මෙහෙන්දි styles

ෆේෂල්, නේල් ආර්ට්, මෙනිකියු, පෙඩිකියු කලර් මේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දී අපට නිතර ඇසෙන වචන. මේ හැමදේම කරන්නේ තමන්ගේ සුන්දරත්වය වැඩිකර ගන්නයි. ඒ අතර මෙහෙන්දිවලට වර්තතමානයේ වැඩි ඉල්ලුමක් තිබෙනවා. දෑත්, දෙපා, පමණක් නොවෙයි, පිට ප්‍රදේශයේ පවා මෙහෙන්දි වර්ණ ගැල්විය හැකියි. මෙහෙන්දි හදන්නේ මරතොණ්ඩි කියන ශාකයේ පත්‍රවලින්. අතීතයේ කාන්තාවෝ මේ මරතොණ්ඩි කොළ අඹරාගෙන, එයට දෙහි එක්කර සාදා ගන්නා මිශ්‍රණයෙන් තමයි තමන්ගේ දෑත් හා දෙපාවල විසිතුරු රටා ඇඳගත්ෙත්.

උතුරු ඉන්දියාව, අරාබිය, පාකිස්තානය මෙහෙන්දි ගැල්වීමට නම්දරාපු රටවල්. පෙර කාලේ මේ රටවල කාන්තාවෝ, රැකියා කළේ නැති නිසා, විවේක කාලයේදී කාන්තාවන් එක්රැස්වෙලා මෙහෙන්දි ආලේප කර ගත් බව පොත පතේ සඳහන් වෙනවා.

ඒ කාලේ මෙහෙන්දි රටා ඒකාකාරියි. වැඩි විචිත්‍ර බවක් තිබුණේ නැහැ. අද වන විට ඉතා අලංකාර මෝස්තර රැසක් තිImage result for mehendi stylesබෙනවා. ඒ සඳහා විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති ශිල්පිනියන් පවා ඉන්නවා.

වර්තමානයේ මෙහෙන්දි මිශ්‍රණයට මරතොණ්ඩි කොළවලට අමතරව කරාබුනැටි, දෙහි සහ විවිධ වර්ණක එකතු කරනවා. සාමාන්‍යයෙන් මරතොණ්ඩි තැඹිලිපාටයි. ඒත් දැන් ආලේප කරන මෙහෙන්දි තද රතු පාටක් (මෙරුන් පාට) ගන්නවා. මෙහෙන්දි කෝන් සහ ටියුබ් ලෙසත් වෙළෙඳ පොළේ තිබෙනවා. මේවා භාවිතයෙන් ඕනෑම මෝස්තරයක් ඇඳ ගන්න පුළුවන්. ඒත් වැඩිපුර ලස්සන කෝන් එකෙන් ආලේප කරන මෙහෙන්දි. ටියුබ් එකේ තිබෙන මෙහෙන්දිවල රසායනික ද්‍රව්‍ය වැඩිපුර තිබෙන නිසා, එය සැර සුවඳකින් යුක්තයි. මෙහෙන්දි අසාත්මික නොවුණත්, පරීක්ෂාවක් කරලා ආලේප කළොත් වඩාත් යෝග්‍යයි.

සාමාන්‍යයෙන් මෙහෙන්දි ගල්වන්නේ විවාහ උත්සව, දැරියන් මල්වරවීමේ උත්සව, විවාහ ගිවිස ගැනීම් වැනි උත්සවවලදී ඉන්දියානු, අරාබි සහ පාකිස්තාන කාන්තාවන්.මේ අය විවාහ දිනයට පෙර දිනය මෙහෙන්දි ගැල්වීමේ දිනය ලෙස උත්සව ශ්‍රීයෙන් සමරනවා.

අද වනවිට ජාති, ආගම් බේදයකින් තොරව බොහෝ කාන්තාවන් මෙහෙන්දි ගල්වා ගැනීමට කැමැත්තක් දක්වනවා. මෙහෙන්දි ගැල්වීම මගින් දෑත්වලට අලංකාරයක් ලැබෙනවා වගේම, සිසිල් බවක් ලැබෙනවා. ශරීර උෂ්ණත්වය අවම කරන්නත් මේ මඟින් පිටිවහලක් ලැබෙනවා . මෙහෙන්දි ආලේප කළ සැනින් වියළෙන්නේ නැහැ. මේවා ගැල් වූ පසු දෙහි වතුර, තේ කහටවලින් වරින් වර එය තෙත් කළ යුතුයි. එවිටයි මෙහෙන්දිවල වර්ණය හා මෝස්තරය සමට ඉතා හොඳින් අල්ලා ගන්නේ.Image result for mehendi styles

කළු පැහැති සමකට වඩා පැහැපත් සමකට මෙහෙන්දි රටා ඉතා හොඳට ගැළපෙනවා. ඒ වර්ණය කැපී පෙනෙන නිසයි. මෙහෙන්දි ගැල්වීමෙන් පසු ඉවත් කිරීම කරන්න බැහැ. ඒ නිසා මෝස්තරය එකවර නිවැරැදිව ඇඳිය යුතුයි. සාමාන්‍යයෙන් එය‍ වේලෙන්න පැය 3ක් වැනි කාලයක් ගත වෙනවා. මෙහෙන්දි ගැල්වීමෙන් දිනක් පමණ ගත වූ පසු ලස්සන තද වර්ණයක් දකින්න පුළුවන් . ඒ නිසා උත්සවයට සහභාගි වන කෙනෙක් හෝ මනාලියක් නම්, අදාළ දිනට දවස් දෙකකට පෙර මෙහෙන්දි දමා ගැනීම වැඩි ලස්සනක් ගෙන දෙනවා.

ඉන්දියානු, අරාබි, පාකිස්තාන් යන මෙහෙන්දි මෝස්තර තුනෙන් ඔබ කැමැති මෝස්තරයක් තෝරා ගන්න පුළුවන්. එකිනෙකට වෙනස් ඉතා සිත්ගන්නා සුළු මෝස්තර රැසක් මෙහෙන්දි ශිල්පිනියන් ළඟ තිබෙනවා. සති දෙකට වැඩි කාලයක් මතුපිට මෙහෙන්දි රඳවා ගන්න පුළුවන්. ගැල්වීමෙන් පසු වියළෙන තෙක්, දෑත්, දෙපා නොසොල්වා තබා ගැනීම නම් අනිවාර්යයෙන් කළ යුතුමයි.Image result for mehendi styles

Image result for mehendi stylesImage result for mehendi stylesRelated image

 

Related image

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *