සජිත්ගේ මැතිවරණ ගේමට ශ්‍රීනාත් මහේෂ් සේනානායක අල්ලයි..

මෙවර ජනාධිපතිවරණය සදහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් ඉදිරිපත්ව සිටින හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට ඉහල පිළිගැනීමක් විද්වතුන් අතර හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම පොදුජන පෙරමුණේ පිරිස් ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් කලබලයකට පත්ව ඇති බව වාර්තාවේ.
ඔහු සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නොමැති තත්වයක් තුළ ඔහුට මඩ අවදාල චෝදනා ඉදිරිපත් කිරීම සදහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් කරමින් පවතින බවද වාර්තාවේ.

මේ වන තෙක් මහේෂ් සේනානායක මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලීම සඳහා පක්ෂයක් තෝරාගෙන නොමැති අතර ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සජිත් හිතවාදියෙකු වන ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරාගේ නමින් ලියාපදිංචි වී ඇති බල්බය ලකුණ සහිත ජනතා ජාතික පක්ෂයෙන් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කූට උපක්‍රමයක් ශ්‍රීනාත් පෙරේරා විසින් දියත් කරමින් සිටී.

ශ්‍රීනාත්ගේ මූලික ප්‍රයත්නය වී ඇත්තේ මහේෂ් සේනානායක හරහා බලයක් ගොඩ නගාගැනීම වන අතර එහිදී ඔහු කූට ලෙස තම පක්ෂයේ කිහිප දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට යැවීම සදහා සැලසුමක් ඇතිව මෙවැනි ක්‍රියාමාර්ගයකට අවතීරණ වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරමින් සිටී.
එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහගේ කුළුපග හිතවතෙකු වූ ශ්‍රීනාත් පසුව එම සම්බන්ධතාවය කඩා දැමීමට පියවර ගනුයේද ඉතා නින්දිත අරමුණක් සහිතවය. ඒ තම පක්ෂය ඉදිරියට ගැනීම සදහා බැදුම්කර ගණුදෙනුවට තමා විරුද්ධ බව පවසමින් ජනතාව හමුවේ දැඩි අරගලයක් සිදුකරමිනි.

මෙවැනි වටපිටාවක සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කළ යුතු බවට අරගයකට නිරත වන අතර එමගින් ඔහුට හිමි ස්ථානය ගොඩ නගා ගැනීමට හැකියාව පවතින බවට වන විශ්වාසයක් පිටය. පසුගියදා රංජිත් අලුවිහාරරේ විසින් පුවත්පතකට ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කොට සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව සිටින ශ්‍රීනාත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමත් සමග නැවත පක්ෂය වෙත පැමිණීමට කැමැත්ත පළකොට ඇති බවත්ය.
මෙවැනි තත්වයක් තුළ මහේෂ් සේනානායක මහතා හරහා ශ්‍රීනාත් සිදුකිරීමට බලාපොරොත්තු වන සැලසුම පැහැදිලිවන අතර එමගින් ඔහුගේ ක්‍රීයාමාර්ගය වන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදෙන ඡන්ද මහේෂ් සේනානායක හරහා විනාශ කරමින් සජිත් ප්‍රේමදාස වෙත බලය තහවුරු කිරීමට අදාළ කටයුතු සිදු කිරීමයි.

කෙසේ නමුත් ජනාධිපති නීතිඥ පදවියේ කටයුතු කරමින් දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති මෙවැනි පුද්ගලයෙකුගේ පක්ෂයක් වෙත ජාතික ජනතා ව්‍යාපාරය කොටුවීමම දැඩි අර්බුදකාරී තත්වයකට පත්වීමක් වන අතර මෙතෙක් විද්වතුන් හා බහුතර දැන උගතුන්ගෙන් සැදුම් ලත් මෙම ව්‍යාපාරය ජනතාව හමුවේ ප්‍රතික්ෂේප වීමේ අඩිතාලම මෙමගින් සිදුවනු ඇති බවට බොහෝ දෙනාගේ මතය බවට පත්ව ඇත

එසේම මහේෂ් සේනානායක යනු මෙතෙත් ජනතාධිපතිවරණයක් සදහා ඉදිරිපත් වූ උපාධි ද්විද්වයක් සහිත විනයක් සහිත මෙන්ම පරිපාලන හා ආරක්ෂාව සම්බන්ධයෙන් මනා දැනුමක් සහිත අපේක්ෂකයෙකුද වේ .. මේ නිසාම අනෙකුත් අපේක්ෂකයක් මේ වන විට කලබල වී සිටීම පුදුමයට කරුණක් නොවේ .. කෙසේ නමුත් ජනතාවට අලුත් නායකයෙකු ඉල්ලා සිටින අවස්ථාවක මහේෂ් සේනානායක මහතාගේ පැමිණීම නායකත්වයක අඩුවක් පිරවීමට සමත් වූ අදහසක් වුවද ශ්‍රීනාත් වැනි ගේම් කාරයෙකුට රැවටීම හරහා එම මතය බිදීයනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *