පැය 24ක් දෙන්නම්, පොහොට්ටුව අතහරිනවාද නැද්ද ? – ජනපති බැසිල්ට දන්වයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන ලකුණ වෙනස් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් අවසන් ස්ථාවරය දන්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දන්වා ඇත.

එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා වෙත මෙම ලිපිය යොමු කර ඇති බව වාර්තා වේ.

මේ අතර මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ පොහොට්ටුව ලකුණෙන් තරගවැදීමට දැනටමත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

එනිසා එය මේ මොහොතේ වෙනස් කිරීමට යාම ඔහුගේ අපේක්ෂකත්වය ද ප්‍රතික්ෂේප විය හැකි බව ඔහු සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *