මොකක්ද මේ ස්මොග් (Smog) ?

මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක් “Smog” නැමති දුමාරයක් හේතුවෙන් දැඩි අවධානමකට ලක්ව තිබෙනවා. ව්ශේෂයෙන් කොළඹ නගරයේ මේ තත්වය ඉතා බරපතලයි. “Smog” යනු සුළුකොට සැලකිය හැකි කරුණක් නොවේ. වයු දූෂණයේ ප්‍රධානතම අංගයකි. මෙයින් පරිසරයට හා එහි සත්වයන්ට ඇති හානිය අතිමහත්ය.

Smog

“Smog” වායු දූෂක – නයිට්‍රජන් ඔක්සයිඩ් සහ වාෂ්පශීලී කාබනික සංයෝගවල මිශ්‍රණයකි. ඒවා හිරු එළිය සමඟ සංයෝජනය වී ඕසෝන් සාදයි.

ඕසෝන් එහි පිහිටීම අනුව හිතකර හෝ අහිතකර විය හැකිය. පෘථිවියට ඉහළින් පිහිටි ආන්තික ගෝලයේ ඇති ඕසෝන්, සූර්ය පාරජම්බුල විකිරණ අධික ප්‍රමාණයෙන් අවශෝෂණය කර මිනිස් සෞඛ්‍යය හා පරිසරය ආරක්ෂා කරන බාධකයක් ලෙස ක්‍රියා කරයි. ඕසෝන් වල “හිතකර” කොටස මෙයයි.Image may contain: skyscraper, sky and outdoor

අහිතකර කොටස යනු තාප ප්‍රතිලෝම හෝ වෙනත් කාලගුණික තත්ත්වයන් නිසා පොළව අසල සිරවී ඇති බිම් මට්ටමේ ඕසෝන්ය. මේවා මඟින් සත්වයන්ගේ ශ්වසන අපහසුතාවයට හා අක්ෂවල ආබාධ ඇතිවීමට හේතු වේ.

“Smog” නාමය සෑදුනේ කෙසේද?

“Smog” යන පදය ප්‍රථම වරට ලන්ඩනයේ දී 1900 ගණන්වල මුල් භාගයේදී භාවිතා කරන ලදී. මූලාශ්‍ර කිහිපයකට අනුව, 1905 ජූලි මාසයේ පැවති මහජන සෞඛ්‍ය සම්මේලනයේ රැස්වීමකදී වෛද්‍ය හෙන්රි ඇන්ටොයින් ඩෙස් වොයූක්ස් විසින් ඉදිරිපත් කරන ලද “Fog and Smoke” යන ලිපියෙන් මෙම යෙදුම මුලින්ම භාවිතා කරන ලදී.

වෛද්‍ය ඩෙස් වොයූක්ස් විසින් විස්තර කරන ලද “Smog” ප්‍රභේදය ඇතිවූයේ දුම් හා සල්ෆර් ඩයොක්සයිඩ් සංයෝගයකි. එංගලන්තයේ නිවාස හා කර්මාන්තශාලා උණුසුම් කිරීම සඳහා අධික ලෙස ගල් අඟුරු භාවිතාකිරීම නිසා මේ තත්වය ඇතිවිය.

අද අප කතාකරන “Smog” මීට වඩා සංකීර්ණ ත්ත්වයකි. කාර්මික රටවල බොහෝ නගරවල පහළ වායුගෝලයේ ඉතා ඝන ඕසෝන් ස්ථරයක් සෑදී පවති. නයිට්‍රජන් ඔක්සයිඩ් සහ වෙනත් රසායනික සංයෝගයන් රැසක් හිරු එළිය සමඟ ප්‍රතික්‍රියාකිරීම නිසා මේ තත්ත්වය ඇතිවේ.

Smog ඇතිවීමට හේතුව කුමක්ද?

Smog සෑදෙන්නේ වාෂ්පශීලී කාබනික සංයෝග (VOCs), නයිට්‍රජන් ඔක්සයිඩ් සහ හිරු එළිය සම්බන්ධ සංකීර්ණ රසායනික ප්‍රතික්‍රියා සමූහයක එකතුවකිනි. මෙමඟින් භූගත මට්ටමේ ඕසෝන් සෑදේ.

මෝටර් රථවලින් පිටවන දුම්, විදුලි බලාගාර, කර්මාන්තශාලාවලින් පිටවන දුම් මෙන්ම සහ තීන්ත, හෙයාර් ස්ප්‍රේ, ප්ලාස්ටික් උපකරණ වැනි භාණ්ඩ නිපදවීමේද මෙම “Smog”වලට අවශ්‍ය වායු දූෂක වායුගෝලයට මුදාහැරේ.

සාමාන්‍ය නාගරික ප්‍රදේශවල Smog ඇතිවීමට ප්‍රධානම හේතුව වන්නේ අධික රථවාහන ගමනාගමනයි.

ඇතිවන “Smog” තත්වයේ ප්‍රබලතාව තීරණය කිරීම සඳහා අධික රථවාහන තදබදය, අධික උෂ්ණත්වය, හිරු එළිය සහ සුළං ඍජුව සම්බන්ධ වේ. එසේම කාලගුණය සහ භූගෝලීය පිහිටීම මෙයට බලපායි. උෂ්ණත්වය “Smog” සෑදීම සඳහා ගතවන කාලය තීරණය කරයි. එමනිසා උණුසුම්, අව්ව සහිත දිනයක වඩාත් දරුණුගණයේ “Smog” තත්ත්වයක් සෑදීමට හැකියාව ඇත.

උණුසුම් වාතය ඉහළ යාම වෙනුවට පොළව අසල රැඳී සිටින විට සහ සුළඟ ප්‍රබල නොවන විට, “Smog” දින ගණනක් වුවත් නගරයක් තුළ රැදී තිබිය හැක. රථවාහන සහ වෙනත් ප්‍රභවයන්ගෙන් වාතයට තවත් දූෂක ද්‍රව්‍ය එකතවන විට, “Smog” තත්ත්ව‍ය තවත් නරක අතට හැරේ.

එසේම සුළඟ සමඟ “Smog” තත්ත්වය වෙනත් ප්‍රදේශවලට ගමන් කරයි. එම නිසා වායූ දූෂණය සිදුවන ස්ථානයට ඉතා බොහෝ දුර ප්‍රදේශයවලට පවා පෙර කී ස්ථානයේ සිදුවන වායු දූෂණය හේතුවෙන් පීඩා විදීමට සිදුවේ. මෙය ඉතාමත් අවසනාවන්ත තත්ත්වයකි. දැන් ශ්‍රී ලංකාවට ඇතිවී තිබෙන්නේ එයයි. ඉන්දියාවේ දිල්ලි නගරයේ ඇතිවී ඇති “Smog” තත්ත්වය වයඹ දිශාවේ සිට පැමිණෙන දැඩි සුළඟත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Smog ඇතිවන ලොව ප්‍රධාන ස්ථානImage may contain: 1 person

මෙක්සිකෝ සිටි නගරයේ සිට බීජිං දක්වා ලොව පුරා බොහෝ ප්‍රධාන නගරවල මෙය දැඩි අර්බුදයක් ගෙන දී ඇත. එක්සත් ජනපදයේ, “Smog” තත්ත්වය කැලිෆෝනියාව, සැන්ෆ්‍රැන්සිස්කෝ සැන් ඩියාගෝ, වොෂිංටන් වැනි ප්‍රධාන නගරවල නිතරම දක්නට ලැබේ. ඉන්දියාව ගතහොත් දිල්ලි නගරය “Smog” හේතුවෙන් නිතර කතාබහට ලක්වෙන නගරයකි. දැඩි රථවාහන තදබදය නිසා දිල්ලි නගරයේ ඇතිවෙන “Smog” දින ගණනක් එකදිගට පවතියි. ඔබට මතක ඇති 2017 ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම දිල්ලි හි ටෙස්ට් තරගය ය ක්‍රීඩාකරන අතරතුර මුව ආවරණ පැළද ක්‍රීඩාකලා. ඒ මෙම “Smog” තත්ත්වය හේතුවෙනි. මේ වනවිට දිල්ලි නගරයේ ඇතිවී ඇති “Smog” තත්ත්වය හේතුවෙන් පාසල් පවා වසා දමා ඇත.

Smogහි බලපෑම් මොනවාද?

“Smog” සෑදී ඇත්තේ මිනිස් සෞඛ්‍යයට හානිකරදායි එසේම දේපලවලට පවා හානි කිරීමට පවා හේතු විය හැකි වායු දූෂක සංයෝගවල එකතුවකිනි. ඇඳුම සහ අනෙකුත් දරුණු ගණයේ ශ්වසන ආබාධ මෙන්ම පෙනීමේ අපහසුතා, සෙම්ප්‍රතිශ්‍යාව සහ පෙනහළු ආසදන වැනි සෞඛ්ය ගැටළු ඇති විය හැක.
“Smog” ඇති ඕසෝන් ශාක වර්ධනයට බාධාවක් වන අතර බෝග හා වනාන්තරවලට දැඩි හානියක් සිදු කළ හැකිය.

Smogවලින් වැඩි අවදානමක් ඇත්තේ කවුද?Image may contain: sky and outdoor

ශාරීරික ව්‍යයමවල යෙදෙන්නෙකුගේ සිට ශ්‍රමිකයෙක් දක්වා එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදෙන ඕනෑම කෙනෙකුට “Smog” හා සම්බන්ධ සෞඛ්‍යමය බලපෑම් ඇති විය හැකිය. ශාරීරික ක්‍රියාකාරකම් නිසා මිනිසුන් වේගයෙන් හා ගැඹුරින් හුස්ම ගන්නා අතර ඔවුන්ගේ පෙනහළු වැඩි ඕසෝන් හා අනෙකුත් දූෂක වලට නිරාවරණය වේ.

ප්‍රධාන මිනිසුන් කණ්ඩායම් හතරක් Smogහි ඇති ඕසෝන් සහ අනෙකුත් වායු දූෂකවලින් ඉතාමත් ප්‍රවේසම් විය යුතුවේ. ළමයින්, එළිමහනේ ක්‍රියාශීලීව සිටින වැඩිහිටියන්,ශ්වසන රෝග ඇතු පුද්ගලයන් හා ඕසෝන්වලට අසාමාන්‍ය ලෙස සංවේදී පුද්ගලයන් ඒ අතර වේ.

Smog හඳුනා ගන්නේ කෙසේද?

සමස්ථයක් ලෙස,ගත් කල ඔබට “Smog” දුටුවිට දැනගත හැකිය.. “Smog” යනු යනු වායු දූෂණය හඟවන දෘශ්‍යමාන ආකාරයකි. දිවා කාලයේ දී ක්ෂිතිජය දෙස බැලූවිට වාතයේ ඇති “Smog” ප්‍රමාණය කොපමණ දැයි ඔබට දැක ගත හැකිය. “Smog” හි නයිට්‍රජන් ඔක්සයිඩ්වල සාන්ද්‍රණය ඉහළ වූ විට බොහෝ විට වාතයට දුඹුරු පැහැයක් ලබාදෙයි.

මීට අමතරව, බොහෝ ප්‍රධාන නගරවල වාතයේ ඇති දූෂක සාන්ද්‍රණය මනින අතර “Smog” තත්ත්ව අනාරක්ෂිත මට්ටමට ළඟා වන විට අදාල ආයතන හරහා මාධ්‍යයන් ඔස්සේ දැනුවත් කිරීම් සිදුවේ.

එසේම පහළ වායුගෝලයේ ඕසෝන් සහ අනෙකුත් වායු දූෂකවල සාන්ද්‍රණයන් වාර්තා කිරීම සඳහා වායු තත්ත්ව දර්ශකයක් (AQI) (Air Quality Index) භාවිතා කරයි. මෙය 0-500 දක්වා වර්ගකර ඇති අතර දර්ශකය වැඩිවන විට වායූ දූෂණයේ ප්‍රබලත්වය වැඩිවේ. (ඡායාරූප බලන්න)No photo description available.

ඊයේ දිනය (2019/11/06) වන විට කොලඹ නගරයේ මෙහි අගය 165ක් වැනි අගයකට වර්ධනය වී තිබු අතර දිල්ලි නගරයේ මෙම අගය 250 ඉක්මවා තිබුණි.No photo description available.

Utopia.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *