වසරත් ගෙවුනු තැන හැරී බලමු. මොනවද කලේ අපි ..? – change point – මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි

2019 වසර අවසාන වෙන්න තව දින 25 තියෙන්නෙ. සැම වසරක් අවසානයේ බොහෝ ආයතන තම සාර්ථකත්වය මැන බලනවා. ඉතිං අපිත් මේ වසර අවසානයේ මැන බලමුද අපි කෙතරම් සාර්ථකද? මම මේ වසර තුල මොනවද කලේ කියල ස්වයංවිශ්ලේෂනයක් කර බලමු .

තම රැකියාවේ ව්‍යාපාරයේ, යුග දිවියේ,ආර්ථිකයේ, අධ්‍යාපනයේන් අපි කෙතරම් මේ වසරේ සාර්ථක ද කියලා.එසේ නැතිනම් ඇයි එහෙම වුනේ කියල මදක් කල්පනා කරලා බලමු. අපිට සිහින තිබුනා⁣ . ඇයි එ සිහින සිහිනම වුනේ වසර අවසානයේ?. වසර මුලදි අපි දැකපු සිහින ඇයි සැබැ නොවුනෙ..? ජිවිතේට සිහින, බලාපොරොත්තු විතරක් මදි. එ සදහා ඉලක්කයක් තියෙන්න ඕන. ඒ ඉලක්කයට යන ගමන්
මාර්ගය සහිත සැලසුමක් ඕන. එ සැලසුමේ සිහින සැබැ කරගන්නා දිනයක් තියෙන්න ඕන

එකම දේ කරමින් එකම විදියට අපිට සාර්ථකත්වය ළගාකර ගත නොහැකියි.අලුත් දෙවල් නොසොයමින් පසු ගිය වසර ⁣ගත කලා සේ කාලය ගත කලා නමි ප්‍රතිඵලත් එ හා සමානයි.

සැලසුමක් වසර මුල අපි හදාගත්තහම. ඒ සිහින දකිමින් අපේ ජිවිතය සුන්දර කර ගන්න අපි මොනවද කරන්න ඔන.එ අපේ සුන්දර සිහිනයට යන ගමන වසර අවසානය එනකමිම නොඉදිද. මාසෙන් මාසයට ප්‍රගතිය බලන්න පුරැදු වුනා නමි අද එ සිහිනය සැබැ වෙලා.මාස 12 අපේ ඉලක්ක කොටස් කරලා මාසෙන් මාසයට බලමු එ ඉලක්කයට යන්නෙ කොහොමද? තව ලගා වෙන්න මොනවද කරන්න ඔන.කොතන අපිට වැරදිමක් වුනේ කියලා සිතා ගන්න හරිම පහසුයි එය මාසෙන් මාසයට වෙන් කරගත්තහම.
ජනවාරි පලවෙනි දා ඔබ දකින සිහිනය ජනවාරි මාසයේ අවසානයේ බලන්න ඔබ කෙතරම්ද ළං වුනාද කියල සිහිනයට..නැවත පෙබරවාරි මාසය අවසානයෙත් බලන්න බලන්න කෙතරම් සිහිනයට ළගද කියලා.එ අයුරින් මාස් පතා බලන්න විශ්ලේෂණය කරන්න …ඈත්වුවා වගේ දැනෙනවනමි නැවත සකසා ගන්න කාලය තියෙනවා.මාසික කරන ස්වයං විශ්ලේෂණය වැදගත් එ නිසා.

මේ වසරේ එවා ඉටුකරගන්න බැරි වුනා නම්. දැන් එ ගැන සිත සිතා ඉන්න එක තෙරුමක් නෑ. අපේ අඩුපාඩු හදුනාගෙන ලබන්නාවු 2020 අපි කෙසේ සාර්ථක කරගමුද කියලා සිතා බලමුද ..

සිහින ඉටුකර ගැනිමට ක්‍රමවත් සැලසුමක් මාසයෙන් මාසයට සකස් කර ගත යුතයි. එසේ නොමතිව වසර අවසානයට පමණක් සැකසු සැලසුම් ඵලදායි නොවේ.

කිසිම දෙයක් අවසාන ඉලක්ක කරා යන ගමනට බාධා නොවිය යුතුයි.අවදානමි දැරිම හා දිනිම මෙන්ම පරාජය විමද ජිව්තෙ කොටසක්.” මහා දාර්ශනික බර්නාඩ් ෂෝ “කියනවා මේ ලෙස “වැරදිම් බොහෝ ගණනක් වසා සිටින්නේ ජයග්‍රහණයයි ”

වසර අවසානයේ මේසේ සිහිනයට යන ගමන සකසා ගමු..මේ. එ සදහා සුදුසු ම කාලයයි. මනස මේසේ සකසා ගමු. එ සදහා අතවශ්‍ය සාධක කිපයක් මේවා ඔබ සතුද නොමති නමි එවා සකසාගෙන 2020 වසර දෙස අළුත් ඇසකින් අපි බලමු.

* සුභවාදි සිතුවිලි

* දිගු කාලින ඉල්ලක්කන් සදහා කෙටි කාලින ඉලක්ක

* කාලය උපරිම ලෙස කළමනාකරණය කර ගැනිම

* නිතර නිතර තම ඉල්ලකය සිහිනය දෙස බැලිම

* මානසිකත්වය සකසා ගැනිම

* පරිසරය සකස් කර ගැනිම

* සාර්ථකත්වය සදහා ආකල්ප සිතුවිලි වල වෙනසක් ඇති කර ගැනිම

….. වසන්තිකා ස්වර්ණමාලි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *