ජනබලවේගයේ සංස්තෘකික ප්‍රතිපත්තිය එළියට ..

බහුභාෂී සහෘද වැඩබිමක් නව සංස්කෘතික මිනිසෙක්” ලෙස නම් කරමින් ජාතික ජන බලවේගයේ කලාව හා සංස්කෘතිය පිළිබඳ ප්‍රතිපත්තිය එළිදැක්වීම ඊයේ (20) වෝටස් ඒජ් හිදී, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනු දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ, සම්මානනීය රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය, ශ්‍රී ලංකා විකල්ප කණ්ඩායමේ සාමාජික, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කළා අධ්‍යන අංශයේ හිටපු අංශාධිපති, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා, සම්මානනීය සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථාකාචාර්ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අධ්‍යනාංශයේ අංශාධිපති, ප්‍රවීන නාට්‍යවේදී, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතා, සම්මානනීය රංගනවේදිණී, කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය, ප්‍රවීන සාහිත්‍යවේදී සුදාරාජ් රාජසිංහම් මහතා, සම්මානනීය රංගනවේදී චාන්දනී සෙනෙවිරත්න මෙනවිය, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, සම්මානනීය සිනමාවේදී විශාකේෂ චන්ද්‍රසේකරන් මහතා, සම්මානනීය සංගීතවේදී නදීක ගුරුගේ මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය, ප්‍රවීන සිනමාවේදී සෙනේස් දිසානායක බණ්ඩාර මහතා, සාහිත්‍යවේදී කෞෂල්‍ය කුමාරසිංහ මහතා, සම්මානනීය රංගනශිල්පී කමල් අද්දරආරච්චි මහතා ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී වී සිටිහය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *