ලොකු කුඩේ යට පොඩි කුඩ….. -( අනු කලන 04 ) – අනූ ප්‍රනාන්දු ලියයි

සටහනට නිමිත්ත වූ කුඩ දෙකම වස්තු බීජ විදිහට අරන් බැලූවොත්….

ලොකු කුඩයක් ලඟ පොඩි කුඩයක්.කුඩ දෙකම තෙමෙන්නෙ එකම අනෝරා වැස්සට…

පොඩි කුඩේ ට තියෙන්නෙ ලොකු කුඩේ යන්න කියන ගමන් ගිහින් එන එකයි…
තෙමුනොත් එහෙමයි…වේලුණොත් එහෙමයි….අනතුරක් නෑ.පොඩ්ඩක් තෙමෙන වේලෙන මාන්සිය විතරයි…

ලොකු කුඩේ ත් අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා …ඒ අතරේ ලොකු පියස්සක් වගේ ඉඳන් පොඩි කුඩ ටික තමන්ගෙ හෙවණේ තියාගෙන ඉන්නවා..

නා නා වියෝලේ වැහි ජාති තියෙනවානේ…..
මල් වැහි,පොද වැහි…හැමදාම වැටෙන්නෙ නෑ….. මල් වැහි වහිද්දි තෙමෙන්න කට්ටිය වට උනාට…..අකුණු ගහ ගහ වහිද්දි බලු බල්ලෙක් නැතුව බජාර් එකම පාලුවට යනවා….

සමහර දාට ගිනි ගුලි ගුලි විසි වෙන අකුණු පුපුරන…කන් අඩි පැලෙන්න ගර්ජනා කරන මහා කුණාටු වැහි වහිනවා….. ඔඩිට් ද අරකද මේකද එකී මෙකී නොකී ඔක්කොම ප්‍රශ්ණ කුඩේ උඩට පාත් වෙන දවස් නිතර එනවා….

එදාටත් ලොකු කුඩේ නිහඬව….පොඩි කුඩ ටික ආවරණය කරගෙන හිටගෙන ඉන්නවා….අනෝරා වැස්සේ…..
ඉඩක් ලැබුනොත් පහදන්න….බෝම සීරුවට මාරුවට පහදලා ශේප් කරගන්නවා……..
ගොඩක් ම අසාධාරණ ගෙරවිල්ලක් නම් නැගිටලා විරුද්ධ වෙන්නත් මහ කුඩේට බැරි නෑ…..

හැබැයි…..පොඩි කුඩේක වරදකින් නම් ප්‍රශ්ණ ඇති උනේ….මහ කුඩේ කවමදාවත් පොඩි කුඩේට හානියක් වෙන්න දෙන්නෙ නෑ…
කවදාවත් ඒ ප්‍රශ්ණ යට හේතුව පොඩි කුඩයක් බව අහසට කියන්නෙත් නෑ…..

පහුවදාට පොඩි කුඩ ටික ඉස්සරහින් ඉන්දවලා දෙස්සක් කපන එක වෙනම දෙයක්….නමුත් පාවලා දෙන වැඩ නෑ….

මහ කුඩේ තමයි මූල්‍යමය වගකීම්,ආයතනික වගකීම්,සමාජයීය වගකීම් දරන්නෙ….
ඒ දරන වගකීම් අවදානම් වල ප්‍රමාණය අනුව තමයි තනතුරු කියලා ජාතියක් ලෝකෙට පහළ වෙලා තියෙන්නෙ….

කිසිම රැකියාවක් පහත් නෑ.සියලු රැකියා වල අවසාන අරමුණ බඩ වියත රැක ගැනීම නිසා….කාටත් බඩගිනි වෙන නිසා….
නමුත් රැකියා ගත්තම ඕනෑ කෙනෙකුට කල හැකි රැකියා තියෙනවා…අදාළ සුදුසුකම් නැතිනම් කළ නොහැකි රැකියා තියෙනවා….කාය ශක්තියෙන් කළ හැකි රැකියා තියෙනවා…මානසික ශක්තියෙන් කළ හැකි රැකියා තියෙනවා….
හුරුවෙන් කළ හැකි රැකියා තියෙනවා…මනසින් හිතලා කළ යුතු රැකියා තියෙනවා……

එකිනෙකාගෙ ධාරණ ශක්තිය ,හසුරු කුසලතා,බුද්ධිය, භාවාත්මක බුද්ධිය ,උගත් කම,ප්‍රාගුණ්‍යය ,ආකල්ප ආදී සාධක ගොඩක තියෙන විශමතා මතයි පුද්ගලයින් තනතුරු වලට බෙදී යන්නේ..
(මේ කිව්වෙ මාන්සි නොවී හාන්සි වෙලා පුටු වලට ආපු අය ගැන නෙවී)

සමහර විට සමහරු කියනවා ඇහිලා තියෙනවා….දොස්තරලා හරි ලොකුවට හිතාගෙන ඉන්නවා ..ඉංජිනේරුවරු ඔලුව උදුම්මගෙන ඉන්නෙ…ආදී කතා.

“ගොයම් කරලක් පැහෙන්න පැහෙන්නයි පොළවට බර වෙන්නෙ පුතේ” කියලා බොහොම ඉස්සර අතීතෙක අම්මා කිව්වා කියලා ලොකු කුඩේට මතක් වෙනවා….

නමුත් ඕනෑම දේකට දෙපැත්තක් තියෙන නිසා…..දොස්තර කෙනෙක්ගෙ කාරිය ඒ අවබෝධයෙන්..ඒ තාක්ශණයෙන් …ඒ වගකීමෙන් කරන්න පුලුවන් දොස්තර කෙනෙකුට විතරයි කියන එකත් වගකීමෙන් කියන්න ඕනි.

ගොන් තෙල් ගහන අය පොඩ්ඩක් හිතන්නකො ඔය කටකයිවාරු කාරයෙක් , කල්පයක් එකම සර්ජරි වර්ගය දිහා බලන් හිටියත් අදාල technical terms ටිකයි technique එකයි අල්ල ගත්තත්…. දොස්තර දරන ජීවිතයක වගකීම ,අවදානම දරන්න සාමාන්‍ය මිනිහෙකුට පුලුවන් ද?

අපේ මිනිස්සුන්ට වැරදුනේ ඔතනයි.
දොස්තරට ඒ මනුස්සයගෙ වැඩේ කරගෙන ඉන්න නොදී කුහක කමට කියවනවා “අපි ට නම් ලොකු නෑ” කියලා….ඕවා ගොං ආතල්.
ඉතිං තමුන්ටත් තිබ්බනේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න…කාටත් ඉගැන්නුවෙ නිදහස් අධ්‍යාපනයෙන් නේ්…….

නිකම් එකෙකුට scalpal එකට surgical blade එකක් දාලා අතට දීලා බලන්නකො
දැළි පිහිය ගත්ත වඳුරා වගේ හැසිරෙන හැටි.

තම තමුන් හිතලා නිහතමානී වීම වෙනම සිද්ධියක් නමුත් ඒසා විශාල වගකීම් දරණ මිනිස්සු දෙකේ කොළේට ඇදලා දාන්න උත්සාහ කිරීම කුපාඩි කුහක කම.

ඉතිං රැකියාවල වගකීම් අවදානම් කර්කශ කටුක කම් එමටයි…සුලභ යි….

ජීවිතේම නීරස වෙන වෙලාවලුත් නැත්තෙම නෑ.
නමුත් ලොකු කුඩේ ඉවසනවා…..හිතනවා….ක්‍රියාත්මක වෙනවා….වග කියනවා….වග වෙනවා..

සියලු කාර්ය නොපිරිහෙලා ඉටු කරන ගමන් පොඩි කුඩ ටිකත් බලාගන්නවා..
ඉඳහිට සැරයක් දැම්මට ලොකු කුඩේට…පොඩි කුඩ ලෙංගතු ඒකයි….

ලොකු කුඩේ මැනේජර් කෙනෙක් නෙවී.ලීඩර් කෙනෙක්.
මැනේජර් කුඩයක් ආවොත් පොඩි කුඩ වලට දෙවි පිහිටයි…
ලීඩර් කුඩයක් ආවොත් පොඩි කුඩ සතුටින් වැඩ කරයි උපරිමෙන්…..

අපේ උන්නැහේලා නොදන්නෙත් ඒකයි.
තලා පෙළා වැඩ අරන් ලොක්කො ඉස්සරහා තමන්ට “එක” දාගන්න කල්ල කපටි මැනේජර්ලා මිසක වැඩෙත් කරලා සේවක සුභසාධනය ත් බලන නායකයෙක් මිනිස්සුන්ට අගේ නෑ.

මේ අගයන්,ආකල්ප දරුවන්ට දෙන්නට ඕනෑ ලපටි වියේදීමයි.හැදුවොත් දරුවෙක් හරියට….සමාජය වෙනස් කරන එක අපහසු නෑ…..

ඔබට ජය
Anuranga Fernando

Leave a Reply

Your email address will not be published. Required fields are marked *