කටුපොල් වගාවට එරෙහිව සටන් වැදි චන්ද්‍ර ජෝති හිමි අත්අඩංගුවට ගනී.

ගාල්ලේ ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරික සමාගම් විසින් සිදුකරන කටුපොල් වගා ව්‍යාප්තියට එරෙහිව අරගල කළ අඳුරත්විල චන්ද්‍ර ජෝති හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

කටුපොල් වගාකරන ආයතනයක් ලෙස ආර්පිකෝ සමූහ ව්‍යාපාරයේ නමුනුකුල ප්ලාන්ටේෂන් සමාගම් බලධාරින් විසින් කළ පැමිණිල්ලකට අනුව, ඒ හිමියන් අත්අඩංගුවට ගෙන අද ( 27) දහවල් බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු සැප්තැම්බර් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පරිසර හානිය සලකා කටුපොල් වගාවට අවසර නොදෙන බව දේශපාලනඥයින් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද විවිධ ව්‍යපාරික සමාගම් අනවසරයෙන් හා හොර රහසේ කටුපොල් වගාව ව්‍යාප්ත කරමින් සිටී. මේ නිසා පාරිසරික ගැටලුවලට මුහුන දෙන ගාල්ල, මාතර, කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල ජනතාව, පසුගිය කාලය පුරා පරිසරවේදින්, කටුපොල් වගාවන්ට එරෙහිව උදඝෝෂණ ආරම්භ කළහ. ගාල්ල ප්‍රෙද්ශයේ කටුපොල් වගා ව්‍යාපාත්යට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ කළ ජනතාව සමග චන්ද්‍ර ජෝති හිමි ඉදිරියෙන්ම සිටි අතර ඒ අනුව සමාගම් විසින් කළ පැමිණිල්ලකට අනුව ඒ හිමියන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *