සාර්ථකත්වය කියන්නේ කුමක්ද ? මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි – 08

අපේ ජිවිතයේ අරමුණ සාර්ථක භාවයයි. ඇයි අපි සාර්ථක විය යුත්තේ? ඒ අපේ සතුට සැනසුම උදෙසාය. බොහෝ දුරට ඔබ සාර්ථකදැයි ඔබෙන්ම අසා බලන්න .

අපි බොහෝ දුරට කරන්නේ මා සාර්ථකයි මම දියුණුයයි, අනිත් අය සිතනවාදැයි සිතීම. හැර අන් අයට පෙන්වීම හැර අපි අපෙන් අසා සිටියේද මම අද සාර්ථක ගැහැණියක් ද මිනිසෙක් ද කියා? හදවතට තට්ටු කර සෙමින් අහන්න මම අද සාර්ථක මනුස්සයෙක් ද කියල.

සාර්ථකත්වය , දියුණුව අර්ථය පෞද්ගලික විය යුතු කරුණකි. මන්ද එය එකිනෙකාට පෙන්වීමට උත්සාහ
දැරිම නිෂ්ඵල වෑයමකි. අවසානයක් කෙලවරක් නැති දිගු ගමනකි. අප බොහෝ දෙනා සාර්ථකත්වය , දියුණුව කියා අර්ථ දක්වන්නේ විශාල මහල් නිවාස, විශාල මෝටර් රථ, වතුපිටි , ආභරණ වැනි බාහිර දෙවල්ය. මේවා පසුපස ඇත්තෙ අනෙකාට පෙන්වීම පමණි. මේවා තුලින් සාර්ථකත්වය ඇති කර ගැනීම අපහසුය. මහාචාර්ය රිචඩ් ඩේවිඩිසන් මෙසේ කියා ඇත ” අපිට සතුටින් සිටිය හැකිය. ඒ සදහා අපේ මනස සිතුවිලි ඒ වගකීම ගන්නෙ නම්.. සතු⁣ට ලැබිය හැකිය’

අපට අවශ්‍ය මොනවාද යන්න අපි අපෙන්ම ඇසිය යුතුය. ඒ අවශ්‍ය දේවල් අනෙකාගේ දෙවල් සමග සංසන්දනය නොකල යුතුය. බාහිර දේවල් රැස් කරගන්න වා සේම ඇතුලාන්තයෙන්ද අප දියුණු විය යුතුය. එසේ වුවහොත් පමණි සතුට සැනසුම නිදහස සැහැල්ලුව අපට ලැබෙන්නේ. වෙහෙස මහන්සි වී දවස පුරා රාජකාරි කටයුතු වල
නිරත වි සිටින අපි රාත්‍රියේ ලබන නින්දෙන් පුදුම සැහැල්ලුවක් සතුටක් ලබනවා. ඒත් සමහර විට ඒ සතුට පසෙක තබා ඒ වෙලාවත් මුදල් ඉපයීම සදහාත් වෙන්කර රෝගින් වී ඖෂධ ඔකරුවන් පොහොසත් කරති. තමා ලබාගත් දෙයින් සතුටු නොවී. සතුට සොයා නොයෙක් මිත්‍යා විශ්වාස පසුපස ලුහුබැඳ උපයාගත් ධනයද නැතිකර ගනි. තමා මහන්සියෙන් ලබා ගත් සතුට විඳගැනීමට තරම් ශාරිරික සනීපයක් නැත්නම් ඒ ලබාගත් සාර්ථකත්වය කුමකටද ?.

අපි මිනිස්සු වශයෙන් සෙසු අය සමග සසදා බැලීමට කැමතියි. එහෙත් අප සතුටින් සිටිය යුත්තේ අන් අය සමග නොව තමන් සමගය. අන් අයගේ දෙවල් බල බලා සාර්ථකත්වයේ ගමනට පා නගනවාට වඩා වැදගත් වන්නෙ අප සතු හැකියාවන් කෙතරම් අප ඒ ගමන සදහා යොදා ගන්නෙ ද නිතර සොයා බලා අප අපම උනන්දු කර ගත යුතුය.

සාර්ථකත්වයෙ වැදගත්ම රහස පෞද්ගලික සෑහීමයි. එය මහත් සතුටකි. එය නිතර නිතර විදිය යුතුය. නියම සාර්ථකත්වය දියුණුව කරා අප යායුත්තෙ අපගේ අධ්‍යාත්මික දියුණුව සමගය. බාහිර වස්තු සම්පත් සාර්ථකත්වයේ බාහිර ආභරණ සැරසිලි පමණි.

දර්ශනවාදි ඇරිස්ටෝටල්. සතුට මේයයි මෙසේ අදහස් කර ඇත.” මිනිස්සුන් කරන දෙයහි උසස්ම අරමුණ විය යුත්තේ සතුට හා ප්‍රමෝදයයි..”

….සද….
ස්වර්ණමාලි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *