කුරුණෑගල සජිත්ගේ රැලියට., රනිල්ගේ ඔත්තු කරුවෙක්..!

ඊයේ (05) පැවැති කුරුණෑගල සජිත් රැල්ල අති විශාල ජන ගඟක් සමගින් ඉතා සාර්තකව අවසන් වීය. එහෙත් රැලිය අවසානයේ එම රැලිය සංවිධාන කළ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ හට සියල්ලන්ගේම දෝෂාරෝපණය එල්ල වී ඇති බව අප වෙත වාර්තා වේ.

එසේ රාජ්‍ය අමාත්‍යවරයාට දෝෂාරෝපණය එල්ල වීමට හේතු වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ සහ අකිල විරාජ් කාරියවසම්ගේ ඔත්තුකරුවකු වන ෆීලිශියන් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයා සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට ගොඩ වීම නිසාවෙනි.

ෆීලිශියන් පෙරේරා යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ කොට්ඨාශයක් පවා මැතිවරණයට තරඟ කරමින් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කළ ‍රනිල් සහ අකිලගේ නියෝජිතයෙකි.

අද දින් මෙම පුද්ගලයා වේදිකාවට ගොද වූයේ කාගේ අවසරයකින් ද කියා පැමිණී සියල්ලන්ටම කුතුහලයක් ඇති වී තිබු නමුත් රැලිය අවසන් වන තෙක් කිසිවකු ප්‍රශ්න කර නැත. එහෙත් රැලිය අවසන් වූ පසු පැමිණි සිටි මැති ඇමති වරුන්ගේ සහ පාක්ෂිකයන්ගේ දොෂාරෝපණය රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා හට දැඩිව එල්ලවී තිබේ.

කෙසේ වෙතත් සජිත් රැල්ල කොතරම් බලවත් ද සහ ජනතා රැල්ල තිබෙන්නේ කාටද කියා රනිල්ගේ ඔත්තුකරුවාට සිය දෑසින්ම දැක බලා ගැනීමට හැකිව තිබේ. ඔත්තුකරුවන් පවා අවසානයේ සජිත් රැල්ලට එකතු වන බවක් දැන් පැහැදිලිය. ඒ අනුව දැන් රනිල් වික්‍රමසිංහට තිබෙන්නේ දිනන රැල්ලට සහය ලබා දී..! බල පෙරේතෙකම පැත්තකට දමා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හට සහය ලබා දීම පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *