ලෝක ළමා දිනය සත්‍ය ලෙස සමරමු – මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි -09

අද ලෝක ළමා දිනය. වසරින් වසර අලුත් වෙමින් අපි  ළමා දිනයක සමරමු. ගෝලිය ලෙසින් ළමයින්ට සැලකිම වටිනාකමක් දිම සදහාය. ලෝව පුරා විවිධ රටවල් සැමරුම් උත්සව මේ සදහා පවත්නයි. 1954 එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් මේම දිනය ප්‍රකාශයට පත් කරන ලදි..

වසරක් පසා උත්සව පවත්වමින් අදට වසර 65 අපි ළමා දින සැමරමින් තෑගි බෝග දි ඔවුන් සතුටින් තැබිමට අපි අදත් වෙහෙස වන්නෙමු. එත් සැබැවටම
ඔවුන්ට අවශ්‍ය මොනවැදැයි අප සොයා බැලුවාද ? කල්පනා කාරි වුවාද? වසර ගණන් පසුවුවත් ඔවුන්ට එදින ලැබු තෑගි භෝග නොවෙනස්ව ලැබුනත් ඔවුන්ට අවශ්‍ය මොනවාදැයි අපි සොයා බැලුවා නම් අමුතුවෙන් ලෝක ළමා දිනයක් අවශ්‍ය නොවෙනු ඇත.

කුඩා දරුවන්ට අද අවශ්‍ය වි ඇත්තෙ ආදරය , කරුණාව ,ඇහුකන් දීම  හා අවධානයයි. මව පියාගේ  උණුසුමයි. කාර්‍ය බහුල ජිවිත ගත කරන අපි අපේ  දරුවන්ට අවශ්‍ය අපට නොලබුන බාහිර දේ ගෙනවිත් ගොඩගසා තිබුනත්.ආදරය සෙනහස ගොඩ නගා දිමට අපහසු අමතක වුනු අවස්ථා ඕනැ තරම් ඇත.

කාල් රෝජස් නැමති මනෝ විද්‍යාඥයා පවසන පරිදි දෙවියන්වහන්සෙ ඔබට දරුවන් උරුම කර දි ඇත්තෙ ඔබ ඔවුන්ව කුමරු කුමරියන් කරනු ඇතැයි තදබල විශ්වාසයනි.ඇත්තටම එය අපි ගැඹුරින් වටහා ගත යුතු සත්‍යයකි.

අද අපි අපේ දරුවන් කුමර කුමරියන් කරන්නට පැය 24 වෙහෙසන අතර.රාජකාරි බහුල කරගෙන දරුවන් නින්දට ගොස් සිටියදි නිවසින් පිටවි .නැවත ඔවුන් නින්දට ගොස් සිටියදි නිවසට පැමිණිමට සිදුව තිබේ අපි නිවසට එන විට රස කෑම වර්ග සෙල්ලමි බඩු ගෙනවිත් ඔවුන් බලාකියා ගැනිම වෙනත් අයට පවරා  ඇත ..එහෙත් මේ කිසිදෙයක් නැතිවත් ඔවුන් ආදරයෙන් වැළදගෙන සරළ හො අහාරයක් එකට ගැනිමෙන් ලැබෙන සතුටට කිසිදු බාහිර දෙයකින්  නොලබන සතුටක් ඔවුන්ට දැනෙන බව අපට අමතක වුවා නොවේද?

අද දරුවන් මේ තනිකම හුදකලා නිසාම තාක්ෂණ උපකරණ වලට ආකර්ෂණීය වි ඇත.එයින් ගලවා ගැනිම අපහසු දෙයක් බවට පත්ව .  ඇත.. .නොගලපෙන සමිබන්ධතා ඇති කරගනි ⁣.දරුවන්ට බැන අඩ ගසා එලක් නැත.දරුවන් දෙස අප බැලිය යුත්තේ ඔවු⁣න්ගේ සපත්තුවට බැස මිස අපේ සපත්තුව දමාගෙන නොවිය යුතුය.

අපි මේ සියළු දේ කරන්නේ කරන්නේ අපේ දරුවන්ට .කාර්‍ය බහුල වන්නෙ ඔවුන්ට සමෘද්ධි මත් කිරිමට බව සත්‍යයක් .එත් අපේ මේ කාර්‍යබහුල බව
දරුවන්ට ගැටලුවක් නමි ඔවුන් හුදකලා වන්නේ නමි  අසරණ වන්නෙ අන් කවුරුත් නොව අපේ දරුවන් ය. අපි සමිපත් ගොඩනගා ගත යුත්තේ ඇයි යන්න පැන නගින ගැටළු වකි.තම අම්මා තාත්තා තරම් ළමයාට  ළං විය හැකි අන් යමෙක් නැත.එනිසා අපේ දරුවන්. වෙනුවෙන් කාලය වෙන් කරමු.නිවසට ආපසු පැයක් හෝ ඔවුන් සමග ගතකරමු.Home works කිරිමට නොව ඔවුන් සමග කතා කිරිමට සිනාසිමට දවසේ තොරතුරැ කතා කිරිමට .ඔවුන්ගේ ගැටළු කතා කිරිමට කාලය වෙන් කරමු.

දරුවන්ට සතුට්න් සිටිමට ආදරය තරම් ඇවැසි වෙනත් දෙයක් නොමැත. අපි ඔවු⁣න් ගේ ළමා කාලය අහිමි නොකර සොදුරු ළමා කාලයක් උරුම කර දෙමු. දරුවන්ට නිදහසේ දුව පනින්න ඇවිදින්න ,අමිමා තාත්තා ආත්තම්මා , සීයා ගේ ආදරය ලබන්න සුදුසු වටපිටාවක් තනා දෙමු.

. …….ස්වර්ණමාලි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *