FM නාලිකාවල ගෙදර පූසගේ බල්ලගේ නම පවා කියනවා, සංගීතවේදියා, රචකයා ගැන කියන්නේ නෑ – රසික ඩී. දුමින්ද

ලංකාවේ ගීත සාහිත්‍යය පවතින ස්ථානය සම්බන්ධයෙන් ඔබගේ අදහස මොන වගේද ?

ගීතය කියන්නෙ මිනිසුන්ගෙ අධ්‍යාත්මය අවදි කරන ප්‍රකාශනයක් කියලයි මම විශ්වාස කරන්නෙ , වර්ථමානයේ ඒ ප්‍රකාශනයේ භාවිතය පිළිබද ගැටලු තියෙනවා , කොටින්ම සතුටු වෙන්න නොහැකි ආකාරයෙන් මූල්‍යමය පරමාර්ථ සදහා ගීතය යොදවාගනිම් දක්නට ලැබෙනව. අද මාධ්‍ය අවකාශය තුළ එවැනි ගීත බහුලව ප්‍රචාරය වෙන්න පටන් අරන් ,
මිනිස්සුන්ට අද ඇහෙන්නෙ ඒ ගීත. ඒ ඇහෙන ගීත තුළ අලුත් පරම්පරාවේ බහුතරයක් සිය රසවින්දන පරාසය හදාගෙන. ඒක හරි පටු සහ මොට වින්දන පරාසයක්, ඒ ගැන හිතද්දී නම් අපේ ගීතයේ අද දවස ගැන තියෙන්නෙ කනගාටුදායක හැගීමක්.
හැබැයි අනාගතයට යහපත් දේ පමණක් ඉතුරු වෙයි කියල විශ්වාසය තියෙනවා .

 ඔබ ගීත රචකයෙක්. ඇත්තටම කාලයක් තිස්සේ පවතින ප්‍රශ්නයක් තමයි ගීතයක අයිතිය ගායකයා සතුවීම කියන කාරණය. මෙහි ගීත රචකයාගේ කාර්යයට හෝ සංගීත රචකයාගේ අයිතිය සම්බන්ධයෙන් ගැටළුවක් පවතිනවා නේද ?

ගීතයේ අයිතිය තියෙන්නෙ ගායකයාට ද රචකයාටද , සංගීත වේදියාටද කියන තර්කය එතරම් වැදගත් නෑ. එය තුන් ඈදුනු ප්‍රයත්නයක්. අපි බිහි කරන්නෙ සාමුහික නිර්මාණයක් . මම දන්නා තරමින් ගීතයක අයිතිය තියෙන්නෙ පද රචකයාට සහ සංගීතවේදියාට. නමුත් යම් ගීතයක සාර්ථකත්වයට ගායකයා දක්වන අතීශයෙන් වැදගත් මැදිහත් වීම නිසා ඔහුටද අයිතියක් තියෙනවා කියල මම නම් විශ්වාස කරනව.

 ගීත රචකයා ගෙවීමකට යටත් කර නිදහස් කරන කෙනෙක්ද ඒ කියන්නේ ?

ඇතැම් විට එහෙම වෙනව, ඒ මූල්‍ය පරමාර්ථයෙන් කරන නිර්මාණයන් වලදි.හැබැයි අපගේ නිර්මාණයක අප බලාපොරොත්තු වෙන්නෙ අපේ ආත්මීය ප්‍රකාශනය වෙනුවෙන් අපිට ලැබිය යුතු පිළිගැනීම , ඒ කියන්නෙ අද fm ,,සහ රුපවාහිනි නාළිකා ගීතය ගයන ගායකයා සහ ගීතය ඉල්ලන කෙනාගෙ නමයි. ගෙදර අයගෙ නමයි, ගෙදර පූසන්ගෙ බල්ලන්ගෙ නම් පවා ගීතය එක්ක ප්‍රචාරය කරනව. හැබැයි සංගිත වේදියා සහ පද රචකයාගේ දායකත්වය ගැන සුලු සටහනක් වත් නෑ. එය වෙනස් විය යුතුයි. අපේ නිර්මාණ දායකත්වය ද සදහන් වෙන්න ඔනෙ. ඒක අප ලබන එකම සතුට.

ඔබ ගීතයට වගේම කවියට දක්ෂ කලාකරුවෙක්.. කවි පොත් සම්බන්ධයෙන් හා වර්තනාමයේ කවීන් සම්බන්ධයෙන් තියෙන අදහස කුමක්ද ?

කවිය කියන්නෙ වර්ථමානයේ අති දක්ෂයින් සැරි සරණ ඉසව්වක්. අපූරු කවි පොත් සහ කවි අපිට දකින්න ලැබෙනව.
සතුටුයි ඒ ගැන, සැබෑ දක්ෂයින් ඉන්නව. කවි සහ ඒ අපූරු අදහස්, ව්‍යංගාර්ථයන් වගේම සැබෑවටම ඒ කවි ලියන හිතුත් ඒ තරම්ම සුන්දර උනානම් මේ කලාව තවත් ලස්සන වේවි.

 ඇත්තටම ලංකාවේ කවි කියන්නේ එක්තරා හිත් හදාගැනීමේ කලාවක් මිස සාහිත්‍යමය වශයෙන් දියුණුවක් ඇති දෙයක්ද ?

කවියකින් හිත් නිවෙනව, හැදෙනව නම් ඊට වඩා දෙයක් මොකටද කියලත් හිතෙනවා. එය දියුනු සාහිත්‍ය ප්‍රකාශනයක් දැනටමත්. සියල්ල මිලක් කොට විකුනන, විකෙනෙන සමාජයක කවියට නම් මිලක් නැති කරම්. ඒක එක අතකට හොදයි මේ සුන්දර හැගීම් ප්‍රකාශන මාධ්‍ය කලු කඩ මුදලාලිලා ගෙන් බේරිලා තියෙනවා ඒ නිසා.

හරි, කලාව සම්බන්ධයෙන් වගේම ඔබ දේශපාලනය සම්බන්ධයෙන්ද යම් සංවේදීකමක් ඇති කෙනෙක්.. පසුගිය ජනාධිපතිවරණයේදී බොහෝ ප්‍රගතිශීලී මිනිසුන් නියෝජනය කළ පාර්ශවය ජයග්‍රහණය කලේ නෑ.. මොකද්ද මේ සම්බන්ධයෙන් අදහස.

අවංකව කනගාටු යි. 71 වසරක් බහුතරයගේ තේරීම් නිවැරදි නොවන බව ඉතිහාසය ඔප්පු කරල තියෙනවා , ඒත් ඒ උදාහරණවලට සංවේදී මිනිස්සු තාමත් සුදානම් නෑ, අපි බලන් ඉම්මු ඉදිරිය.

 ඔබ හිතනවාද වාමාංෂික දේශපාලනික ප්‍රවාහය ලංකාවේ දේශපාලනික වෙනස්කම් තවදුරටත් ඉටු කරාවි කියා.

ඒ දේශපාලන ධාරාව උනත් නවීන වට පිටාවට අනුගත වෙන්න ඕනෙ. උපක්‍රම තෝරන්න ඔනෙ. බලය නැතිව උනත් වැඩ කරල පෙන්නන්න ඕනෙ. එහෙම නැතිව සම්ප්‍රදායික මාර්ගය අසාර්ථකයි

 පවතින පාලන තන්ත්‍රයන් මුල් වකවානුවේ සමාජයට මානසික තෘප්තීන් ගෙන දීම සාමාන්‍යයක් .. ඔබ හිතනවාද මේ පාලනයන් සමාජ සුබ සිද්ධිය සලසාවි කියා..

මානසික තෘප්තිය ලබාදෙන්නෙ මහ මැතිවරණය දක්වා පමණයි කියල මට හිතෙන්නෙ. සංදර්ශන ප්‍රතිපත්ති වෙනුවට තිරසාර ප්‍රතිපත්ති තොරන්නෙ නැතිව රටට ඉස්සරහට යන්න බෑ. සුබ සාධන ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් අපි නිර්මාණය කල යුතුයි.

 කලාකරුවන් විදියට පවතින තත්වයන් සම්බන්ධයෙන් මීට වඩා අවදි වීමක් අවශ්‍යයැයි හිතෙනවාද කලා කේෂ්ත්‍රය තුළ ?

ප්‍රශ්නයේ අදහස දේශපාලන අවදිවීමක් නම්, මම හිතන්නෙ. ආගමික නායකයන් සේම කලාකරුවන් දේශපාලකයන්ට දේශපාලන කරන්න දිලා තමන් තමන්ගේ ක්ෂේත්‍රයේ යුතුකම් ඉටු කිරීමට වග බලා ගන්නව නම් වඩා හොදයි කියල .

අවසන් වශයෙන් කියන්න මේ වනවිට කරල තියෙන නිර්මාණ හා මොනවද අනාගතයේ කරන්න හිතාගනෙ ඉන්න නිර්මාණ

මම ලියූ ගීත 35 පටිගත වෙලා තියෙනවා . තව 5 ක් පමන අවසන් අදියරේ තියෙන්නෙ. ඒ අතරින් ගීත 16 තෝරාගෙන CD පටයක් එළිදක්වන්න තමා බලාපොරොත්තුව.

සාකච්ඡා සටහන – තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *