Fake පුවත් මවා Real මඩට වැටුනු අනිද්දා..

රාවය පුවත් පත චිරාත් කාලයක් ලාංකේය ප්‍රගතීශීලී වාම බලවේගයන් නියෝජන කළ ලියන්නන් ගේ හා කියවන්නන්ගේ අඩුව සපුරාලීමට සමත් වූ පුවත්පතක් විය. එහි ලියූවන් පිරිසක් පසුකාලීනව දේශපාලන උවනාවන් මත ඉන් බිදී පැමිණ රාවයට අභියෝගයක් එල්ල කරමින් අනිද්දා නමින් පුවත්පතක් ආරම්භ කළ අතර එය මුලුමනින්ම ආණ්ඩු හිතවාදියෙකුගේ උදව් ලැබූ බවට තොරුතරු වාර්තාවිය.කෙසේ නමුත් මෙවර ජනාධිපතිවරණය ආසන්නවත්ම අනිද්දා පුවත්පත තම ආණ්ඩු ගැති හිතෛෂීභාය එළිපිටම හෙලිදරව් කරමින් ජනාධිපතිරණයේ මනාප සලකුණු කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය විසින් තම පාක්ෂිකයන්ට දැන් වූ බව සදහන් පුවතක් වාර්තා කරමින් වාර්තා කොට ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට පළමු මනාපය සලකුණු කොට දෙවැනි මනාපය ඒකාධිපතිත්වය පැරදවීම සදහා සලකුණු කරන ලෙස දැනුම් දී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය විසින් අදාළ පුවත වැරදි බවට මුහුණු පොතෙහි සටහනක් තබා ඇති අතර එය ඊයේ (13) දින ස්වර්ණවාහිනී රූපවාහිනී සේවයේ පැවැති දේශපාලන සංවාදයකට සහභාගී වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සදහන් කොට සිටියේ දෙවැනි මනාපය සම්බන්ධයෙන් වන මත දැක්වීම් නිවැරදි නොවන බවයි. එසේම පසුගිය දා දෙරණ 360 වැඩ සටහනට සහභාගී වෙමින් ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා සදහන් කොට සිටියේ දෙවන මනාපය භාවිතා කිරීමක් සම්බන්ධයෙන් කිසිදු අනුමත කිරීමක් සිදු නොකරන බවයි. ( වීඩියෝ පහතින් දැක්වේ )

කෙසේ නමුත් අනිද්දා පුවත්පතේ මෙම නිරුවත් රංගනය මගින් පෙන්වා දී සිටින්නේ ඔවුන් දිගින් දිගටම ආණ්ඩු හිතෛෂී භාවයන්ට පක්ෂපාතී උවමනාවන් ඉටුකරන ලද බවත් දැනුදු එකී පාඨකයන් වෙත ඒ බව මෙවැනි මැතිවරණ ප්‍රචාරක කටයුතු නවතා ඇති කාලයකදී වුවද සිදුකරමින් නිර්ලජ්ජිත මැතිවරණ ව්‍යාපාරයක නිරතවී සිටින බවයි.
අදාළ පුවත සම්බන්ධයෙන් වගකීම භාරගෙන මුහුණු පොතෙහි සටහනක් තබා ඇති අනිද්දා පුවත්පතෙහි ප්‍රධාන සංස්කාරක කේ.ඩබ්.ජනරංජන මහතා සදහන් කොට සිටින්නේ අදාළ පුවත සියලු නිරවද්‍යතාවයන් තහවුරු කර ගැනීමෙන් පසුව පළකරන ලද බවත්ය.
එය සත්‍යයක් නම් ජාතික ජනබලවේගය මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතු අතර අදාළ ප්‍රචාරයන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළ යුතුව ඇති බවත්ය.


කෙසේ නමුත් කවර බලවේගයක් බලයට පත්වන්නේද යන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඡන්ද දායකයා සතු අයිතියක් වන අතර එය පාක්ෂිකත්වය මත පදනම්ව දෙවැනි තේරීමක් සම්බන්ධයෙන් මතවාදයන් පළකිරීමට ජාතික යැයි කියාගන්නා පුවත්පතකට ඔබින ක්‍රියාකලාපයක් නොවන බවද සදහන් කළ යුතුමය .

 

One thought on “Fake පුවත් මවා Real මඩට වැටුනු අනිද්දා..

  • November 14, 2019 at 4:11 pm
    Permalink

    අනිද්දා පුවත්පතේ මෙම නිරුවත් රංගනය මගින් පෙන්වා දී සිටින්නේ ඔවුන් දිගින් දිගටම ආණ්ඩු හිතෛෂී භාවයන්ට පක්ෂපාතී උවමනාවන් ඉටුකරන ලද බවයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *