රේස් දුවන ළමයි හදන අම්මලාට සිතන්න යමක් – දර්ශී බස්නායක

විවාහයකින් පසු බොහෝ විට විවාපත් ⁣යුවලකෙගෙ පැතුම දරැවන් ලැබීම.ගොඩක් මවුවරැ දරැවකු තම කුසට ආදා පටන් නූපන් දරැවා වෙනුවෙං විශාල හීන දකිනිවා.
මාස දහයක ඇවෑමෙන් දරැවා මෙලොව එලිය දුටුදා පටං බොහොමත් ආදරයෙන් දරැවා ඇතිදැඩි කර උස් මහත් කරනවා.
ඔව් ඒ සැබෑ මවුපිය සෙනෙහස.
ක්රමක් ක්රමයෙන් දරැවා පෙරපාසල් යන වයසට එලඹෙනවා ඊටත් පස්සෙං පහු ඉස්කොලේ යන්ටත් පටං ගන්නවා.

අන්න එතනින් තමා දෙමව්පියන් දරැවන් ඇදගෙන ඉගැන්වීමේ රේස් එක පටන් ගන්නෙ.

මවුවරැ දරැවා කුසට ආදා පටන් මවන විශාල හීන පසුපස හඹායෑම පටන් ගන්නෙ කුඩා දරැවා ඉස්කොලේ පලමුවැනි වසරට පාතියපු දවසේ පටන්.

සරලවම කීවොත් තමුන්ට සපුරා ගැනීමට නොහැකි වූ හීන තම දරැවා මතින් ඉටුකරවාගැනීම කීවොත් නිවැරැදියි.

( සුළුතරයක් දෙමව්පියන් එසේනොවිය හැකියි නමුත් බහුතරයක් දෙමවුපියන්ගේ කතාව මේක.)

මේක මගේ අත්දැකීමක් මං මගේ දුව පලමු වසරට ඇතුලත් කරපු මුල්කාලේ පලමු වාරයේ මූන දීපු අත්දැකීමක්.
ඇත්තම කීවොත් මගෙ දුවට ඉස්කොලේ යත්දි එක සිංහල අකුරක් ලියා ගන්ට බෑ.
මොකද පෙරපාසල් ගුරැතුමිය අපිව ඒ දවස්වල අපිව දැනුවත් කල්ලා තිබ්බ රජයේ පෙරපාසල් විශය නිර්දේශයට අනුව අකුරු ලියවීම තහනම් කීලා.
නමුත් එක වසර පංති පටන් අරං මාසෙන් වගේ ඉස්කොලේ අකුරැ ලියන්ට ගත්තා.
මට හැමදාම ඉස්කොලේ දවල්ට දුව ගන්ට ගියාම ඇහෙන්නෙ එකම ගීතයයි ලමයි බලාගන්ට හිටපු අම්මලා දෙන්නගෙනුයි ටීචර්ගෙනුයි අනේ දුව හරිම ස්ලෝ වැඩ කරන්නෙ හරිම හිමිං අකුරු ලියන්ටත් ටිකක් හොරයි දරැවා ටිකක් වීක් මන්තරයක් වගේ.
ඇත්තටම කීවොත් මට ඉස්කොලේ යන එක එපාවුනා කොටින්ම කීවොත්.
නමුත් මං හිටියෙ මගේ මතේ.
මං දරැවට බලෙං ගුටි ඇන ඇන උගන්වන්ට ගියේ නෑ.අමාරැවෙන් හරි ටික ටික අකුරැ ලියන්ට ඉගැන්නුවා ගෙදර ඉඳං.
ඉස්කොලේ ලීපු අකුරු ගෙදරදිත් නැවත ලියෙවුවා.කෙල්ලත් ටික ටික ලියන්ට ඉගෙන ගත්තා.නමුත් දෙවන වාරයේදී ඒක වෙනස් වුනා මුල් වාරයේ හිටපු ටීචර් පෙන්ශන් ගියා අලුත් ටීචර් කෙනෙක් හොඳ දරැවන්ට ආදරේ කරැනාවන්ත දරැවන්ගෙ චර්යාවන් හොඳට අඳුර ගත්තු ගුරැවරියක් දුවට ලැබුනා.
දරැවාගෙ කලිං තිබූ දුර්වලතාවයන් හඳුනාගෙන එම දුර්වලතාවයන්ට සාර්ථක විසඳුම් දුන්න හොඳ ගුරැවරියක් ලද මගේ දුව එක වසරේ සිට තුනවසර දක්වා ඇගයීම් පරීක්ෂන වලින් සාර්ථක ප්රථිපල පෙන්නුවා.

ඒ පිලිබඳව මං අනේක වාරයක් එම ගුරැතුමියට ස්තූතිවන්ත වෙනවා.මොකද දරැවෙක්ට අධ්යාපනයට උනත් ආසාවක් කැමැත්තක් ඇතිවෙන්නෙ ඒකට මූලික අඩිතාලම දාන එකවසරෙ සහා පෙරපාසල් ගුරැවරිය.

ඔය අතරෙ හොඳම හරිය තීන්නෙ ඉස්කොලේ ඇරෙනකං ගේට්ටුව ගාව ඉත්දි.
එක වසර ඇරෙනකං ඉතිං ගේට්ටුව ගාව හිටං ඉන්නවත් කීමුකො ඒ ඉත්දි ගෑනු කියවනවා.
අර ටීචර්ගෙ ටියුෂන් එක හොඳයි මේ සර්ගෙ පංතිය හොඳයි අරක මේක.
කතා කරන්නෙ මොන අම්මලද එක වසරෙ දරැවන්ගෙ අම්මලා.
එක වසරෙ උගන්වන සිංහල, බුද්ධාගම, ගනිතය,පරිසරය ඔය විශයයන් වලට එක වසරෙ දරැවා පංති අරිනවා.
ඊටත් අමතරව නැටුම් පංති වගේ ඒවටත් පංති යනවා.
ඒක ඉතිං කමක්නෑ ලමයට ඇඟට ව්යායාමයක්නෙ කීලා හිතන්ට පුළුවං.

නමුත් විශයන් හතරකට කුඩා දරැවෙක් පංති අරිනවා කියන්නෙ මහම මහා විහිළුවක්.
ඒ මදිවට මගෙනුත් අහනවා චමත්කා පංති අරින්නැත්ද කීලා.
මං ඉතිං අනේ නෑ මං ගෙදර තියං උගන්වනවා කීලා ශේප් වෙනවා.

අන්න එතන එක වසර කීයන තැන ඉඳං තමා ළමයව අධ්‍යාපන රේස් එකේ ක්‍රියා සාමාජිකයෙක් කරන්නෙ.
ඒකනෙ ශිෂ්යත්ව විභාගය අම්මලාගෙ විභාගය කියන්නෙත්.

මං දරන මතය තමා දරැවකුට උගන්වන එක හරිම හොඳ දෙයක්.
නමුත් අනවශ්ය ප්රෙශර් එකක් ඒ දරැවගෙ කුඩා මනසට දෙන්ට එපා.
අනික තමා දරැවෙක්ට ඉගෙනගැනීමට ආශාවක් තිබිය යුතුයි කීන එක මං විශ්වාස කරනවා.
අපි කොච්චරවත් බල කලත් ඒ දරැවා ඉගෙනගැනීමට කැමැත්තක් නැත්තනම් බලෙං උගන්වලා වැඩක් නෑ එයාලා ඉගෙන ගන්නෑ.
හොඳම දේ දරැවා හැදැරීමට කැමති අංශයන් අසා සොයාබාලා ඒවෙත දරැවා යොමු කිරීම.
අනික් එක තමා ශිෂ්යත්වය කියන්නෙ හොඳ පාසලකට යන්ට තීන එක ක්රමයක් සහා එක විභාගයක් විතරයි.

මූලික කඩයිම් විභාග ලෙසට අඳුනා ගන්නෙ ලංකාවෙ ඕලෙවල්ස් සහා ඒලෙවල්ස්.
දරැවෙක් එකේ පංතියෙ ඉඳං පංති යත්දි ඒලෙවල්ස් වෙත්දි ඉගෙනීම දරැවට එපා වෙන එක පිලිබඳව දෙමව්පියන් පුදුම විය යුතුනෑ.

මොකද දරැවාගෙ සෙල්ලම් කරන වයස ගෙවෙන්නෙත් ටියුෂන් ක්ලාස් වලට.
ළමයට ළමා කාලයක්නෑ.
අනික ඔයාලට යන්ට බැරිවුණ ටාගට්ස් ලමයා ලවුව ඇචීව් කරගන්ට කවදාවත්ම හිතන්ටත් එපා.
ඒක දරැවට කරන ලොකුම අසාධාරණයක්.
දරැවට ඩොක්ට කෙනෙක් ඉංජිනියර් කෙනෙක් ලෝයර් කෙනෙක් අකවුන්ට් කෙනෙක් වෙන්ට බලකරන්ටවත් ඒ ෆීල්ඩ්ස් වලට ගැලපෙන විශයධාරවන් ඔබ විසින් තෝරා දරැවා අකමැත්තෙන් ඒමාර්ගයේ අරින්ටත් එපා.

දරැවා ස්වකැමැත්තෙන් උවමනාවෙන් එම විශයන් හදාරල සාර්ථක වෙනවනං ඒක හොඳ දෙයක් ඒකෙම අනික් පැත්ත වුනොත් දරැවගෙ සම්පූර්ණ අධ්යාපනයම කඩාවැටෙනවා.
එතකොට දෙමව්පියන් ලෙස ඔයාලා දරැවට බැන අඬගහලා වැඩක්නෑ.
මොකද එහි මූලික වරද කරැවන් වෙන්නෙ දෙමවුපියන් වන ඔබ.
දරැවගෙ බුද්ධි මට්ටමට දරා ගැනීමේ හැකියාව මත ඒ දරැවගෙ හැකියාවන්ට ඉසිලිය නොහැකි බරක් දාලා ඒ ලමයව අසාර්ථක කිරීමට මූලික වන්නෙ දෙමවුපියන් වන ඔබ.

නිකමට දරැවා කැමති වීශය පතයක් දරැවට තෝරගැනීමට නිදහස දී දරැවට එය කරගෙන යාමට ඔබ රැකුලක් වී බලන්ට දරැවා එතනදි අතිශය සාර්ථකයි.
යම් පසුබෑමක් වුවත් එය නිවැරැදි කරගෙන ඉදිරියටම යාමේ හැකියාව ඔහු සතුයි.

අනික ඕලෙවල්ස් ඒලෙවල්ස් ෆේල් උනා කීලා දරැවෙක්ගෙ ජීවිතය එතනින් නවතින්නෙත් නෑ.ඕනිතරං වෘත්තීය පුහුනු ආයතන ලංකාවෙ තීනවා.දරැවා ඉගෙන ගැනීමට කැමති වෘත්තීය පුහුනුවකට යොමු කරන්ට දරැවා එතනින් සාර්ථක වෙන්ට පුළුවං.

ඒකට හොඳම උදාහරණය මාවම ගන්ට.
අම්මා අපුච්චගෙ කැමැත්ත වුනේ මං අකවුන්ට්ටන්ට් කෙනෙක් වෙනවා දකින්ට.
නමුත් මං ගනිතය පැත්තෙං අතිශය දුර්වල ලමයෙක්.
ඕලෙවල්ස් උනත් මං ගනිතය පේපර් එක ගොඩදාගත්තෙ මගෙ ටියුෂන් මාස්ටර් කොටලා පෙවුවා හා සමානයි මට ගනිතය.
එච්චරටම දුර්වලයි.
මං එක්ස්ටර්නල් ඩිග්රි එක අකවුන්ටන්සි විභාග සේරගෙම පලමු අදියරින්ම ෆේල්.
ගනිතය පේපර් ⁣එක ෆේල් වෙන නිසා.
ගනිතය පේපර් එක ෆේල් උනාම අනික් ස්ටේජස් වලට යන්ට මට බෑ.
එතකොට මට අම්මා අපුච්චගෙ ටාගට් වලට යන්ට බැරිවුණ දුක තිබ්බ.
ඒත් මම පස්සෙ හිතුවා මම මම වියයුතුයි කීලා.
පස්සෙ මං මගේ ඉගෙනුම් විශය වෙනස් කලා.
මානවසම්පත් කලමනාකරනයට.
එතනදි මං සාර්ථකයි මොකද ගිරවා වගේ මට කටපාඩම් කරන්ට පුළුවං හැකියාව නිසා.
ඒකෙං මං උසස් රැකියාවකුත් කලා.අම්මා අපුච්චත් සතුටුයි.

අන්න ඒනිසා මං කියන්නෙ ඔබේ සපුරාගැනීමට නොහැකිවූ හීන කරා යාමට දරැවා අවභාවිතා නොකරන්ට.
දරැවට දරැවාගේ නිදහස දෙන්ට.
දරැවට ඒ දරැවාගෙ නිරවුල් මනසින් සිතීමට ස්වෝත්සාහීව කටයුතු කිරීමට ඉඩදෙන්ට.
ඒ දරැවා පියනගන මාර්ගය නිවැරැදිව පිය නැගීමට අවශ්ය උපදෙස් පමනක් දී ඒ දරැවාගේ සාර්ථකත්වයට ඔබ රැකුලක් වෙන්ට.

දරැවා හුස්ම ගතයුත්තෙ ඔබ හුස්ම ගන්නා ආකාරයටද දරැවා සිතිය යුතු ඔබ සිතන පතන යුරින් හෝ අනාගතය දෙස සිහින බැලිය යුත්තේ ඔබට අවැසි අයුරින් නෙවන බව සිහිතබා ගන්ට.

මෙලොවට දරැවකු බිහිකල පමනින් හොඳ අධ්යාපනයක් දී උස්මහත් කල පමනින් දරැවකු යනු අපගේ උවමනා එපාකම් පිරිමසාගැනීමට යොදා ගන්නා පෞද්ගලික බූදලයක් නොව මෙලොව බිහිවු දරැවාට ඔහුට ආවේනිකවූ ඔහු ගොඩනගා ගන්නා ඔහුගේම ලොවක් ඇතිබවද සිහියට නගාගන්ට.
එසේම එය දරැවාගේ අයිතියක්ද වන බව මතකයේ රඳවගන්ට

ලෝකෙ සාර්ථක ජීවිත ගතකරන ප්රමුක පෙලේ පුද්ගලයන් ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා නොවන වගත් ඔබ දන්නවා ඇති.
ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා අකවුන්ට්ස්ලා ලෝයර්ලා තවත් පුද්ගලයන් යටතේ තම වෘත්තීය කටයුතු කරනවා ඔබ දැක ඇති.

අවසන දරැවාට දරැවාගේ නිදහසදී ඔහුගේ හීන දැකීමට ඔහුට ඉඩදෙන්⁣ට.
ඔවුන්ගේ හීන හඹායෑමට ඔවුන්ට උදව් කරන්ට.එතනදි ඔබ සාර්ථක දෙමව්පියන් යුවලක් වනු ඇත.

ෆයිටිං ඇන්ඩ් චියර්ස් ආදරනීය
දෙමව්පියනි

>දර්ශි බස්නායක<

Leave a Reply

Your email address will not be published. Required fields are marked *