ඇමරිකාවේ කනට වැදුණු ශවේන්ද්‍රගේ හමුදාපතිකම – තහංචි පෝලිමක් එයි..

හමුදාපති පත් කිරිම සම්බන්ධයෙන් ඇමරිකාවෙ පශ්චාත් භාගයේ ඉත්තෑවෝ දුවන්න පටන් ගෙන තිබේ. ඒ අනුව හමුදාපති පත් කිරිම සම්බන්ධයෙන් ක්ෂනිකව විශේෂ නිවේදනයක් අමෙරිකාව නිකුත් තිබේ.

වසර 10ට වඩා පැරනී යුද්ධයක් සම්බන්ධයෙන් තවමත් මානව හිමිකම් ගැන කතා කරන අමෙරිකාව අනුන්ගේ ඇහේ තිබෙන ඉදිකටුව ගැන සොයමින් සිටින්නේ ඇමරිකාව විසින් සිදු කරන මානව හිමිකම් උල්ලංඝණය කිරිම් ගැන මීක් නොකියාය.

බල තන්හාව වෙනුවෙන්, තෙල් ආකර වෙනුවෙන්,ලෝකය ආක්‍රමණය කිරිම සදහා භූමි අවශ්‍යතාවය වෙනුවෙන් කරන විනාශ ගැන මානව හිමිකම් ගැන කතා කරන්නේ නැත. සිරියාව, ලිබියාව සෞදිඅරාබිය වැනි රටවලට කළ විනාශය සම්බන්ධයෙන් කතා කරන මානව හිමිකම් සංවිධාන සොයාගැනීමට පවා නැත.

ශ්‍රී ලංකාව සතු භූගෝලිය පිහිටිම නිසා වසර ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව ආක්‍රමනය කිරිමේ උවමනාව අමෙරිකාව සතු බව නොරහසකී. එපමණක් නොව ලෝකයේ අන්තවාදී ත්‍රස්තයන් පෝෂණය කරන්නේ අමෙරිකාව බවට චෝදනා එල්ල වී තිබේ. අන්තවාදී සම්බන්ධොකම් හරහා විවිධ රටවල යුදමය වාතාවරණයන් නිර්මාණය කරමින් එම රටවල් වලට ඇතුලු වීම ඉන් අනතුරුව අක්‍රමණය කිරිම අමෙරිකාව ගෙන යන කූට උපක්‍රමයක් බව මුලු මහත් ලෝකයක් දනී.

ශවේන්ද්‍ර සිල්වා පත් කිරිම සම්බන්ධයෙන් ඉත්තෑවෝ දුවන්න පටන් ගෙන ඇත්තේ අමෙරිකාව විසින් ක්‍රියාත්ම කරන කූට උපක්‍රමය දියත් කර ගැනීමට අමෙරිකාවට හැකියාවක් නොලැබෙන නිසාය. LTTE සංවිධානය පෝෂණය කල රටවල් අතර ප්‍රමුඛස්ථානයක් හිමි වන්නේ අමෙරිකාවටය. ත්‍රස්ත සංවිධානයක් යුධමය වශයෙන් අවසන් කිරිම අවසන් මොහොතේ කඩාකප්පල් කිරිම ව්‍යාප්ත වීමත් සමග හමුදා නිලධාරීන් හට යුධ චොදනා එල්ල කිරිමට අමේරිකාව කටයුතු කලේය.

හමුදාපති වශයෙන් ඔහුට විදේශ ගමන් යෑමට නොහැකි නම් ඔහු වෙනුවට නියොජිතයකු යැවිමේ හැකියාව තිබේ.ඇමරිකාවට ඇතුල් වීමට හැකියාවක් නොමැති නම් හමුදාපති වශෙයෙන් ඔහුට යාමට හැකි රටවල් වලට ඔහුට යාමට හැකියාව තිබේ.

යුධ සමයේ හිටපු ආරක්ෂක ලේකම් යුද්ධයෙන් පසු වාසය කලේ අමේරිකාවේ ය.එපමනක් නොව ඔහු අමෙරිකානු පුරවැසියෙකි.එහෙත් ගොඨාභය රාජපක්ෂලාට,මහින්ද රාජපක්ෂලාට මානව හිමිකම් චොදනා එල්ල වී නැත.විදේශ රටවල් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න සදහා අත පෙවිම කිසි සේත් අනුමත කල නොහැකිය. අද දින පත් වු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් පෙනි සිටිම සමස්ත ජනතාවගේම වගකීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *