කරූ පෙන්නා චම්පික ජනාධිපතිවරණයට – සජිත්ට විනය පරීක්ෂණ

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය මේ වන විට දැඩි අර්බුදයක පවතින තත්වයක් යටතේ නායකත්වය විසින් එළඹෙන පළමු වෙනිදා කරූ ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම සිදුකිරීමටත්, අනතුරුව නාමයෝජනා ලබාදෙන අවස්ථාවේදී ජනාධිපතිවරණ නිළ අපේක්ෂකයා ලෙස චම්පික රණවක නම් කිරීමටත් යෝජනා වී ඇති බවට තොරතුරු වාර්තාවේ.පවතින තත්වයන් තුළ සජිත් ප්‍රේමදාස විසින් ගෙන යනු ලබන විනය විරෝධී ක්‍රියාමාර්ග සැලකිල්ලට ගෙන ඔහුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඔහු ඒ ඔස්සේ පක්ෂ විනය කඩ කළ අයෙකු ලෙස නම් කොට දඩුවම් පැමිණවීමට අපේක්ෂා කරන අතර එයට මූලික හේතුව වී ඇත්තේ සජිත් ප්‍රේමදාස විසින් කිලී මහාරාජා විසින් දියත් කරනු ලබන රනිල් වික්‍රමසිංහ පක්ෂයේ කිසිදු තනතුර නොතබා ගැනීම සදහා වන පොරොන්දුව පිට සිදුකරගෙන යනු ලබන ව්‍යාපෘතියයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස විසින් මෙහෙය වනු ලබන කිසිදු රැස්වීමක රනිල් වික්‍රමසිංහගේ නම නොකියවෙන අතර පක්ෂ නායකත්වයේ නම පවා ප්‍රකාශ නොකරන ලෙස කිලී මහා රාජා විසින් උපදෙස් දී ඇති තත්වයක් තුළ ඔහුට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමද මහාරාජා විසින් සිදුකරගෙන යාම මේ වන විටත් පක්ෂ අභ්‍යන්තරයේ දැඩි කතා බහට ලක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *