අහන්න කැමති ලස්සනම වචනය ආදරය – – change point – මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි

ආදරය කියන්නේ ජිවිත කාලය තුලදි හැමදෙනාම අහන්න කැමති ලස්සන වචනයක්. හැගිමි ගොන්නක්. මනෝ විද්‍යාඥයන්ට අනුව ආදරය මානව අවශ්‍යතාවයක්.  ආදරය වෙනුවෙන් බොහෝ දෙනෙක් නොකර දෙයක් නැ. සමහර අය සයුර, අහස පවා තරණය කරනවා. බොහෝ කටුක දුක්බර දේ දරාගෙන ආදරය සොයා යනවා . එ ඇත්තටම ආදරය නොමති නිවසක්, මිනිස් සිතත් පාළු කාන්තාර බවට පත් වෙන නිසයි.

කුඩා දරුවාද හොදින් නිරෝගිව හැදි වැඩෙන්න ආදරය අත්‍යවශ්‍ය දෙයක්.දරුවාගේ අවශ්‍යතා අතර ආදරය වැදගත් සාධකයක්.හොදින් ආදරය ලැබි හැදුන වැඩුන දරුවෙක් සමාජයට සමිපතක්.ආදරය නොමතිව හැදි වැඩෙන දරුවන් දඩබ්බර විම අද සමාජයේ දැකිය හැකි ගැටලුවක් .දරුවාට ආදරය කිරිම යනු සෙල්ලම් භාණ්ඩ රස කෑම ගොඩ ගසා දිම නොව.දරුවා සමග නිතර කතාබහ කිරිම , වැළද ගැනිම , සිප ගැනිම..දෙවල් මිස භෙෘතික බඩු භාණ්ඩ නොවේ.

දරුවන්ට පමණක් නොව සැම වයසක.තරාතිරමක පුද්ගලයන්ට ද ආදරය ඉතා අවශ්‍යය.ඔවුන්ටද ආදරය විදිමේ අවශ්‍යතාවයක් හට ගනි.එය ජිවිත කාලය පුරා අතශ්‍යවශ්‍යය සාධකයකි.

නිතර අසන්නට , දකින්නට ලැබෙන සුලභ දෙයක් තමයි “දැන් එයා මට ආදරය නැ””වෙනද වගේ නෙමෙයි”එසේ සිතෙන්නේ ඇයිද කියා සොයා බැලුවහොත් ආදරය අඩුපාඩු හිස්තැන් දැකිමකි..දුමිරියක් වුවත් හොදින් ධාවනයට ඉන්ධන අවශ්‍යයි.එ වගේම අපේ ජිවිතත් නොනවති ධාවනයට ආදරය නැමති ඉන්ධන අවශ්‍යයි.ඉන්ධන නොමති විට අතරමග නැවතිම්.කාර්මික දෝෂ ඇතිවෙනවා…ආදරයත් නැති විමෙන් ජිවිත ගමන අඩාල වෙනවා.

ජිව්තෙ බොහෝ දෙවල් සිදුවන්නේ ආදරය නිසා.එය විශාල බලයක් අපේ මනසට ගෙනත් දෙනවා.මිනිසුන් වශයෙන් අප අතර ඇතිවන සැම සමිබන්ධතාවයක්ම සාර්ථක වන්න ආදරය අවශ්‍යයි.දෙමාපිය, අඹුසැමි, දුදරු, අසල්වැසි , සේවක, ගුරුගෝල,පෙමිවතුන් , මිතුරු.ආදි වශයෙන්.ආදරය බෙදි යනවා.

ආදරය මොනතරම් තිබුනත් සොයානොබලන්නෙනමි
කරුණාව , තෙරුමිගැනිම, විශ්වාසය,ආදරය උපරිම වශයෙන් නොදෙන්නෙ නමි, ආරක්ෂාව නොලබෙන්නෙනමි ගැටලු ඇති විය හැකිය.එහෙත් කිසිවක් බලාපොරොත්තු නොවි අන් අය⁣ට ආදරය කල හැකි නමි සාර්ථක ජිවිතයක් අපට ගත කල හැකිය.
අන් අයට ආදරය දෙන තරමට අපේ සිත සතුට්න් සමිපුර්ණ වෙනවා.මොකද පෙරළා එ ආදරය අපටද ලැබෙන නිසා.එසේ නොමතිව අන් අයගේ වැරදි අඩුපාඩු සොයමින් .තරහින්, රවමින් , ඉවසිමක් නොමතිව හැසිරි “මට දැන් ආදරය නැ “කියා පැවසුවිට ඵලක් නැත.අපට ලැබෙන්නේ අප අන් අයට දුන් දේය.

ආදරය කරන විට කරුණාව ආදරය දැක්විම වෙනුවට අප කරන්නේ අනිත් කෙනාගේ වැරදි සොයමින්.කරදර කිරිමයි.අඩුපාඩු කිමයි.ගැටළුවක් ආ සැනින් අනිත් පුද්ගලයාට ඇගිලි දික් කිරිමයි.ඔහු හෝ ඇයගේ වරද නිසා එසේවුවයැයි කිම සුදුසු නැත.කිසිවටික අනිත් පාර්ශවටට වරද පැටවිම නොකල යුතු දෙයක්.දෙදෙනා එක්ව විසදුමි සෙවිය යුතුයි ..අපි දෙන දෙවල් තමා අපට ලැබෙන්නේ එ නිසා අප අතර තියෙන සමිබන්ධතා ආදරණිය කරගන්න .එ පුද්ගලයාගේ හොද දකින්න.ඔහු හෝ ඇය අගයන්න..ජිවිතෙට ඔවුන් එක්වුවාට සතුටු වෙන්න.එබව පවසන්න.එවිට සොදුරු සමිබන්ධකාවක් ඔබට ලැබේවි.

ආදරය කියන්නේ නිදහස.මේය ප්‍රයෝගිකව අපහසු වුවත් ඉතාම සාර්ථක ක්‍රමයක්.එසේ නොමති වුවහොත් හැමදාම නොසතුටින් කරදකාරි සිතකින් අපට ඉන්න වෙන්නෙ.අප කලයුත්තෙ අපි යමකුට ආදරෙිනමි එ පුද්ගලයා එ අකාරයෙන්ම පිළිගැනිමයි.
ඔහු හෝ ඇය වෙනස් කරන්න අපිට ඔන විදිය⁣ට වෙනස් කරන්න ගතහොත් .ඇත්තටම එතන ආදරයක්
තිබිය නොහකියි.ඔහු හෝ ඇය කල යුතු දෙවල් අපි තිරණය කිරිමට යාම බොහෝ ගැටළු වලට මුලය.ආදරය බිද වැටෙන්න හේතුවක් එය වෙන්න පුළුවන් .අපි හරි එයා වැරදියි කියලා සිතනවනමි එතන ආදරය නැත යහපතක් සමිබන්ධතාවයක් නැත.ගැටුමි , අඩුපාඩු විතරයි අපිට දකින්නට ලැබේන්නෙ.

“සතුට රදා පවතින්නේ අපි මතමයි ” කියලා ඇරිස්ටෝටල් කියා තියෙන්නෙ මේනිසා.අපි අන් අය
දෙස සතුටු සිතින් බලනවා නමි එ සතුට අප වෙත ආකර්ෂණීය වෙනවා.එ නිසා අන් සමිබන්ධතාවල හොද දකින්න.ඒ පුද්ගලයන් ගේ හොද ගතිගුණ දකින්නට අගය කරන්න .අනිත් අයගේ අපට ගැලපෙන්නේ නැති දෙවල් ගතිගුණ තියෙනව තමයි එත් එ දිහා බලන්න එපා .එවා සිතට ගන්න එපා.ඔහු හෝ ඇය ගේ හොස ගතිගුණ සිහිකරන්න..කල හොද වැඩ අගයන්න.ජිවිතේ හරිම පහසුවෙිවි…සතුට අපි ළගම රදා පවතිවි..

” ආදරය නොමති විම කනස්සල්ල අපි රෝගින් කරයි, ආදරය එය වෙනස් කරයි.ආදරය අදුරේදිත් ඔබට එළිය දෙයි”

මාර්ටින් ලුතර් කිං….

වසන්තිකා ස්වර්ණමාලි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *