? අපි ⁣⁣මිනිස්සුනගේ ආකල්ප හා සංකල්ප ටික සංවර්ධනය කරන්න ඕනේ. වත්මන් තාරණ්‍ය ඕහේ ගලා යන තාරණ්‍යයක් බවට පත්වෙලා ඒක විචාර ශිලි බුද්ධිමත් තාරණ්‍යයක් බවට පත් කරන්න කැපවෙන්න ඕනේ.

 විවිධතා ඇති යහළුවන් යෙහෙළියන් ඇසුරු කරන්න වෙනවා මේ ධාරාවේ සමාජ ක්‍රියාකාරිනියක් විදියට .. ඒත් සාම්ප්‍රදායික දේශපාලන කියවන්නන් පක්ෂ අනුව භෙදී සිටිනවා මේ නිසාම සමාජ භාවිතාව හා අර මිත්‍ර පදනම් කළමාණාකරණය කරගන්න ඔබ සමත් වි ඇද්ද ?

මම මිතුරන් ඇසුරු කරන්නේ දේශපාලන මතයේ ඉදන් නෙවෙයි. අපිට කැමැති මතය දරන්න අයිතියක් තියෙනවා. අපි තෙරුම් ගන්න ඕනේ දේශපාලනය මිතුරුකම හා මනුස්සකම පටලවා නොගෙන වැඩ කරන්න. මට විවිධ පක්ෂ නියෝජනය කරන විවිධ ක්‍රේෂත්‍රවල විවිධ මට්ටම් වල යාලුවෝ ඉන්නවා මට දෙශපාලනය නිසා මිතුරු සම්බන්ධතා අහිමි වේලා නෑ. අපි මනුස්සකමට මුල් තැන දුන්නා නම් එහෙම ගැටලු එන්නේ නෑ ඇත්තටම.

ඇත්තම කියන්න ශෂී කියන්නේ කවුද ?

පොළොවේ පය ගහලා ජිවත් වෙන,මනුස්සකමට මුල් තැන දෙන සමාන්‍ය පුද්ගලයෙක්Image may contain: Shashi Hettiarachchi, smiling, sitting

ඉතිං අනාගත අරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වෙන්න ද ? ඔබ එසේ වෙනවා නම් ළාබාලම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරිය ඔබ.. මේ සදහා කුමන හෝ සැලසුමක් නැද්ද ?

ඇත්තටම එහෙම හීනයක් තියෙනවා. ඒ හීනය හැබෑ කරගන්න ඕනේ. විශේෂ සැලසුමක් නෑ. අපි මිනිස්සු අතර ජිවත්වෙන්න ඕනේ අපිව පත්කරන්නේ ජනතාව නියෝජනය කරන්න ජනතා සේවය නිසි ආකාරයෙන් කරා නම් අපේ යුතුකම් ටික හරියට කළා නම් විශේෂ සැලැසුම් අවශ්‍ය නෑ. ජනතාව නිසි තැන අපිව ඔසවා තබයි.

අවසන් වශයෙන් කියන්න ඔබ ගෙවා දැමූ දේශපාලන ක්‍රියාකාරී සීමාව හා ඉදිරිය සම්බන්ධයෙන් තෘප්තිමත්ද නැතිනම් මේ ක්‍රමයේ වෙනසක් දැකිය යුතුද ?

මම යම්තාක් දුරට තෘප්තිමත් නමුත් වෙනස්කම් බොහොමයක් කරන්න කරන්න අවශ්‍යයි පුංචි කලකිරීම් නැතිවාම නොවේ, ප්‍රාදේශිය දේශපාලනය ඉදන් ජාතික දේශපාලනය එද්දි තියෙන මාර්ගය කටුකයි මොකද දේශපාලනය තුළ අපි වගේ උගත්කමට මුල් තැන දෙන පිරිසක් හා අවිනීතිය රජකරන අයද මේ තලයේ ඉන්නවා. ඒ අය එක්ක හරි අමාරුයි නමුත් මම විශ්වාස කරනවා සුදුස්සාට සුදුසු තැන ලැබෙයි කියලා.

 

 ගැහැණියකට සම්මත වූ අදින පළදින විලාසයක් ලංකාව වගේ ආසියාතික රටක සාම්ප්‍රදායිකත්වයෙන් ටැග් එකක් හදල තියෙනවා. ඔබ අදින්නේ බොහෝ විට කොල්ලෙකුගේ ඇදුම්විලාසිතාවන්. මේ දේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ කුමක්ද?

මම මගේ පවුලේ එකම දරුවා. මට කවදාවත් ඇඳුම් පැළදුම් ගැන ගෙදරින් බාධාවක් තිබිලා නෑ. අප්පච්චි හැමදාම කියුව්වේ හිතින් පිරිමියෙක් වෙලා හයිය අරං වැඩ කරන්න කියලා. මම අවශ්‍ය අවස්ථාව අනුව වෙනස් වෙනවා රස්සාවට යද්දි සාරිය අදිනවා. සභාවට යද්දි උඩරට විදිහට අදිනවා. මේක මගේ පෞද්ගලික කැමැත්ක එකට කාටවත් අභියෝග කරන්න බෑ. මම හිතනවා මගේ විලසිතා කාටවත් හානියක් කරලා නෑ කියන එක.
ඇත්තටම මේක මගේ නිදහස. මම සලකන දෙයක් තමයි. මූලික මිනිස් නිදහස අතර මිනිහෙකුට ගැහැණියකට තමන්ගේ අභිරුචිය පරිදි ඇදුම් ඇදීමේ නිදහස තිබිය යුතුයි. මේක මානව නිදහසක්. ඇයි මිනිස්සු එක එක තැන්වල හිර වෙන්නේ.? කවුද ගැහැණියගේ ඇදුම් විලාසිතාව තීරණය කළේ.. ඇයි එහෙම තීරණය කරන්නේ … නෑ මේක මානව නිදහසක්.. කෙනෙකුට අදාළ ඇදුම් විලාසිතාව තීරණය කළ යුත්තේ තමන් විසින්මයි.. එය වෙන කාටවත් තීරණය කරන්න බෑ.. මේකෙන් කියන්නේ නෑ මම අර සාම්ප්‍රදායිකත්වයට ගරහනව කියල.. ඒත් මම මූලිකවම ගරු කරන්නේ මානව නිදහසට .. ඒ නිදහස ලෝකයේ බිහිවන සෑම කාන්තාවකටම තිබිය යුතුයි.. තමන් සම්බන්ධයෙන් තීරණ ගැනීම තමන්ට අදාළ දෙයක් ලෙස ..

සංවාද සටහන – තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *