අවුරුදු 150 ක් ආපස්සට හැරිලා බලද්දි අපි කාලගුණයෙන් වත් ප්‍රයෝජන අරගෙන නෑ.තේ කර්මාන්තයේ අර්බුදය ගැන සුදු මහත්තයා කියන සංවේදී කතාව.

තේ නිෂ්පාදන ය අතින් ලෝකයේ අංක එකට හිටපු අපි අද ඉන්නේ පස්වෙනි තැන .ලෝකයේ සමස්ථ තේ නිෂ්පාදනයෙන් අපේ දායකත්වය 6% යි.94% දායකත්වය දරන්නේ විදේශීය රටවල් නමුත් ඒ රටවල තේ අස්වැන්න ලබාගන්නේ අවුරුද්දේ මාස 4 ක හෝ 6 ක වගේ කාලයක් . නමුත් අපි මොන කාලගුණ විපර්‍යාස සිදු උනත් අවුරුද්ද පුරාම අස්වැන්න ලබාගන්නවා.මෙහෙම තිබිලත් අපිට තේ නිශ්පාදනය වැඩිකරලා ඉදිරියට එන්න බැරිවීම කණගාටු වට කරුණක්. අපි කල්පනා කරලා බලන්න ඕන රටේ ආර්ථිකය හා ඒ සදහා කෘෂිකාර්මාන්තයේ දායකත්වය කොතනද කියලා.අපි හිතන්න ඕන ලෝකයේ හොඳ ම තේ හොඳ ම කුරුදු හොඳ ම ගම්මිරිස් දියුණ කරලා දියුණු වෙන්න මිසක් විදේශ ණය මත යැපෙන්නම නෙවෙයි .මේ නිසා රජය ඇමති මණ්ඩලය අමාත්‍යාංශ ලේකම් සභාපති වෙනස් උනත් තේ කර්මාන්තයේ තිරසාර පැවැත්ම සදහා දිගටම ක්‍රියාත්මක වෙන නොවෙනස් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා.මෙතනදී සිලෝන් ටී ගැන දැනුවත් කිරීමේ අඩුවක් තිබුනා .රජයෙන් තමයි තේ වලට ඉහලම මිලක් ලැබුනේ.නමුත් ණය පොලී බදු අනුපාත හා නිෂ්පාදන වියදම් වැඩිවීම නිසා ඒ වායින් උපරිම ප්‍රයෝජන ගන්න බැරි උනා.අද 99% ක්ම තේ කර්මාන්ත ශාලා පවත්වා ගෙන යන්නෙ අධික ණය බරකට ගොදුරු වෙලා.

අපේ ආයතන ය තේ කර්මාන්ත ය පටන් ගත්තේ වසා දමා තිබූ තේ කම්හල් මිලයට අරගෙන නමුත් දැන් අපිට ත් මේවා වසා දැමීමේ තත්ත්වය ට පත් වෙලා.මේක ට හේතු ව නැවත තේ වගාවට යොමු නොවීම නිසා දලු අස්වැන්න අඩු වීමෙන් නිෂ්පාදන ධාරිතාව ය අඩුවීම.සමහර තේ කම්හල් මූල්‍ය ආයතන වලට ජීවිත කාලෙට ම ණය ගෙවාගන්න බැරි තත්ත්වය ට පත්වෙලා.

රටේ වගකිව යුත්තන් තේ කර්මාන්තයේ වටිනාකම පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළා නම් මේ කර්මාන්තය වැටෙන්නේ නැ.ඒ නිසා මේ අර්බුදය හදුනාගෙන ඉක්මන් ප්‍රතිචාර දැක්විය යුතුයි .ආඩාරදෙනිය සුදු මහත්තයා හෙවත් ඩබිලිව් ජිනදාස මහතා මේ අදහස් පලකලේ දෙනියාය ආඩාරදෙනිය තේ කර්මාන්ත ශාලාවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා රාජ්‍ය වැවිලි සමාගම් ජනවසම තේ ශක්ති වගේ ව්‍යාපාරයන් ට අයත් තේ කම්හල් හා වතුවලට රජයෙන් සියලු පහසුකම් ලැබිලත් ඒවා දියුණු කරගන්න බැරිව මේ වෙනකොට බරපතල ලෙස අසාර්ථක වෙලා.

මීට අවුරුදු 30 -40 කට කලින් තේ නිෂ්පාදනයේ72% වැඩි දායකත්වය ක් දැරුවේ රාජ්‍ය වැවිලි සමාගම් .අද ඔවුන් 30% ක් දක්වා පහලට වැටිලා .වර්තමානයේ තේ නිෂ්පාදනයේන් 70% ක් දායකත්වය දරන්නේ පුද්ගලික තේ කර්මාන්ත ශාලා .මට හිතෙන හැටියට එක වැවිලි සමාගම ක් යටතේ වතු 20 ක් පමණ පාලනය වෙනවා. මෙම වතු මේ විදියට නොදී සමාගම් 200 කට විතර බෙදලා දුන්නා නම් මීට වඩා තේ කර්මාන්තයේ සංවර්ධන යක් ප්‍රගතියක් අත් කරගන්න තිබුනා.යැයි පැවසීය. මෙහිදී තේ කර්මාන්තය රැකගැනීම වෙනුවෙන් කඩිනමින් කලයුත්තේ කුමක් දැයි මාධ්‍ය වේදියෙකු ඇසූ ප්‍රශ්නයක ලබාදුන් පිළිතුර පහත වීඩියෝ වේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *