ජාතිවාදයෙන් තොරව උතුරේ, නැගෙනහිර සහ දකුණේ දේශපාලනය කරන්නේ අපි

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා දිනවන ජන රැලි මාලාවේ තවත් රැලියක් අද(13) දර්ගා නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

මේ සඳහා ජාතික ජන බලවේගය නියෝජනයකරන, යහපාලනය සඳහා ජාතික පෙරමුණේ ජාතික සංවිධායක නජා මොහොමඩ් මහතා,ජාතික ජන බලවේගයේ ලේකම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා, ප්‍රවීණ රංගන ශිල්පී සරත් කුලාංග මහතා, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු විද්වතුන් රැසක් ද මේ සඳහා එක්ව සිටියේ ය.

ජාතිවාදයෙන් තොරව උතුරේ, නැගෙනහිර සහ දකුනේ ද දේශපාලනය කරන්නේ ජාතික ජන බලවේගය බවත් ජාතික සමගියත් මහජන ආරක්ෂාවත් තහවුරුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය සමඟ එක්වන්නැයි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *