Update වීම කොහොමද ? – change point – මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි

අපි හැමෝම ජිවත් වන්නෙ වැඩ පරිසරයක. මේ පරිසරය දිනෙන් දින නොනවති වෙනස් විමි සිදුවෙනවා. දවසින් දවස නව නිර්මාණ බිහිවෙනවා. පැරණි දේවල් පසුපසට යද්දි නව නිර්මාණ , තාක්ෂණයක දිනෙන් දින දියුණු වෙනවා. නව අංග එක් වෙනවා. අලුත් දෙවල් සොයා ගන්න මිනිසා තුළ තියෙන්නෙ නොසිදෙන අසාව මෙයට එක් හේතුවක්.

නව සේවකයින් බදවා ගැනිම පෙරට වඩා වේගවත් වෙනවා. වෙනස්වන පරිසරයේන් ප්‍රයෝජන ගන්න අපිත් ඊට සරිලන ලෙසින් හැඩ ගැසිය යුතුයි. එසේ හැඩ ගැසිමට නොහැකි වුවහොත් අපි ආපස්සට අඩියක් තැබිමක් වෙනවා. එනිසා එදිනෙදා වෙන වෙනස් විම් ගැන අපේ දැනුම අලුත් කරගත යුතුයි .Update විය යුතුයි.

අතීතයේ සිටි ඩයිනෝසරයන් වදව යන්නට හේතුව සොයා පර්යෙෂණයේ නියලි විද්‍යාඥයන්ට හෙලි වුයේ ඩයිනෝසරයන් වෙනස්වන පරිසරය තත්ත්වයන්ට අනුගත විය නොහැකි විම වද වු බවයි. ඉතිං අපිත් ඩයිනෝසරයන් නොවු යථා තත්ත්වයන් අනුව හැඩගැසෙමු. ඩයිනෝසරයන් යනු ඉතා තද,මොනම විදියකින් වත් සෙලවිය නොහැකි ..නම්‍යශිලි නොවන අයයි. ඉතිං අපි ඩයිනෝසරයන් නොවි. වැඩ ලෝකයත්
සමග ඉදිරියට යමු.

අලුත් දේවල් ඉගෙන ගැනිමට කැමති වුවත්.අපි එක කොටුවක සිර වි එතුලින් එළිය බැලිමට බියෙන් සිටින්නෙමු.වර්ථමාන තත්ත්වය අසතුටුදායක වුවත් හුරුපුරුදු රැකියාවෙන් පරිසරයෙන් මිදිමට නොහැකිව ලත වෙමු.මේ නිසා අප වටා තියෙන හොද අවස්ථා මග හැරේනවා.එ අවස්ථාවල සොදුරු බව යහපතක් බව සාර්ථකත්වය අපට දකින්නට ලැබෙන්නේ නැ මේ බිය නිසා. යමක් නොකර එ පිළිබඳව තිරණ ගැනිමට අපි උපන් හපන් බවක් දක්වනවා.අලුත් දේවල් කර බැලිම.නව ව්‍යාපාර ආරම්හ කිරිම. අලුත් නිර්මාණය එළිදැක්වීමට සාර්ථක විය හැකි එක මාර්ගයක්. එක වරක් දෙවරක් වැරදුනත් තුන්වන අවස්ථාව වඩා සාර්ථක විය හැකියි. මොනවත් නොකර හිදිමට වඩා වරදින්න හෝ යමක් කිරිම වටි..

යමක් කරන්න උත්සාහ කරන්න වෙනස් කරන්න නිර්මාණශිලි වන්න සරළ දෙයකින් ආරම්හ කරන්න
මේ අනුව යමි දෙයක් සුළුවෙන් හෝ පටන්ගත හැකි නමි.රජය රැකියා දෙනකම් කාලය නාස්ති කරගත යුතු
නැත. ජිවිතයද සාර්ථක වෙනවා මෙන්ම රැකියා කිපදෙනකුට හෝ ලබාදිය හැකි මටිටම ගමනක් යා හැකියි.

“අවශ්‍ය සියලු දේ කලහැකි බවත්, එසේ කරන බවට තිරණය කරන්න එවිට අපට මාවත සොයා ගැනිම පහසුවනු ඇත.
” – එබ්‍රහමි ලින්කන්. –

වසන්තිකා ස්වර්ණමාලි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *