2019 සාහිත්‍ය පිළිබද නොබෙල් සම්මානය ඕස්ට්‍රියානු ලේඛක පීටර් හැන්ඩ්ක් ට

පීටර් හැන්ඩ්ක් උපත ලබන්නේ 1942 දෙසැම්බර් 06 දා ඔස්ට්‍රියාවේ දී. නවකතාකරුවෙක්, නාට්‍ය රචකයෙක්, පරිවර්තකයෙක්, කවියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ තිර රචකයෙක් ලෙස ඔහු ලොව පුරා ප්‍රකටයි. 1960 දශකයේ අග භාගයේදී ඔහු ලියන Offending the Audience නාට්‍ය කෘතිය සහ The Goalie’s Anxiety at the Penalty Kick නවකතාවත් නිසා සමාජයේ ඔහු පිළිබද කතාබහක් ඇති වෙනවා. ඔහුගේ මව 1971 දී සිය දිවිනසා ගන්නා අතර එම සිදුවීම ඔහු තුල ඇති කල කම්පනය ඔහු ලියූ A Sorrow Beyond Dreams කෘතියෙන් පිලිබිඹු වෙනවා.

ලොව ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන Wim Wenders සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැන්ඩ්ක් Wings of Desire වැනි තිර රචනා ලියා තිබෙනවා. හැන්ඩ්ක් යුගෝස්ලාවියානු යුද්ධය වැනි කාරණා සම්බන්ධයෙන් විවිධ මතභේදාත්මක ආස්ථානයක් දැරූ බව ප්‍රකට කාරණයක්. ස්ලොබොඩාන් මිලොසෙවික් ගේ අවමඟුලේදී ඔහු කළ කථාව අන්ත දක්ෂිනාංශික සර්බියානු ජාතිකවාදයට සමාව අයැදීමක් ලෙස සැලකෙනවා.

මෙතෙක් සම්මාන ගණනාවක් දිනා ඇති හැන්ඩ්ක් 1973 ජෝර්ජ් බුච්නර් සම්මානය, 2018 ජීවිතයේ එක් වරක් ලැබෙන ඔස්ට්‍රියානු නෙස්ට්‍රෝයි රඟහල සම්මානය සහ 2019 දී සාහිත්‍ය සඳහා නොබෙල් සම්මානයද හිමිකරගනු ලැබුවා.

කපිල එම් . ගමගේ 

Image may contain: text

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *