ස්වයං පාලනයක් අවශ්‍ය වන්නේ ඇයි ? – change point – මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි

සමාජයේ අපි ජිවත්විමේදි ස්වයං පාලනය ක් අවශ්‍ය වෙනවා .ස්වයං පාලනය කියන්නේ අභ්‍යන්තර හික්මිම කියල කියන්න පුළුවන් . මෙයින් තොරව කිසිම ගැහැණියකට මිනිසෙකුට ජයක්ග්‍රහණයක් ලබා ගන්න අපහසුයි.

ස්වයං පාලනය නොමති බොහෝදේනා අන් අයගේ අඩු පාඩු දකින්නට පුරැදු වෙලා ඉන්නවා . එහෙම නැත්නම් මේ මගේ හැටි.එක උරුමය කියල සිත හදාගන්නවා.  අපට නිතර දකින්නට පුළුවන් දෙයක් තමයි කෙන්ති යාම . ඇයි මේ කෙන්ති යන්නෙ ? අපි එ වෙලාවට මොනවද කරන්න ඕන.

මේ තරහ යාම පාලනයක් නැති වුවහොත්..මේ පුරුද්දට යනවා. සියුම්     මකුළු දැලක් වුවත් දිගටම
තිබුනොත්. එ ගැන නොසිතා සිටියෝත්. එතන අපිරිසිදු වෙනවා දුර්වර්ණ වෙනවා.. අන්තිමට ගරා වැටෙන තත්ත්වයකට පත් වේනවා .තරහ කියන හැගිමත් එහෙමයි. ඔනම කෙනකුට හොද පුරුදු වගේම නරක පුරුදුත් තියෙනවා. ස්වයං විනයක් ඇති පුද්ගලයන් එවා පාලනය කරගන්නවා. හැගුමි වලට වහලෙක් නොවි.සිතැගි පාලනය කරන පුද්ගලයා සමාජය දිනනවා .

ජිව්තෙ බොහෝ අවස්ථාව වල තරහ නොගිය පුද්ගලයෙක් සොයා ගන්න අපහසුයි. තමන් බලාපොරොත්තු වු දේ නොවුනහම,බලාපොරෝත්තු දෙවල් නොලබුනහම මිනිස්සුන්ට තරහ එනවා. එත් මේ හැසිරීම් සමිප අයට වදයක් කරදරයක් බව දැන දැනත් සමහර අය එ ගැන සිතන්නෙ නැ. එකට එයාල කියන්නේ ” එ මගේ හැටි, මට තරහ එන බව දන්නව නේ.ඇයි මට තරහ එන දේවල් කරන්නේ කියල” තව කෙනකුට වරද පටවනවා.

තරහව කියන්නේ සිතේ සිරකරගත යුතු තව කෙනකු පිට යැවිය යුතු හැගිමක් නෙමෙයි. අප කල යුත්තේ එ සදහා ස්වයං පාලනයක් ඇති කරගෙන එ සිතුවිලි ඇතිවිම අවම කර ගැනිමයි.

ඇත්තටම ඇයි තරහ එන්නෙ ..

අද සමාජයේ බොහො දෙනා කාර්ය බහුලයි..මොනතරමි කාර්ය බහුලද කියනවනමි තමගේ ආහාර වේල ගන්න නිදහසක් නැ. යාන්ත්‍රික වෙලා . අසනිපයක් හැදුනත් වෛද්‍යවරයකු හමුවෙන්න වෙලාවක් නැ. සමබර ආහාර යක් නැ. සුවබර නින්දක් නැ. මේ නිසා මානසික සමබරතාව බිද වැටේනවා. තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි වෙනවා. එ නිසාම ආවේගශීලියි වෙනවා. මේ නිසා වන අයහපතක් දේ බොහොමයි.

මුලින්ම අපි තරහ ගැනිමේන් වෙන අයහපත් දෙවල් තෙරුමිගන්න ඔන.

•අප වටා ඉන්න අයට අපිව එපා විම

•අධික රුධිර පිඩනය,හෘද රෝග, මානසික ආතතිය ඇතිවිම.

•අපට සමිප අයට අප ගැන කළකිරීමක් ඇතිවිම.

•රුපය අවලස්සන විම

•රැකියා වේ ගැටළු ඇතිවිම

•පවුලේ සමගිය අඩු විම

•තරහව පාලනය කරගන්න අපි මොනවද කල යුත්තේ

•මුවට එන හැම චවනයක්ම පිට නොකර කල්පනා කාරි විම වැදගත් .

•තරහ ආ විගස එ පරිසරය , ස්ථානයේන් ඈත් විම

•සිසිල් වතුර පානය කිරිම

•ගලා යන වතුර දෙස බලා සිටිම.මුහුණ සේදිම
•වේගවත් හුස්ම වාර කිපයක් ගැනිම

•ගීතයක් ඇසිම ප්‍රිය කරන දෙයක නිරත විම


තරහ ගිය හේතුව කොළය ලියා එය ඉරා දැමිම

•1-10 ගනන් කිරිම.නැවත 10-1ගනන් කිරිම

•හිතවතෙක් සමග කතා කිරිම

හොද නින්දක් මනුස්සයෙක් ට අවශ්‍යම දෙයක්. එය අහිමි විමෙන් ආතතියට පත් වෙනවා. තරහ යාමට ප්‍රබලව ආතතිය බලපානවා මත්පැන් ගැනිමේන් ආවේගශීලි බව වැඩි වෙනවා..එවිට යහපත් තිරණ ගැනිමට නොහැකි තත්ත්වයට පත් වෙනවා. තමා නොදනුවත්වම කෝප සහගත හැගිම් එන්න පුළුවන් අවස්ථාව වැඩියි .

සමබර ආහාර නොගැනිම නිසා ශරීරයට අවශ්‍ය පෝෂණය අඩුවෙනවා . ශරිරයේ සමබරතාවය අඩුවුවිට තරහ එනවා. මානසික පිඩනය ඇති වෙනවා යමි යමි රෝගි තත්ව වලදි . එ වෙලාවට ශරිරයේන් එන ලොකු වේදනාවකින් පිඩා විදිනවා. එ ව⁣ගේ අවස්ථාවලදිත්.තරහ එන්න පුළුවන් අවස්ථා වැඩියි. මානසික පිඩනයේදි ශරිරයෙන් නිකුත් වෙන හෝමන නිසා හුස්ම ගැනිම වේගවත් වෙනවා. හෘද ස්පන්දය ,රුධිර ගමනාගමනය වේගවත් වෙනවා .මේ අභ්‍යන්තර සිදුවන කායික, මානසික ,තත්වය බොහො දෙනකුට බලපානවා. එයින් කය නොසන්සුන් වේනවා වගේම මනසද නොසන්සුන් වේ. ආවේගශීලිත්වය, දැඩි කෙන්තිය වැනි චින්ත වේග මේ නිසා ඇති වෙනවා.

අපිට මේ නිසා එන තරහ කේන්තිය පාලනය කරගන්න බැරි තත්ත්වයක්ට පත්වුවහොත් වෛද්‍යවරයෙක් හෝ උපදේශක වරයකු හමුවිය යුතුය. එය ඔබෙත් මගෙත් අවට සමාජයටත් කරන යහපත් දෙයක් වනු ඇත.

…වසන්තිකා ස්වර්ණමාලි ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *