මිනිස්සු මිනිස්සුන්ගෙ හිතසුව පිණිස මේ සිස්ටම් එක කුණුහරුපයක් කරලා – ෂෙහාන් නානායක්කාර

සමාජය පේන්නේ කුණුහරුපයක් විදියටද ?

මං උත්තරයක් විදියට ඔව් කියලා , මෙහෙම ඇහුවොත් ? කුණුහරුප කියන්නෙ මොනවද ?
එතකොටම උත්තරයක් තීනවා. ඒක ඇතුලෙම. මිනිස්සු මිනිස්සුන්ගෙ හිතසුව පිණිස මේ සිස්ටම් එක කුණුහරුපයක් කරලා.
එතකොට මේ සමාජයම තනිකර කුණුහරුපයක්.

මිනිස්සු කියවා ගන්නා වෙනස් විදියක් තියෙනව ද ?

මිනිස්සු කියවන්න ලේසිම මගේ අවබොධය අනුව මත් උනාම ගොඩක් වෙලාවට මිනිස්සු මත් උනාම පපුවේ මේ වෙලාවේ තියෙන ඇත්ත කථා කරනවා. මත් වීම ඔස්සෙ ආත්මය සහ දර්ශනවාදය නිරුවත් වෙනවා කියන දේ මං අත් දැකලා තීනවා. උදාහරණයක් විධියට හොඳ පවුල් ජීවිතයක් ගත කරවැයි බණ දෙසන ඈයො කාලක් අරික්කාලක් වැටෙනකොට හොර ගෑනිට වැරදිලා ලැබුන ළමයා ගැන වද වෙනවා. ඒක මට අනුව කෝචෝක් එකක් නෙවේ. එතනදි ආත්මය පවරාදීම සංස්කෘතියෙන්

ඇත්තටම මේ සමාජයට කෙළවිලා තියෙන්නේ දේශපාලනය නිසාද නැත්නම් සංස්කෘතිය නිසාද ?

මිනිස්සු විඳින දුක් පේනවා. ඇත්තටම මචං අපිට සමාජයක් නෑ. නමුත් ඇරිස්ටෝටල්ගේ …. නිදිවදින්න ඌ කියපු හැම මිනිසාම උපතින්ම දේශපාලනිකය යන ලබ්බෙ වදන අනුභව කරමින් අපේ රටෙත් පක්ෂ බර ගානකට සමාජේ කඩාගෙන පොලිටිකල් බැල්ලිගේ පුතාලා සමාජවාදය ප්‍රජාතන්ත්‍රවාදය වගේ ප්‍රේමණීය කරණා වේස කමේ යොදනවා. ඉතින් ඇත්තටම කොහෙද බං අපිට සමාජයක් ඉතින් කොහෙද අපිට කල්ට් එකක්.

ආදරය කරන මිම්මේදී එකෙකුට ආදරය කිරීම සහ පොදුවේ මිනිසාට කරන ආදරය බෙදා ගන්නේ කොහොමද?

මිනිසුන්ට බෙදාගෙන ආදරේ කරනවට මං විරුද්ධයි. මං කැමතිම මචං දැනෙන විධියට ආදරේ කරන්න. සමහරක් වෙලාවට ඒක ඒ වෙලාවේ ෆීල්න් අනුව වෙනස් වෙන්න පුලුවන්. මිනිස්සු ආදරේ කරන්න ඕන ඇත්තටම දැනෙන විධියට

 කවිය තුළ සමාජයට දෙන පනිවුඩයේදී එහි අඩංගු වෙන්නේම සාධු චරිත නම් සමාජය මාර පවුඩර් එකක් උඩ දුවනව කියල හිතෙන්නේ නැද්ද?

උඹ හිතලා බලපන් අයියේ ඕකට මං නොබී උත්තරයක් දෙන්නෙ කොහොමද කියලා?

මේ ප්‍රශ්නයට එතකොට බොන්නම ඕනෙද ?

නොබී බෑ බං ඕකට උත්තර දෙන්න.. ඒ වෙලාවක අහපං

වෙනස් විදියකින් සමාජය කියවා ගන්න එක පිස්සුවක් කියල හිතෙනවා නම් කාටද පිස්සු

මේ වෙලාව ආගම්වාදය පීක් එකේ ඉන්න වෙලාවක්. වෙදර් එක උන්ටම සැටිස් විධියටයි හැසිරෙන්නෙ. ඒ නිසා වෙනස් විධියට හිතීමම උන්ට අනුව පිස්සෙක් වීමට මූලික සුදුසුකමක්. උදාහරනෙට දමිත්ට වෙච්ච දේ ගන්නකො. වෙනස් විධියට හිතුවොත්
ඌට පිස්සා ලේබලේ උදේ වෙනකොට. අලවනවා. සිරාවටම මේක ඉන්න හිතෙන රටක්

 ජාතිවාදය, ආගම, සංස්කෘතිය මේවා සේවය කරන තැන ගැන විනිශ්චයක් තියෙනවාද ?

ඔය තැන්වල තමයි ඔලු හෝදවන්න ඕන. මං පොඩි දෙයක් කියන්නද. 4/21 සිද්ධියක් උනානේ. මල්වතු / අස්ගිරි වගේ මූලික තැන් වල ඉන්න නාහිමිවරු එදා මැරිච්ච මිනිස්සු වෙනුවෙන් පිං පැමිනෙව්වද? ශෝකය වත් ප්‍රකාශ කරාද. නිකමටවත් කියක් හරි ඒ මිනිස්සුන්ට දෙන්නවත් සලස්සලවත්ද. ඔයි …………….. දන්නෙ දේශපගකයන්ගේ පූජවට්ටි ගන්නයි ටීවී මීඩියා කොන්ෆරන් වලට ලොරි ටෝක් දෙන්නයි විතරයි. ඒ වගේමයි ගොඩක් ආගමික කුලක වල මහතැන් පම්පොඉරි නම් එමටයි සහජීවනය මානව ප්‍රේමය බල්ලට දාලා සේරම

 පොතක් කියන්නේ මුදල් හදාගන්න තැනක් කිව්වොත්

පොතක් කියන්නෙ ආර්ථික භාන්ඩයක්. ඒකට නියම මිලක් තීරණය කරලයි වෙළඳ පොලට දෙන්නෙ. මේක වැඩවසම් යුගය නෙවේ නේ. ඒ නිසා පොතක් කියන්නෙ ආර්ථික භාණ්ඩයක්

 ලංකාවේ සම්මාන ලබන්නේ එකම සෙට් එකක් .. එකෙක්වත් ලැබෙන සම්මානේ ඊලග අවුරුද්දේ තව කෙනෙකුට දෙන්න කියන්නේ නෑ.. ඇයි මේ..

මං ඔය ලී කොට සීන් එකට කැමති නෑ. ඕනම ආර්ට් කරන කෙනෙක්ගේ ප්‍රධානම සම්මානය තමන්ගේ කුසලතාවය. ඒක ගැන තමන්ට ආත්ම විස්වාසය තියෙයි නම්. මොකටද ලී කෑලි. ඇත්තටම මොකටද? බලාපොරොත්තු වෙන තැනයි අවුල තියෙන්නෙ

හරි අපි කවි පොත ගැන කියමු දැන් .. මොනවද අඩංගු මෙහි, කවද්ද එළියට එන්නේ .. ?

පොතේ නම “සෝඩා ඕන නෑ” මේක කවි කථා සැන්ඩියක් විධියටයි එලියට එන්නෙ. සැප්තැම්බර් 8 ජනගත වෙන්නෙ.
තැන විජේරාමෙ හංදියේ රොයල් තැප්‍රොබේනියන් එකෙ. හවස 3ඉඳන් තමයි තියෙන්නෙ. මං හැමෝටම එදාට විවෘතව ආරාධනා කරනවා.

සංවාද සටහන – තුසිත පතිරණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *