මගේ නම වාසනා..අපේක්ෂා…විශ්වාස.- 01- අනූ ප්‍රනාන්දු

හීනයක අග්ගිස්සෙන්…රූටලා..ඇවිත්..කාශ්ඨක පොළවට පතිත වෙච්චි බලාපොරොත්තුවක්…හිතාගන්නත් බැරි තරම් ඉක්මණකින් මහපොළොව ට උරාගන්නෙ කොහොමද .. …..
ඒවගේ අපේ ජීවිත කාළයේදී ඉපදිලා…ලත් තැනම ලොප් වෙලා යන බලාපොරොත්තු අපමණයි….

සමහර විට එක බලාපොරොත්තුවක එල්බගෙන ජීවිත කාලයක් බලා ඉන්න අයත් නැත්තෙ නෑ…ඒ කැපවීම..තමුන්ගේ
හදවත් කියන දේ ගැන තියන විශ්වාසය… කියන්නේ අන්න ඒකට…

ඉතින් බලාපොරොත්තු ඉශ්ඨ වෙන්නෙ එහෙමත් කෙනෙක් ගෙ…මේක වාසනාව එක්ක යන දෙයක් ද?….

ඇත්තටම වාසනාව කියලා දෙයක් ලෝකේ තියෙනවාද?

අපි කී දෙනෙක් නම් දවසකට හිතනවාද නේද …අහවලා ,අහවලා වගේ අපි වාසනාවන්ත උනේ නැත්තෙ ඇයි දෙයිනේ..කියලා…
කෙනෙකුගෙ අතීත කර්ම සහ අනෙක් නියාම ධර්ම වල එකතුවක් මේ වර්තමානය…කියන දේ සමහරු පිළිගන්නවා…සමහරු නෑ….

කොටින්ම අපි වාසනාව උරගාලා බලන්න යත්න දරන අවස්ථාවට හොඳම උදාහරණයක් තමයි ලොතරැයි පත් මිලදී ගන්න එක.

තුන්වන ලෝකෙ ,අතීතයේ ….සිට නොකඩවා දියුණු වන රටක් විදිහට, අපේ ඒක පුද්ගල ආදායම …පඩි ආපු මුල දවස් තුන හතරෙ බඩේ රැළි දිග ඇරෙන්න කාලා බීලා …මාසේ මැද වෙද්දි වේලක් ඇර වේලක් කාල …
මාසේ අග වෙද්දී ලෙව කන්න සිද්ද වෙන මට්ටමේ එකක් නිසා..කොහොමත් අපිට ලක්ශ ගණන් වල කාසි ගොඩවල් ගැන හීන තියෙන එක පවක් නෙවී..

විශ්වාස කිරීම හෝ නො කිරීම ඔබට බාරයි..නමුත් මේ අංක ගණිතය අනුව සිදුවීමට ඉතාම අඩු සම්භාවිතාවක් තියෙන ..
ලොතරැයි පතේ සඳහන් අංකය දිනුම් අංක හා සමවීමේ සංසිද්ධිය ගැන විශ්වාසයෙන් දවසකට කී දෙනෙක් නම් ටිකට් මිලට ගන්නවාද ?……

ඔබ ඉල්ලන්නේ වාසනාව….ඔබට නොලැබෙන්නෙත් ඒකමයි….

මිනිස්සු වෙලාවකට ඇස් පියාගෙන ගන්න තීන්දු තීරණත් අන්න ඒ වගේ..වාසනාවක් ලැබේ යැයි සිතා ගන්න තීරණ….හරියන්න හෝ වරදින්න….
අවදානම් දැරීම වගේ දේවල්… ජීවිතේට යහපතක් කරලාම නැද්ද ?

මේ ලියන මම පවා අතීතයේ ඒවගේ අවදානම් දැරුවා..සමහර විට අවදානම ගැන නොහිතා…
දැන් මතක් වෙද්දී ලොමුදැහැගැන්වෙන උදාහරණයක්..අක්බාර් පාළමේ බැම්ම උඩ… මගේ.. කාතා…පුම්සේ පුහුණුව …
නූලකට එහායින්…. හිස් අවකාශය…යටින් මහවැලි ය.. දැන් නම් ඒවා පේන්නේ මෝඩ කම් වගේ…හැබැයි…. මගේ අවධානය,…යොමු කරන පහරේ නිවැරදි ස්ථානගත වීම …යොදන බලය සහ සිරුරේ සමබරතාව හැදුවේ ඒ අවදානම් කෙරුවාවල් තමයි….

අවදානම්..ජීවිතේට යහපතක් කරන බවට උදාහරණයක් ඒක….
ඒ අවදානම් ගනිද්දි තිබුණේ මැරෙන්න ඕනේ කමක් හෙම නෙවි….ජීවිතාශාවක් ම තමයි..

හැබැයි අවදානම් ගැනීමේදී අපි අන්ධ විශ්වාස යෙන් වාසනාවට ඉව නොකර…හරි පැහැදිලි ව අවස්ථාවන් කිරා මැන බැලීමක් කලා නම්…අවදානමින් ගොඩ යනවා…..

ඉතිං අපි වාසනාව ,අවදානම් ගැනීම බලාපොරොත්තු තැබීම වගේ දේවල් එක්ක මේ යන ගමනෙත් අමුතු විනෝදයක් නැත්තෙම නෑ…

නොදන්නා දෙවිවරුන් ගෙන් පිහිට ඉල්ලීම..හැම දේටම නැකැත් ,ග්‍රහ තාරකා වල පිහිටීම විශ්වාස කිරීම වගේ දේවල්….
මේ අවස්ථා දෙකම පුද්ගලානුබද්ධයි…. තම තම නැණ පමණින් දැන ගත යුතු කාරණා…
“සංහිඳ ලඟ බාරයට -කිරි ඉතිරීම…. කෙම්මුර දවස් වල -පහනින් සැරසීම…
කොළ අතු කඩා -ගස් දෙබලක දැවටීම…
මම නොකෙරුවද -නොකළෙමි එය ගැරහීම… ”
කියලා විමලරත්න කුමාරගම කවියා කිවුවේ ඒ නිසයි….

අපි හෙටත් … සංස්කෘතිය එක්ක බැඳුනු විශ්වාස ,අභිචාර විධි එක්ක ගමනක් යයි…සෙමින් නමුත් ඉදිරියට…..මොකද මේ දේවල් වල යම් ඝර්ශණයක් ශිෂ්ඨාචාරයක උන්නතියට….ප්‍රගමණයට …තියෙන නිසා…

තමුන්ගේ දේවාලේ පඬුරු පෙට්ටියට ,රන් පලඳනා ටික ට හොරු විදිනකම් උපේක්ෂා භරිතව ඉන්න දෙවි වරුන්ගෙන් ලොකු පිහිටක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? කියලත් වෙලාවකට හිතෙනවත් ඇති…සමහරුන්ට….

අනිත් අතට … ග්‍රහ තාරකා හරියට ම පූට්ටු කරලා කරන දේවලුත් වැරදිලා යන වෙලාවල් තියෙන එකේ….
“ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නෑ” කියල ත් කියනවානේ….
මේවාත් පමණකට …තියාගන්න පුළුවන් ඕනෑම නම් ඉතිං … හැමදේම පදමට ….තිබ්බොත් ජීවිතය රහයි…. (මෙහෙම කියන්නෙ අපි තාමත් සීයට සීයක් ඒවා අත අරින්න ලෑස්ති නැත් නිසා…)

නමුත් මැරුණු බෙල්ලෙක්ගේ කටුවට ලක්ශ ගණන් මුදල් විය කරන මිනිස්සු අතරේ… පාන් ගෙඩියක් ගිල්ලවලා … ……ආධ්‍යාත්මික
බලයෙන් , ග්ලූටන් සංවේදී තාවය හොඳ කරන්න උත්සාහ කරන ගස් -වෙද්දු, රටේ- වෙද්දු ඉන්න රටේ …..මංමුලා නොවී පටිසෝතගාමී ගමනක් යන කෙනා හපනෙක් ම තමයි….

ඔන්න ඉතිං බලන්න කියවලා….හිතන්න..
කැමති නම්….
එකඟ වීම හෝ නොවීම ….තම තම නැණ පමණින්….
………………………
හැබැයි එකක්…අපි කවුරුත් ප්‍රකෘතියට…ටිකා…ක් විතර බයයි…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *