ඔබට ඇවැසි නිවන හෝ අපාය ද යන්න තොරාගත යුත්තෙ ඔබමය – මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි – 7

බොහෝ මිනිස්සුන් ජිවිතය ගතකරන්නන් ඔවුන් තුල ඇති අඩුපාඩු , නැති බැරිකමි ගැන සිත පුරවා ගත් සිතුවිලි වලින්ය. ජිවිතය හොදින් ගත කර ගන්න ඇවිසි දේ තිබුනත්. ඒ සියල්ල අභිබවා එන්නෙ අඩුපාඩු. දකින්නට ඇති දේ නොව නැති දෙවල්මය.  සතුටුවිය යුතු අවස්ථාව මගහැර.තමා සතු දේ පසකලා අන් සතු දෙවල් ගැනම සුසුම් හෙලයි. එවිට මනසට එවා ගැන ඉරිසියා ඉබේම හට ගනි. මිනිසා සිතන්නෙ යම් සේද, අනාගතයේදි ඔහුට එ ස්භාවයම එ අකාරයටම වේ යැයි ආප්තෝපදේශහි ද සදහන්වේ.

ඒ නිසා අපේ සිතුවිලි පාලනය කරගැනිමට. වෙනස් කර ගැනිමට ඇවැසි ශක්තිය අප සතු බව අමතක කල යුතු නැත .

ඔබගේ පාලනය ඔබ වෙතම බාර දි ඇත. ඔබේ ජිව්තයේ වගකිමි භාර වන්නෙත් ඔබටමය.එය කාටවත් බාර දි පැත්තට විය නොහකිය. අපගේ ජිවිත වල ආලෝකය අඩු වැඩි කිරිමි වලට අපේ සිත මුලික වෙනවා. අප සිතන දේ අපි නිතර කල්පනා කරනවා. එවිට ප්‍රයෝගික එයම අපට ලැබේනවා.

⁣හොදින් කල්පනා කර බලන්න නිතර අසනිප වලට බිය පුද්ගලයෙක් ගැන. ඔහුත් නොදැනවුවත්වම බොහෝ වේලාවට එම රෝග ලක්ෂණ මතු වෙනවා.එ වගේම නිතර පරාජයට බයෙන් සිටින කෙනෙක් පරාජය විමේ සම්භාවිතාව වැඩියි. ඒ හැමටම මුල් වන්නෙ සිතේ ඇතිවන සිතුවිලිය.

අරමුණු වලට ළගා විමේ ප්‍රබල බව අපි විශ්වාස කරන්නේ අපේ සිතුවිලි ශක්තිමත් බවෙන් අරමුණු ද සාර්ථක කරගත හැකි වෙනවා

පර්යෙෂණ වලින් හෙලිවු සත්‍යයක් වුයේ කෙනකුගේ යහපත් ශාරිරික තත්වයන් කෙලින් ඔහුගේ යහපත් සිතුවිලි වලට. බලපාන බවයි.

ඔබට ඇවැසි නිවන හෝ අපාය ද යන්න තොරාගත යුත්තෙ ඔබමය. මේ සදහා. ඔබට ඔනැකම තිබිය යුතුමය. අවශ්‍ය දේ ළගා කර ගැනිමටත්. අනවශ්‍ය දේ බැහැර කිරිමටත් අපිට ශක්තිය අවශ්‍යය.
ඉහිරුණු කිරට නොහඩවා මැසිවිලි නොනගා අපේ මනස පාලනය කරගෙන සන්සුන් කරගැනිමේ හැකියාව ඇත්තෙ අපටමය.
ඔබ හැකි හැමවිටම දෙහි ගෙඩියක්. උගුරැස්ස ගෙඩියක් වන්න. මන්ද එහි ඇති ප්‍රණිත රසය යුෂය එළියට එන්නෙ තැලි පොඩි වු විට පමණි.

….සද..
ස්වර්ණමාලි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *