“පියෙකු මෙන් මවක මෙන්” වෙනුවට ” තක්කඩි” මෙන් හැසිරෙන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි තේමා පාඨය වී ඇත්තේ “පියෙකු මෙන් මවක මෙන්” යන්නයි. එහෙත් ඊට ලජ්ජාකරමින් කටයුතු කරන බව එකී ආයතනය භාවිතාවෙන් ඔප්පු කර තිබේ . රණවිරු ඒ.පී. සමන්ත කිත්සිරි මහතාට අයත් sp-cae 7505 දරන මෝටර් රථය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි රථවාහන හිමිකම් දෙපාර්තමේන්තුවේ රක්ෂණ ය සදහා ලියාපදිංචි වී ඇත්තේ 2015 වසරේය.

ඊට අදාල ගෙවීම් නියමිත ආකාරයෙන් ගෙවීමට ද ඔහු කටයුතු කර ඇත. 2019.09.17 අලුයම් කාලයෙ ඔහුගේ මෝටර් රථය පාලටුව ජයන්ති පාලම අසලදී අණතුරකට ලක්ව ඇත්තේ වැසිසහිත කාලගුණය හා රියදුරු ට නින්දයාම හේතුවෙනි. අසලතිබූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ට අයත් කොන්ක්‍රීට් කණුවක ගැටීම නිසා. ඊට අදාල අලාභය පවා ඔහුට ගෙවාදැමීමට සිදුවිය.අනතුර සිදූවූ මොහොතේ ම මාලිම්බඩ පොලීසිය ට ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසු අදාල බල ප්‍රදේශය මාතර පොලිස් බල ප්‍රදේශයට අයත් නිසා එම නිළධාරීන් ට රාජකාරය පැවරී තිබුනි.

අනතුර ට පත් මෝටර් රථය

අලුයම 02.00 ට සිදූවූ අණතුර සම්බන්ධයෙන් එවෙලේම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ස්ථාවර දුරකථන අංකය ට දැනුම් දීමෙන් පසු මාතර ප්‍රාදේශීය කාර්‍යාලයේ පතකළ නිලධාරි චන්දිමාල් නමැත්තකු අනතුර සිදුවූ ආකාරය හා අලාභය පරීක්ෂා කර තිබිනි.පසුව මෝටර් රථ ඉංජිනේරු චමින්ද මහතා පරීක්ෂණ කටයුතු මෙහෙයවා තිබේ .කෙසේ වෙතත් අලුයම් කාලයේ සිදූ වූ මේ අනතුර සම්බන්ධයෙන් මාතර පොලීසිය පරීක්ෂණ පවත්වා පැමිණිල්ල සටහන් කරගෙන තිබුණේ උදෑසන 04.00 ට පමණය.අදාල පරීක්ෂණ වාර්තා ලිපිගොනුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත ඊට පසුවදාම ලබාදීමට රණවිරු කිත්සිරි මහතා කටයුතු කර තිබේ .

එහෙත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි රථවාහන හිමිකම් දෙපාර්තමේන්තුව සමන්ත කිත්සිරි මහතාට අයත් හිමිකම් ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ අනතුර සිදුවී පැයක් තුල පොලිස් වාර්තා වක් ලබා නොදීම හේතුවෙන් බව පවසමිනි. සිය මෝටර් රථය ට හිමි රක්ෂණ වන්දිය ලබාගැනීම වෙනුවෙන් සමන්ත මහතා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි කොළඹ මූලස්ථානය ට හා මාතර ප්‍රාදේශීය කාර්‍යාලය ට ගමන්වාර තිහකට වඩා ගියත් එහි සිටින නිළධාරී මාෆියාව අදාළ ගෙවීම පියවීම ට අදාළ රාජකාරි කටයුතු නොකරන බවට චෝදනා කරයි .”මම මේක කරගන්න ගියාම නිළධාරීන් ඇඹරෙනවා…ඔවුන් සූදානම් වෙන්නේ මේ ගෙවීමෙන් කොටසක් අල්ලස් විදියට ලබාගැනීමට බව පේනව..” යැයි සමන්ත කිත්සිරි මහතා කියයි.

සෙබල සමන්ත කිත්සිරි සේවයේ නිරත ව සිටියදී.

එහෙත් මේ දුෂ්ඨ නිළධාරී නඩය නොදන්නා ඛේදවාචකය ක් තිබේ .සමන්ත කිත්සිරි මහතා 1988.12.05 දීන ශ්‍රී ලංකා යුධහමුදා වේ කමාන්ඩෝ රෙජිමේන්තුවට එක් වි 2010.12.04 දිනය දක්වා අඛණ්ඩ සේවයේ නිරත වූවෙකි. යුධ සමයේ 58 වෙනි සේනාංකයේ Rsm ලෙස කටයුතු කලේද ඔහුය. 1999.12.19. හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිනිය ගේ ඇසක් අහිමි වූ බෝම්බ ප්‍රහාර යේදී ඇය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූයේද ඔහුය.එහිදී ශරීරගත වූ යකඩ කොටස් තවමත් ඔහුගේ සිරුරේය..

රණවිරු සමන්ත කිත්සිරි මහතා මෝටර් රථයක් මිලදී ගැනීමට හේතු වූයේ ස්නායු ආබාධයකින් පෙළෙන සිය දියනිය ගේ ගමන් බිමන් සදහා ය.ඇයගේ ප්‍රතිකාර හා අධ්‍යාපන කටයුතු සදහා ප්‍රවාහන පහසුකම් සලසා ගත්තේ එයිනි. මේ සියල්ල නොසලකා හැරියත් නියමිත ක්‍රමවේදය අනුව රක්ෂණ වාරික ගෙවා දැමූ සමන්ත කිතිසිරි මහතාට හිමිවියයුතු රක්ෂණ හිමිකම් ඉල්ලීම නොසලකා හැරීම ජුගුප්සාජනක ය. දැන් ඔහුට මේ වාහනය අලුත් වැඩියා කරගැනීමට නොහැකි වීමෙන් වඩාත් පීඩාවට පත් වන්නේ ස්නායු ආබාධයකින් පෙළෙන දියනියය. මෙකී රක්ෂණ වන්දිය ප්‍රතිපුර්ණය කිරීමට කටයුතු නොකරන්නේ මන්දැයි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සාමාන්‍යාධිකාරි (dgm)ලලිත් ද සිල්වා මහතාගෙන් අප කළ විමසීම ක දී හෙතෙම කියා සිටියේ “මාධ්‍ය වලට උත්තර දෙන්න අපි බැදිලා නැහැ.එයාට කියන්න අභියාචනය ක් ඉදිරිපත් කරන්න කියලා” යනුවෙනි.

මහත්වරුනි දැන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි තේමාපාඨය “පියෙකු මෙන් මවක මෙන්” නොව  “තක්කඩියෙකු “මෙන් යැයි වෙනස්කර ගන්න. 

 

මාතර කිඹුලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *