ශ්‍රී.ල.නි.ප.ය බැසිල්ගේ ලණු ගිලී අත-පොහොට්ටු ගිවිසුම් කාරිය කෙරෙන තුරු පමණයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපති වරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්විමට ගත් තීරණය නිසා එම පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකයින්ට යන එන මං නැතිවී තිබේ.

ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් කරන සියලු ආසන සහ දිස්ත්‍රික් සංවිධායකයින් සියලු දෙනා මේ වන විට නම් කර අවසන්ව තිබීමයි.

අත පොහොට්ටු ගිවිසුම නිසා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකයින් රැසකට සිය සංවිධායක ධූර අහිමි වීමට ඉඩ තිබේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව බැසිල් ගේ ලණුව ගිල ඇති බව එම පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකයන් කියයි.

දුමින්ද, දයාසිරි, මහින්ද අමරවීර, ඇතුලු කිහිප දෙනෙකුට ඇමති ධූර ලබාදීමට බැසිල් රාජපක්ෂ පොරොන්දු වී තිබේ. මේ නිසා මේ මහා පාවාදීම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම්මට්ටමේ සමාජිකයන් පසුවන්නේ දැඩි කලකිරීමෙනි.

යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වුවහොත් ඉදිරි පාර්ලිමේන්තුව නියෝජනය කිරිම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඉතිරි වන්නේ නැත, එසේම බැසිල් විසින් දැනට පොරොන්දු වී ඇති අමාත්‍යධූර ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොලැබී යාමට බොහෝ සේ ඉඩ ඇත.

දුමින්ද දිසානායක කියනාකාරයේ ගිවිසුම් කුණු කූඩයට වැටෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වදවී යා හැකිය.

ජනාධිපතිවරණ සමයේ මේ අර්බුදය නොපෙනුනත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ මහා පාවාදීමකට ගොදුරුව ඇති බව සියල්ලන්ට වැටහෙනු ඇත. අහෝ එවිට ප්‍රමාද වැඩිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *