අයි.ටී.එන් අත්පත් කර ගැනීමේ පොහොට්ටු මෙහෙයුමක්

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනයෙහි බලය ඩැහැ ගැනීමට පොදුජන පෙරමුණ විසින් දියත් කොට ඇති වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවේ. පවතින දේශපාලනික තත්වයන් තුළ පොදු ජන පෙරමුණ විසින් ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය තමන් යටතට ගැනීම සදහා උපක්‍රමයන් යොදවා ඇති අතර ජාතික රූපවාහිනියේ පසුගිය දා සිදුවූ සභාපතිනිය ඉවත් කර ගැනීම සදහා වන සැලසුමේ යට සිට ඇත්තේද මේ පිරිස බවට තොරතුරු වාර්තා වී තිබේ. පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් ස්වාධීන රූපවාහිනී ආයතනය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සදහන් කොට ඇත්තේ ස්වාධීන රූපවාහීනි ආයතනයේ මූල්‍ය තත්වයන් සම්බන්ධයෙන් හා එහි වගකීම දරණ ඉහල තනතුරු සම්බන්ධයෙන් බරපතල දූෂණ තත්වයන් වාර්තා වී ඇති බවයි. එසේම එම පත්කිරීම් නීත්‍යනුකූල නොවන බවත් කළමණාකාරීත්වය ජනාධිපතිවරයාගේ අත්නෝමතික භාවය හා මුදල් ඇමතිවරයා ජනමාධ්‍ය ඇමතිවරයාව සිටියදී ඔහුට හිතවත් පරිදි පත්වීම් ලබාදී මෙය මෙහෙයවමින් පවතින බවත්ය.

මෙම චෝදනා පිටුපස ක්‍රියාත්මකව ඇත්තේ කෙසේ හෝ පවතින ආණ්ඩු බලය තිබියදී වුවත් රාජ්‍ය ජනමාධ්‍ය ආයතන තමන් යටතට හෝ තම හිතවතුන් පිරිසක් යටතට ගෙන ක්‍රියාත්මක කිරීමට වන අතර ඒ සදහා මෙවැනි ප්‍රයත්නයන් අනුගමනය කිරීමක් සිදුවන බවත්ය.

පොදු ජන පෙරමුණට හිතවත් ස්වාධීන රූපවාහිනී ආයතනයෙහි කටයුතු මෙහෙයවන පිරිසක් විසින් විවිධ දූෂණ අක්‍රමිකතා මවා පෙන්වා. එසේ නොමැතිව පවත්වාගෙන යන ආයතනයකට කඩා වැදීම හෝ වියවුල් කිරීම ඔවුන්ගේ සැලසුම වී ඇති බවටද තොරතුරු වාර්තාවේ.

මේ වන විට ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති තුමිය විසින් ගෙන යන වැඩපිළිවෙල ඉතා කාර්යක්ෂම හා නිවැරදි කළමණාකරණයකින් යුතු වීම මත ඔවුන්ට පෙන්වාදීමට තරම් දූෂණයක් හෝ වංචාවක සාක්ෂියක් නොමැති බැවින් මෙවැනි නන් දෙඩවීම් සිදුකරන බවද ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවකයින් අනාවරණය කොට සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *