කටුපොල් තහනම ක්‍රියාත්මක නොකීරීම සම්බන්ධව පොලිස්පතිට පැමිණිල්ලක්
කටුපොල් වගාව තහනම් කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ. නමුත් වතු සමාගම් එම තීරණය නොතකා කටයුතු කරනුයේ පොලිසිය වැනි ආයතන වලද සහයෝගය ඇතිවය.
ඒ සම්බන්ධව පරිසර සංවිධාන එකමුතුව අද(08) පොලිස් මුලස්ථානය වෙත ලිඛිත පැමිණිලක් ඉදිරිපත් කරන ලදි. එම පැමිණිල්ල භාර දෙනු ලැබුවේ පොලිස්පත්වරයාගේ පෞද්ගලික ලේකම්වරයා වෙතයි.
මෙම අවස්ථාවට වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය නියෝජනය කරමින් ජයන්ත විජේසිංහ, සුරකිමු පරිසරය සංවිධානයේ සභාපති තිලකරත්න විතානාච්චි යන සහෝදරවරුන්ද, පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ඇඳුරත්විල චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේද, YOUTH FOR CHEnge සංවිධානයද සම්බන්ධ විය.