හූ කියනවා නම් පොහොට්ටුවේදීකාවල අපි නෑ – ශ්‍රිලනිප මන්ත්‍රීවරු කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ රැුස්වීම්වලදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට විරෝධය පාමින් හූ හඬ නැඟීම නතර කොට, ඒ සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි ක්‍රියාමාර්ගයක් ගන්නාතුරු පොදුජන පෙරමුණේ රැුස්වීම්වලට නොගොස් ඒවා වර්ජනය කිරීමට තීරණය කොට ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කොට සිටී.
පසුගිය කාලය තුළදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ වැනි කණ්ඩායම්වලට හූ හඬට මුහුණදීමට සිදුවී තිබුණි. ඊට අමතරව මීට පෙර පොදුජන පෙරමුණ සමඟ එක්ව එම පක්ෂයේ සාමාජිකයන් ලෙස කටයුතු කරන ජෝන් සෙනෙවිරත්න, ටී.බී. ඒකනායක, තාරානාත් බස්නායක, චන්දිම වීරක්කොඩි ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකටද හූ හඬ එල්ලවී තිබුණි. ඒ අනුව ශ්‍රීලනිප ප්‍රබලයන් පොදුජන පෙරමුණේ රැුස්වීම්වලට සහභාගී වීම නවත්වා ඇත.