රාජිත හෙළුව වසා ගනී..- සජිත් දාන්න ඉක්මන් වුනා වැඩියි

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධූරයට පත් කිරීමට තවමත් සුදුස්සෙක් නොවන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පක්ෂය තුළම අර්බුද ඇතිවීම පරාජයට මූලිකවම හේතු වු බවත් එසේම දූෂණ වංචා සෙවීමට පත් කළ ආයතන වඩා දූෂිත තත්ත්වයට පත්ව තිබු බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.

මැතිවරණ ව්‍යාපාරය සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආත්මීය වශයෙන් කැපවු බවත් ඔහුට එල්ල වන චෝදනා වල සත්‍යතාවයක් නැති බවත්
විපක්ෂ නායක ධුරය සඳහා සුදුසුකම විය යුත්තේ කොතරම් ජනප්‍රිය පුද්ගලයෙකු ද යන්න නොව ප්‍රබුද්ධ වීම බවත් ජාත්‍යන්තරයත් සමඟ එක්ව කටයුතු කිරීමට හැකියාවක් ඒ පුද්ගලයාට තිබිය යුතු බවත් පවසා සිටින ඔහු සජිත් ප්‍රේමදාස මහතා යනු ඉතා සුමට, දේශපාලන අත්දැකීම් අවම මට්ටමක ඇති අයෙකු බවත් ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වුවහොත් ඒ සඳහා සුදුසුකම් ඇති වෙනත් අයෙකු පක්ෂය තුළ තමන්ට දැක ගත නොහැකි බවත්
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට අනෙක් පිරිස් ඉක්මන් වූවා වැඩි බවත් රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *