පේ‍්‍රමය අප සොයා එනතුරු…….. මේනුකා දම්සරණී 2019 – 09 – 16

බිඳෙන හැම වර
බැඳෙමි යළි නුඹට ම
මිදී යා නොහැකිව
ළතැවෙමී තව ම මම
සිඳි සිඳී පිරිතිරෙන
ඔබේ පේ‍්‍රමය ළඟ
වෙළී දැවටෙනු මිසක
දැනෙද්දී ජීවිතය
බිඳෙන බව දැන දැන ඔවුනොවුන් වෙත බැඳුණු පේ‍්‍රමයෙන් මිදෙන්නට නොහැකි ව ළතැවෙන පෙම් සිත් අපට මුණගැහෙන මුණ නොගැහෙන නේක විධ ගැහැණුන් මිනිසුන් අතර මොනතරම් නම් ඇත් ද? නමුත් ඒ හිමි නොවුණු අහිමි ද නොවුණු හිමිකම් අතර පේ‍්‍රමය ඔවුන් පේ‍්‍රමයේ සැබෑ ස්වරූපයෙන් ම අත්විඳිනවා යැයි මම සිතමි එය පෙරළා යළි වදනින් ප‍්‍රකාශ කළ නොහැකි හැඟීම් සමුදායක් බව මම ද අත්දැකීමෙන් හඳුනමි අයිතිය ම සොයා යන ලෝකයක බොහෝදෙනෙකුට ඒ තුළ ම පේ‍්‍රමය මගහැරී ඇති බව පුදුමයට කරුණක් ද නොවේ එවන් ලොවක පේ‍්‍රමයේ සියළු ම පේ‍්‍රමණීය ස්පර්ශයන් හදවතින් විඳිගනිමින් හඬන මුහුණුවලට මුවා වී සිනාසෙන හදවත් අප දන්න ගැහැණුන් පිරිමින් අතර නැතුවා ම නොවේ
එවැනි තැන්වල ඇත්තේ මෙහෙව් පේ‍්‍රමයකි මෙහෙව් පෙම්වතෙකි පෙම්වතියකි
අහිමි වන්නට හෝ හිමිවන්නට
කිසිවක් ම ඉතිරි නැති තැනෙක
හැර නොයන්නට හේතුවක් වී නම්
එතැන ඇත පේ‍්‍රමය
පේ‍්‍රමය ම විතරක්
අහස පොළව එකට මුහුවන තැන ලෝකයට මිරිගුවක් වුව කිසිදාක හමුනොවන තරු අහසත් මල් පොළවත් එතැන හිඳ පේ‍්‍රමය විඳිනවා යැයි මම සිතමි හිරු එළියටත් සඳ එළියටත් මහ පොළව මත මල් පිපෙන්නේ ඒ ස්නේහය නිසාම යැයි මම සිතමි
තරු අහසටත් මුතු සයුරටත් හැකිනම්
මුළු ලොවක් මුලාකර
සිතිජ ඉම හමුවන්න
හදින් හද වැළඳ
දෙමග යන අප
හමුවේවි දිනෙක
පේ‍්‍රමය ම හැර
මගහැරෙන්නට කිසිත්
ඉතිරි නැති තැනෙක
ලෝකයට පෙනෙන්නට නොව හදවතට දැනෙන්නට පේ‍්‍රම කළ යුතු ය පේ‍්‍රමය විඳගත යුතු ය සැබැවින් ම ජීවිතයේ සෑම අංශුවක් ම දියවී කැටිවී ඇත්තේ එවන් පේ‍්‍රමය තුළ ය එහෙත් හිත් දවන රිදවන හඩවන ලෝකයක නිවෙන්නට තැනක් තිබිය යුතුම ය හිතකට ඒ එවන් පේ‍්‍රමයක් වෙසෙන හදවතක් විය යුතු ම ය
ඔබට මා මට ද ඔබ ළං කළ
පේ‍්‍රමයේ සෙවනැලි අතුළ
මේ වසන්තය ගෙවී යයි බිඳෙන් බිඳ
නේක නින්දා ගැරහුම්
පෙළද්දී මා නිබඳවම
ඔබේ නොසිඳෙන පේ‍්‍රමය
උණුසුම් පොරෝනය කළ මැන මට
සිහිනයක් නොවේවා කිසි දින
ඔබ ය මා හිමිකම
පේ‍්‍රමයයි අප රැුකිය යුතු සිහිනය
මම මෙතැන් සිට ලියන්නේ නුඹට නුඹ ගැන මට දැනෙන නුඹ ගැන ඔබ මට උරුම කර දුන් නිවෙන පේ‍්‍රමය ගැන
වසන්තය හමුවුණේ පේ‍්‍රමයේ හැගුම් හද පහළ වූ ජීවිතේ සමනල් වියේ නොව පේ‍්‍රමය ම වෙසින් ඔබ ජීවිතයට පැමිණ නතර වූ දා සිටය ඔබ හදවතේ සදාකාලික නවාතැන් ගනී නම් මට වසන්තය සදාකාලික ය
මම ඔබට ආදරෙයි කියන්නෙ ම මට මා ම විය හැකි තැනෙක ඔබ වෙනුවෙන් කැපවන්නට දෙන පළමු පොරොන්දුව යැයි මම අදහමි වෙස්මුහුණු බැඳි මිනිසුන් මැද වෙස්මුහුණු පැළඳ විඩාපත් මට මා පමණක් ම විය හැකි තැනක් වේ නම් ඒ ඔබේ ළග පමණ ය මට ඔබේ පේ‍්‍රමය දැනෙන තැන පමණ ය එවන් තැනෙක හිඳි ඔබ වෙනුවෙන් මා කැටයම් කරන්නට මට සිතෙයි ඔබේ හැඩහුරුවට ඔබ එතරම්ම සුන්දරයි මට නම්
ඔබෙත් මගෙත් කතාව ලෝකයට ගළපන්නට ගොස් ඔබ ව මගහැරෙන්නට ගිය තැන් බොහෝ ය එහෙත් අවසාන මොහොතේ කොහේදෝ තැනෙකින් ඔබට හෝ මට අපව මගනොහරින්න හේතුවක් හමුවූ යුරු පුදුම ය
වෙන් ව යන්නට කියන තැන්වල
රැුඳී ඉන්නට හේතු සොයනා පේ‍්‍රමයක්
යන්න ගොස් යළී හැරී අවුදින්
වැළඳ ගැනුමත් පේ‍්‍රමයක්
මට කවියක් වුණත් නුඹ තව ම හමුවී නැහැ නුඹට සම උවමක් ඒත් හද නිවන නළවන සනහන හැම සොඳුරු වදනක ම මට දැනුනේ ම නුඹව ජීවිතය මගහැරුණු තැන් තිබුණත් කිසි තැනෙක හැළුණු නැති ඔබේ පේ‍්‍රමය ම උවම් නැති කවියක්
ජීවිතය මගහැරුණු බොහෝ තැන්වලත්
මගහැළුණු නැති පේ‍්‍රමයය් ඔබ
හිතේ ඔබ ඉන්න තැන
මම ජීවිතේ කියන්නේ එතැනට
ඒ උණුහුමයි
ඇස් පුරා අඳින්නේ මේ හසරැුල්
හෙටත්
මේ හමුවීම වෙන්වීම මැද හිස්තැන
හිමි වීම නොතබා ම
මෙහෙම ඉමු අපි
ඉගිළිලා අනන්තෙට
යළිත් විත් කූඩුවෙන
මේ අකීකරු හීනය ම
පැටලි පැටලී ලියන
කවියක් තරම් ගැඹුරුයි මට

එහෙම පේ‍්‍රමයක උරුමය ඇතත් මට ඉඳහිට වෙලාවක ගෑනු හිත වද නොදෙනවා නොවෙයි ඔබේ ම වෙන්න ඔබේ අයිතිය වෙන්න ඒ සිතුවිලි දිගේ හිත ඇදෙන්නෙත් මේ පේ‍්‍රමයට නොදෙවෙනි පේ‍්‍රමණීය පැතුම් හිත පුරා අතුරගෙන
සඳත් නැති දවස්වල
අහස කලූකරගෙන
මුහුදු පතුලක
ඉර ගිළෙන හවස් වරුවල
තුරු වදුල පාමුල
පුංචි පැල්පත අපේ
දැල්වේවි හැම ?ම මේ වගේ
දිනක මෙහෙවර නිම ව
විඩාපත් නුඹේ රුව
කඩුල්ලෙන් මෙපිට
ගෙමිදුලේ සෙවනැලි අඳින තුරු
මං මග බලා හිඳින්නම්
විඩාබර නුඹෙ වතට
සෙනෙහසේ හාදු පිනි ඉස
ජීවිතේ අලූත් උදෑසන අරඹන්න
ලෝකයට හඩගා කියන හිමිකම හිමි වුවත් අහිමි වුවත් ලෝකයට නොපෙනෙන නොදැනෙන ඔබේ පේ‍්‍රමයේ හිමිකම මගේ වී අවසන් ය හෙට ඔබ මට මගේ ම වී හමු වුණත් මා ඔබේ ම වී ළං වුණත් අප අපට හිමි නොවුණත් ඔබ නමින් ජීවිතේ පිරුණු නොපිරුණු තැන් සොඳුරුම ය මා නිවෙන්නේ ඒ පේ‍්‍රමයෙන් ම ය
මෙතෙකැයි කියන්නට බැරි
මහ ඉඩක් ඉතිරිකර
පසෙකින් හිඳ
ගෙවන ජීවිතය
අතීතය පුරා ඇවි ද
විටෙක කම්පා කරවයි
පිරුණු එදවස් ගැන
නොපිරුණු සිත් ළග
කෙලෙස පිරුණි ද සිතා ජීවිතය
පිරුණු දිවියක හැඩය
මොනතරම්දැයි සිතුණෙම
ඔබෙන් මිස නොපිරෙන
හිස් ඉඩක් ළගම ය පෙම්වත
තැවෙන්නේ නම් දිනක මම. ඒ අහිමි වූ නිසා නොව ඔබ නොපිරුණු මිනිසුන් සමග ගෙවුණු අතීතෙක තව ඈත දවසක හමුනොවුණු නිසාමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *