රූපවාහිනිය ජනපති යටතට පවරා ගනී.

වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ. ඒ සඳහා වූ ගැසට් නිවේදනයද නිකුත් කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශය පවතින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේය.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී සංස්ථාවට නව සභාපතිවරයෙක් පත් කිරීමත් සමග එහි කලක් තිස්සේම උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබිණි.

ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාගේ නියෝජිතයන් බව පවසමින් අද දහවල් රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ මැර පිරිසක් හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම කඩිනම් තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙයි.

රුවන් විජේවර්ධන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යයි කියන වරුණ රාජපක්ෂ නමැත්තෙකු විසින් මැර කණ්ඩායමක් වූ සංස්ථාව ඇතුළට ගෙන ඒමට අවසර ඉල්ලා සිටි බව එහි සභාපතිවිය වන ඉනෝකා සත්‍යාංගනි විසින් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ ජනාධිපතිවරයා කැළඹීමක් ඇති වීම වැළැක්විය අර්ථයෙන් මෙම පවරා ගැනීම සිදුකර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *