කොහොමද best වෙන්නේ .? – change point – මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි

අපිට කුඩා කාලේ ඉදල හැමදෙනාම කියන්නේ හොද වෙන්න BEST වෙන්න කියල ..ජිවිතේ නොයෙක් අවස්ථා වල සුභ පතන්නේ wish you all the best!! කියල.ඉතිං අපි කල්පනා කරල බලමු මොකක්ද මේ BEST කියන වචනේ තියෙන විශේෂත්වය කියල

B- Balance – සමබරතාවය
E-Enthusiasm- උනන්දුව
S-Single mindness-එකාත්මික සිත
T-Tenacity-දැඩිව අල්ලා සිටිම

අපිට Best වෙන්නමි මේ කරුණු සතර පරිපුර්ණ විම අත්‍යවශ්‍යයි අපි නොසිතුවට මේ ගැන ඇත්තටම ජිව්තෙට අත්‍යවශ්‍ය කරුණු හතරක් මේ

සමබරතාව කියන්නේ අපේ ජිවිත ගමන සමබරව පවත්වාගෙන යාම.පුද්ගලයකුගේ ජිවිතය කොටස් හතරකට වෙන්කල හැකි බව මනෝ විද්‍යාඥ වික්ටර් ෆ්‍රැන්කල් සදහන් කරල තියෙනවා.

 

 

 

 

වෘත්තීය
සමාජිය
පුද්ගලික
අධ්‍යාත්මික

යනුවෙන්.මේ කොටස් හතරින් එක ⁣කරුණක් හෝ බිද වැටුනොත් ජිවිත ගමන අඩාල වෙනවා .කලකිරිම් ඇතිවෙනවා.මන්ද යත් වෘත්තීය ජිවිතය අති සාර්ථක පුද්ගලයෙක් පුද්ගලික ජිවිතෙ අඩුපාඩු ඇති වෙන්න පුළුවන් .කාර්‍යබහුල නිසා පවුලේ වැඩකටයුතු අතපසු වෙන්න පුළුවන් .එහෙම දිගටම ඒ දේ සිදුවුනොත් පුද්ගලික ජිවිතය. කඩාවැටේන්න ඉඩ වැඩියි එනිසා මේම කොටස් හතර සමබරව තියාගන්න අවශ්‍ය සාර්ථක ජිවිතයකට.මේ සැම කටයුත්තකටම සිමා මායිමි තබා ගැනිමේ හැකියාව
හැමදෙනාටම වැදගත් ..සිමා මායිම් හදුනා ගැනිමේ ඥානය සදහා හොද පෙෘරුෂයක් තියෙන්න ඔන

Enthusiasm

උනන්දු නැතිව අපේ කිසිම සිහිනයක්. සැබැ කරගන්න බැ.ජිවිතේ දිගු ගමනක් යන්න උනන්දුව නැතිවම බැරි සාධකයක් .නිර්මාණශිලි නිර්මාණ බිහිවෙන්න උනන්දු ඉතා ප්‍රබල කරුණක්.කරන රැකියාව හොදින් කිරිමට එය සාර්ථක විමට උනන්දුව බලපානවා.උනන්දුවෙන් කරන කියන සැම කටයුත්තක්ම සාර්ථක වෙනවා

Single Mindness

අපිට තුඩාකාලයේ ඉදලම වැඩිහිටියන් කියන්නේ එක වරකට එක වැඩක් පමණක් කරන්න දොඩමි ගොඩ බදා ගත්ත වගේ බදා ගන්න එපා හැමදෙම කරන්න එපා කියල ..එදවස් වල එගැන නොසිතුවට එහි විශාල අරුතක් තියෙනවා. එක වරකට තමන් කරන කාර්ය ගැන විතරක් සිතන්න පුළුවන් නමි එය හොදින් සාර්ථකය නිමා කරන්න හැකියාවක්  බේනවා.මනසේ සියලු ශක්තිය එකවර එක වැඩකට යොමු කිරිමෙන් එය වඩාත් සාර්ථක වෙනවා. අපි භවනා කරනවා කියල පුරුදු වෙන්නෙත් සිත එක අරමුණකට ගැනිම.. මම දැන් මේ දෙය කරන්නේ කියන සිතුවිල්ල වැදගත්. සිහි නුවණින් කටයුතු කල යුතු බව අපේ සැම ආගමක වගේ කියල තියෙන සක්‍යයක්

Tenacity
අපි කරන ඔනැම දෙයක් අශාවෙන් දැඩි කැමැත්තකින් කරන්න ඔන.එසේ නොමතිනමි එය සාර්ථක ⁣වේන්නෙ නැ.කෙටි කාලයකින් එය අපට එපාවෙනවා. දැඩි කැමැතකින් කරන ඔනැම දෙයක් සාර්ථක වෙනවා. එදිනෙදා අපි කරන වැඩකටයුතු . රාජකාරි අශාවෙන් කලහොත් එය සේවාදායකයාට මේන් සේව්‍යයාට යහපතක් සිදුවෙනවා.

Best වෙන්න ජිවිත කාලයේදිම සතර වදැරුමි කරුනු

ඉතා වැදගත් මන්ද මේ එක සාධකයක් හො මග හැරුනොත් අපට සාර්ථක වෙන්න අපහසුයි.බොහෝ වේලාවට අපි BEST වෙන්න සිතුවත් මේ ගැන සිතුවේ නැ නේද ..අද ඉදල BEST වෙමු මේ සතර කරුණු පරිපුර්ණ කරගෙනම

සද…..
වසන්තිකා ස්වර්ණමාලි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *