රත්තරං ,ආදරේ ජීවිතය මරණවා.. (අනු කලන 05 ) – අනුරංගා ප්‍රනාන්දු

මට පොඩි කාලයක් දෙන්න…හිතන්න…හොඳට….දුරට…ගැඹුරට…..මේ මම මුහුණ දෙන ගැටළුව මානසික සංකීර්ණ කිහිපයක සංකලනයක් බව මට ටිකෙන් ටික වැටහී යනවා…
මම කැමතියි හිතන්න….දිගින් දිගටම, උපකල්පන වලට එන්න…..ඒවා හරිද වැරදිද කියලා පරීක්ශා කරලා නිරීක්ශනය කරන්න……අන්තිමේදී…. ප්‍රතිඵලය මොකක් උනත්……හූල්ලන්න….

මට ඉන්න ඕනි හරිම පාළු නිස්කලංක තැනක….කවදත් වගේ මම ආසා මුහුද ළඟ ..අර බීටා කිරණ හොඳට සංසරණය වෙන open space එකක…..ඉඳගෙන…ක්ශිතිජය දිහාවට ඇස් මානාගෙන හිතන්න….හිතන්න…තව තවත් හිතන්න.. .

විරහය කියන්නෙ අමුතුම කලාවක්…..ලෝකෙ ආදර ගීත,ආදර කතා බොහොමයි….ඒවා රසවත්…
නමුත් ඒ එකකවත් විරහ ගීයක තියෙන සුන්දර බව නෑ.විරහ ගීත තරම් ජනප්‍රිය උන ආදර ගී තියෙනවාද?…නෑ නේ..

“විකසිත පෙම්..පොකුරු පියුම්…..ඔබේ පයට පොඩිවී…ගියා දෙන්….”
මේ ශාන්ත රසය…මේ කරුණා රසය….කොහෙද ආදර ගීයක?
විරහව අපි රස විඳිනවා…
අපි හොයනවා….අපිට “කාලා ඉන්න” පුළුවන් නම්… විරහාව කියන්නෙ මාර ම රස දෙයක්…
විරහව කියන සංසිද්ධිය දිහා ඉහළින් ඉඳන් …ඒ කියන්නෙ ඒ රාමුවට පිටතින්…තුන්වැනි පාර්ශවයක් විදිහට බැලුවොත් හරි අපූරු දේවල් අපි දකිනවා…
ඒ හඬාවැටෙන්නෙ මම නොවෙයි කියල හිතලා බලන්න පුලුවන් නම් තමන්ගේ ප්‍රශ්නෙටත් දාර්ශනික පිළිතුරක් සොයාගන්න තමුන්ටම පුළුවන් නේද?

මේ ආශ්වාදය ට මම හරි ආසයි.
කොහොමත් මම ඉස්සර ඉඳලම ජ්‍යාමිත්‍යට ප්‍රියයි…..ප්‍රමේයය සාධනයට මම කවදත් දක්ශයි…මේ නිසා මේක සිදුවේ අවසාන ප්‍රතිඵලය මේකයි කියන එක ඔප්පු කරන්න ආසයි.

විරහව ලෞකික ගැටළුවක් ..නමුත් මේකෙ එකිනෙක පරස්පර මානයන් පේන්න පටන් අරන්….
මේ තත්වයේදී කොහොමත් ලඟ ඉඳන් ඔළුව කන ගෑණු චරිතය වීම මම ප්‍රතික්ශේප කරනවා….එහෙම කරලා පිරිමියෙක් දිනාගන්න තරම් මම බංකොලොත් නෑ කියලයි මට හිතෙන්නේ…..
ඒක මාන්නය මත් නෙවි…
මාව වටින්නෙ නැති කෙනා මාව අහිමි වීමකට සුදුසු යි කියන ගොඩැල්ලෙ මම හිටගෙන ඉන්න නිසා විය යුතුයි එහෙම හිතෙන්නෙ ….

ඔහු ජීවිතේ ගත්තු සමහර තීරණ වලට මම එකඟ නෑ.
ඒ අවස්ථාවලදී කෝපයක් ශෝකයක් හෙම ඉපදුණා නම් එහෙම උනේ තෘශ්ණාවක් මගෙ හිතෙත් තිබුණ නිසා වෙන්නැති.
කලින් පෙම්වතිය හෝ බිරිඳ…තමන් දෙ දෙනා අතරට පැමිණීම නිසා ගැහැණියකට හටගන්නා වේදනාව සමාන ලකුණ කින් සම කරන්න බැරි ඇයි…..කලින් පෙම්වතා හෝ සැමියා තමන් දෙදෙනා අතරට පැමිණියහොත් පිරිමියෙකුට හටගන්න වේදනාවට?

පිරිමි මේ ගැන නොහිතනවාද නොහිතෙනවාද හිතා මතාම නොහිතා ඉන්නවාද කියන එකයි ගැටළුව…..

පිරිමියෙකුට ඇයි බැරි පොදු පුරුෂයෙක් වෙන්න?….ඇයි ශාරීරිකව හා මානසිකව ගැහැණු කිහිප දෙනෙක් එක්ක බැඳෙන්න බැරි..?
මමත්වය කියන ස‍ංකල්පය අපි යන යන තැනට කරපින්නාගෙන යන නිසා වෙන්න ඇති හරියට කට්ට බිම තියලා යන ගමන ගිහින් එන්නෙ නැති ගොලු බෙල්ලා වගේ…..
මේ පොදු පුරුෂයා…විශ්වීය පුරුෂයා කියන දේ මතවාදයකට එහා ගිය ප්‍රායෝගික කාරණාවක් බවට පත්වෙන අවස්ථාව ගැහැණියගේ ආත්මාර්ථය කාමීත්වය ට වදින පළමු අතුල් පහර වේවි.
ඒ වගෙම පොදු ගැහැණිය කියන සංකල්පයත් පුරුෂ ආත්මාර්ථය යට යකුළු පහරක් වේවි….

පිරිමි හිත් සංකීර්ණයි..පිරිමි ගෑණු කියලා භේදයක් නෑ … සියළු හිත් සංකීර්ණයි ….හිතේ උපදින සිත් පරම්පරා චිත්තක්ශණ එකක ආයුශ අරන් ඇවිත් කොච්චර නම් බලපෑමක් ජීවිතේට කරනවාද නේද?.
මේ සියල්ල දැක දැකත්, දැන දැනත් ප්‍රකෘර්තියට මුහුණ දෙන්න නම් පට්ට ගටක් තියෙන්න ඕනි කියලයි මට හිතෙන්නෙ….

කවමදා හරි නැති වෙනවාමයි කියන ධර්මතාව දැන දැනත් පිළි නොගැනීම නිසාමයි නේද ශෝකය උපදවාගන්නේ. ඉතිං ඉන්න ඩිංගිත්තං කාලෙට බෙදාගන්න බැරුව වේදනා විඳින්නෙ ඇයි කියලත් හිතෙනවා….

අපි කතා කලේ පොදු පිරිමි ගැන නේ…එතකොට පොදු ගැහැණු?…
ඉස්සර හිටියා ලංකාවෙත්….එකගෙයි කෑම කියලා ඉඩ කඩම් බෙදිලා යන එක වළක්වන්න රටේ ප්‍රචලිත වෙලා තිබ්බ ක්‍රමයක්… තිබුණා.

අයියා මලෝ දෙන්නටම එක බිරිඳක්…බොහොම සමඟියෙන්…පවුල් ජීවිත ගත කරන්න ඇති.පියවරු දෙදෙනෙක් ගෙ දරුවෝ එකට කෙළිදෙලෙන් වැඩෙන්න ඇති…
මේ සහජීවනයට කණ කොකා හැඬුවේ අපි සුද්දන්ට යටත් උනාට පස්සෙ.

කොහොමින් කොහොමින් හරි පොදු ගැහැණිය අභාවයට ගියා.

පොදු පුරුෂයෝ නම් තාම ඉන්නවා.එක හෝටලේකින් කන ගමන් තව හෝටල් වලටත් ගොඩ වදින…
මෙයාලා කෑම ඕඩර් කලාට පස්සෙත් ආයෙ මෙනු පත බලන අය.

ඔන්න ඔතනදී තමයි ගැටුම් ඇති වෙන්නෙ.
මොකද පිරිමියෙකුට එක වර ගැහැණු කීප දෙනෙක් ගැන හිතන්න පුළුවන් උනාට…බහුතරයක් ගෑණුන්ට එහෙම බෑ.
තමුන්ගෙ පිරිමියා පොදු ළිඳක් කියල හිතල…වටේ පිටේ ගෑණුන්ගෙ කළ ගෙඩි පුරවගන්න ඉඩ දෙන තරම් මාර්ග ඵල ලාභී ගෑණු කොහෙද මහත්තයෝ ඔහේගෙ ගෙදර?

ඉතිං ඕකයි ඔය ප්‍රශ්ණ බොහොමයකට මුළ ලිංගික ඊර්ෂ්‍යාව කියල කියන්නෙ.මේක ගැහැණුන්‍ටත් පිරිමින්ටත් පොදුයි….

මේක පණ ඇති නැති කියල භේදයක් නෑ.හොඳම උදාහරණය ….තමන්ගෙ කැඩිලැක් කාර් එකට පණ වගෙ ආදරේ කරපු මහාචාර්යවරයා ට දවසක් තමුන්ගෙ බිරිඳ ,පෙට්‍රල් ටැංකිය පිරෙන්න වැලි පුරවලා තියෙනවා දකින්න ලැබීමේ සිද්ධිය ගන්න පුළුවන්.

ඒහෙම නැතිනම් කාර්‍යාල යේ මිතුරියක් හෝ ඔබේ පැරණි පෙම්වතිය ඔබට විශේෂ කෑමක් හරි බත් පාර්සලයක් හරි ගෙනැත් දීපු දවසට ඔබේ පෙම්වතියට ,බිරිඳට හිත් වේදනාවක් ඇතිවීම..වගේ සිද්ධි ත් ගන්න පුළුවන්.

ඉතිං හැමදාම කාන්තා පාර්ශවයටම ඇඟිලි දික් කරන්නෙ නැතුව ….තමන් ටත් ආදේශ කරගෙන හිතලා බැලුවොත් ….
ප්‍රශ්ණ යත් විසඳුමත් දෙකම පෙනේවි….

නමුත් කියන්න කණගාටුයි මිත්‍රයා ….ප්‍රශ්ණ කිසිවක් සුභවාදී විදිහට විසඳුනේ නෑ…..
ඒ නිසා මම අදටත්…….මගෙ පාඩුවේ ඉන්නවා …ජ්‍යාමිතික ප්‍රමේය සාධනය කරමින්….ඉන්නවා… හිත ගලක් කරගෙන ඉන්නවා….

Anuranga Fernando

Leave a Reply

Your email address will not be published. Required fields are marked *