සැමියා පිට යන්නේ කාගේ වරදින්ද ? – දර්ශි බස්නායක

පෙරදිග සාමාන්‍යය විදිය විවාහයෙන් ගෑනු දරැවො ලැබුනම සැමියා සමඟ තීන ගනුදෙනුව ගොඩක් අඩුවෙනවලු. ඊට පස්සෙ එම කාන්තාවන්ගෙ පූර්ණ අවධානය තම දරැවන් සහා තම නිවසේ වැඩ කටයුතු සහා රැකියාවේ නියුතු කාන්තාවක් නම් රැකියාවේ වැඩකටයුතු වෙත තමා අවධානය යොමු කරන්නෙ. නියම වචනෙන් කීවොත් සාම්ප්‍රදායික අම්මගෙ භූමිකාව.

දරැමල්ලො ලැබුනයින් පස්සෙං පහු සැමියා සමඟ අඹුසැමි සම්බන්ධතාවයට අවැසි ලිංගිකව එක්වීමේ උදාසීනත්වය. වැඩිය අවශ්‍ය නෑ කසාදෙට පෙර ලස්සනට පිලිවෙලට පියකරුව සිටි ගැහැනිය එහෙම පිටින්ම වෙනස් වෙනවා දරැවො ලැබුනට පස්සෙ.ඇඟ ආරනවා පිරිසිදුකම ගැන නිසි සැලකිල්ලක් නෑ කොන්ඩය නිසි ලෙස පීරන්නෑ.බාච්චු ඇඳුම් ඔහේ අැඟේ එල්ලං ඉන්නවා.

සමහරක් කාන්තාවන් ඉන්නවා උදේට සැමියා රැකියාවට යත්දි ඇඳගෙන සිටිය රෑ ඇඳුම ගොඩක් වෙලාවට හවස ඔහු රැකියා කටයුතු අහවරවී ගෙදට්ට එත්දිත් දැලිකුනු නාවර පෙරාගෙන ඇඳගෙන ඉන්නවා. එයාල හිතන්නෑ දවස පුරා වෙහෙසිලා හවසට ⁣ගෙදරට එන ස්වාමියාව පිලිවෙලකට ඇඳපැලඳගෙන පියකරු සිනහා මුසු මුහුනින් ගෙදරට පිලිගනිත්දි අර මනුස්සයගෙ වෙහෙස මහන්සිය ඔලුවෙ තිබෙන රැකියා ස්ථානයේ ඇතිවෙන ප්රශ්න මද ඉසිඹුවකට හෝ ඒ මනුස්සයගෙ මනසින් ඉවත්වෙනවා බිරියගේ සිනහා පිරි මුහුණ දැක්කම කීන එක ගැන අව⁣බෝධයක් තීනවාද යන්න සැක සහිතයි.

කොටින්ම අපේ විවාහක කාන්තා පාර්ශවයට තමන්ගෙ භාහිර ස්වරෑපය ගැන පිරිසිදුකම ගැන කිසිම තැකීමකූත් නෑ. උදාහරණ ඉතිං අහල පහලිං නැත්තං තමන්ගෙ නිවසින්ම හොයාගන්ටත් පුළුවං. මේ ප්රවනතාව වැඩිවෙන්නෙ ගම්බද ප්රදේශයන්ට ආසන්න වෙත්දි. වැඩිය ඕන්නෑ ඕපදූප හොයන්ට එන්නෙත් රෑ ඇඳුම පිටිං. එයාල හිතන්නෑ සැමියා තම බිරිඳ විවාහයට කලිං දරැමල්ලො ලැබෙන්ට කලිං තමං ආදරය කල ගැහැනියගේ ස්වරෑපය සහා ඇගෙන් ඔහුට ලැබුන ආදරය ඇගෙන් දරැවො ලද පසුත් ඇගෙන් බලාපොරොත්තු වන බව.

සැමියා සැමදා බිරියගෙන් ඇය කලිං සිටි ප්රියමනාප බව ආදරනීය හැඟුම් සැමදා එකලෙසින් බලාපොත්තු වන බවට දැනීමක් නොමැති තරම්. ඊට පස්සෙ වෙන්නෙ ඇය කවදාවත් බලාපොරොත්තු නොවන පැත්ත. සැමියා කාර්යාලයට යන එන අතරතුර සහා කාර්යාලයේ සිටින කාන්තාවන් හා තම බිරිය සමඟ සැසඳීමක් කරනවා. එතනදි විවාහයට කලිං තමං ආදරය කල පෙම්වතියයි දරැවො ලබලා ඉන්න තම බිරියයි අතරෙ ලොකු වෙනසක් ඔහුට දැනෙනවා.
අන්න එතනදි තමා බොහෝ විට තම බිරියගෙන් නොලැබෙන ආදරය ලිංගික පහස පිටස්තර කාන්තාවකගෙන් ලබාගැනීමට උත්සහා කරන්නෙ.
අඩුම ගානෙ තමන්ගෙ ස්වාමියා යන එන තැං කරන කියන දේවල් ගැන හොයන්ටවත් කසාද ගෑනිට උවමනාවක් නැතිකම නිසා. නමුත් ස්වාමියා වැරදි මාර්ගෙ ගියා කීලා දැනිච්චි හැටිය ආරංචි වෙච්චි හැටිය අපේ නෝනලා දුම්මල වරං ගත්තු කට්ටටඩියා වගේ තමා. තමං අතිං වෙච්චි වැරදි අතපසුවීම් ගැන එතකොටවත් හෙයලා බලලා හදාගන්ට තරංවත් උවමනාවක්නෑ පරල වෙලා මිනිහටම දොස්පවරනවා.

ඒක වෙන්නෙ තනිකරම බාර්යාවගෙ පාර්ශවයෙන් සිදුවන වැරැද්දක් කීලයි මනෝවිද්‍යඤයො කියන්නෙ. නමුත් බටහිර ගෑනු එහෙම නැතිලු.එයාලා දරැමල්ලො සැමියා සමඟ තෘප්තිමත් ලිංගික ජීවිතය බැලන්ස් කරගෙන යනවලු. ඒනිසා විවායෙන් පසු දරැවො ලද පසු පවා තමන්ගෙ රෑප ස්භාවය පිරිසිඳුකම පිලිබඳවත් සැමියා පිලිබඳවත් අවධානය සහා ඔහු තෘප්තිමත් වන ලිංගික සන්තුෂ්ටිය ඔහුහා බෙදාගෙන සාර්ථක යුග දිවියක් ගතකරන්ට අනිත් අයට ඔයාල ගැන ඊර්ෂ්‍යා හිතෙන තරමට.

ෆයිටිං ඇන්ඩ් චියර්ස් බියුටිෆුල් ලේඩීස්

දර්ශි බස්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *