සමනයා’’ සමග කාලය ගතකළ පසු – ජයසිරි අලවත්ත

‘‘කෙටිකතා කලා රීතිය උගැන්මෙන් කෙටිකතා රචනා කළ නොහැකි ය. කෙටිකතා ලිවීමෙහි පරිචය ලබන ලේඛකයා, ඒ උගැන්ම නිසා තමා ලියන කෙටිකතාවල ඇතැම් වැරැදි වළක්වයි. ඒ රීති නොදැන කෙටිකතා ලියන ලේඛකයා වරද්ද වරද්දා ලිවීමෙන් ම වැරැදි බැහැර කිරීමට උගනියි. රීති දැනුමෙහිත් නොදැනුමෙහිත් වෙනස මෙපමණි. දෙදෙනාම පරිචයෙන්ම කෙටිකතා ලියන සැටි උගත යුතු ය.’’

වහල්ලු: මාර්ටින් වික්රිමසිංහ: පිටුව 48: නම වන මුද්ර.ණය: 1992

ඉහත කොටස උපුටා දැක්වීම හේතුවෙන්: කෙටිකතා කලාව පිළිබඳ පොත්පත් ලියන, දේශන පවත්වන ඇත්තෝ උරන නොවෙත්වා යැයි පළමුවෙන් ම ඉල්ලා සිටිමි. මන්ද ඉහත ප්රකකාශයට මම ද එක හෙළා ම එකඟ වන බැවිනි. කිසිවකු කිසියම් කලාවක් ඉගෙන ගැනීම වරදක් යැයි මෙයින් නොහඟවයි. නමුදු න්යාවයික ඉගැන්මෙන් පමණක් කිසිදු ශිල්පයක් සාර්ථක ලෙස කළ හැකි වෙතැයි මම විශ්වාස නොකරමි. ඒ සඳහා ප්රාියෝගිකත්වය ද අනිවාර්යය විය යුතු ය.

මලික් තුසිත ගුණරත්න යනු ප්රා්යෝගික කෙටිකතාකරුවකි. ඔහුගේ අභිනව කෙටිකතා සංග්ර හය නම් කර ඇත්තේ ‘‘සමනයා’’ යනුවෙනි. මෙය ඔහුගේ හත්වන කෙටිකතා සංග්රගහය යි. මම මීට පෙර ඔහුගේ කෙටිකතා සංග්ර‘හ ද්විත්වයක් පිළිබඳ මගේ අදහස් විවෘතව ම පවසා ඇත්තෙමි. සමනයා කෙටිකතා සංග්ර්හය පිළිබඳව ද යමක් ලිවිය යුතු යැයි තීරණය කළේ යට සඳහන් කළ මාර්ටින් වික්රසමසිංහගේ ප්රිකාශය මලික්ගේ කෙටිකතා කලාවට බෙහෙවින් ම සමපාත වන බැවිනි. ඔහු සිය කුසලතා වර්ධනය කරගන්නේ සතතාභ්යායසය තුළින් ම ය.

කෙටි කතා අටකින් සමන්විත සමනයා කෙටිකතා සංග්රලහයේ සියලු නිර්මාණ සාර්ථක යැයි මම නොපවසමි. එහෙත් කෙටිකතා සංග්රෙහයක් ලෙස එහි සාර්ථක නිර්මාණ කිහිපයක් අන්තර්ගතය. ඒ අතුරෙන් ද මගේ වින්දනීය අවකාශය පුරවා ලූ නිර්මාණ ද්විත්වය පිළිබඳව නොලියා සිටීම නම් නිර්මාණකරුවාට කරන අසාධාරණයක් යැයි හැඟුණු බැවින් මෙම සටහන ලියන්නට සිත් විය.

‘‘අගම අබිං වැනිය’’ කිව්වේ ඇයි?

මේ වන විට ශ්රීි ලංකාද්විපය නම් කොදෙව්වේ වෙසෙන බහුතරයක් දනෝ සිය: රට, ජාතිය, ආගම පිළිබඳ චිත්තප්රීිතියෙන් උදම් අනති; ගම් දනවු සිසාරා පිහිටි පවුරු යටකරමින් එකී චිත්තප්රීෙතිය ත්සුනාමියක් සේ නැග එයි: එය කෙතරම් උත්සන්න වී ඇතිදැයි පවසන්නේ නම් ඒ ප්රීහතියෙන් මුසපත්වූවෝ තම ප්රීරතිය අත්විඳනු වස් මහ මග හරස් කර, මාවතේ ගමන්ගන්නා වාහන හිමිකරුවන්ගෙන් සිඟමන් යදින තත්ත්වයට පත්ව සිටිති. දැන් මේ ජාති මාමකයන්ට ‘‘සංහිදියාව’’ යනු නයාට අඳුකොළ මෙනි.
සැබැවින් ම මහ ජාතිය යැයි කියාගන්නා පිරිසට ‘‘සංහිඳියාව’’ යනු වහකදුරු මෙන් තිත්ත ප්රුපංචයකි. එහෙත් එය එසේ යැයි නොපෙන්වන්නට ද ඔවුහු වගබලාගති. එකී පසුබිම කදිමට පිලිබිඹු කෙරෙන නිර්මාණයක් ලෙස ‘‘සමනයා’’ කෙටිකතා සංග්ර හයේ අන්තර්ගත ‘‘ඩාර්ලි පාරේ බෝධි වෘක්ෂය’’ නමැති නිර්මාණය හැඳින්විය හැකි ය.

මෙම නිර්මාණයේ ප්රිධාන කථකයා සිංහලයෙකි. ඔහුගේ බිරිඳ මුස්ලිම් භක්තිකාවකි. මෙම දෙපළ සමාන්තර රේඛාවක ගමන් කරන්නට කෙතරම් යත්න දැරුව ද සමාජය විසින් නිර්මාණය කරනු ලැබ ඇති සංකල්ප ඔවුන්ගේ ජීවන ගමන්මගේ සමාන්තර රේඛාව ඛණ්ඩනය කර අසමාන්තර රේඛා දෙකක් බවට පරිවර්තනය කරයි. බිරිඳක සහ සැමියකු සමාන්තර රේඛාවක මත ම ගමන් කළ යුතු යැයි නියමයක් නැත. එහෙත් එම සමාන්තර රේඛාව බෙදුම් රේඛාවක් බවට නිර්මාණය කෙරෙන්නේ ම හුදෙක් ජාතිය සහ ආගම පදනම් කරගෙන වීම ඛේදයකි.

නිර්මාණයේ ප්ර ධාන කථකයා වන විපුල සිය බිරිඳ වන ඉෂ්වාට බෙහෙවින් ආදරය කරයි. නමුත් ඒ ආදරය හුදෙක් කුටුම්බයට පමණක් ම සීමා වූවකි. බාහිර සමාජයේ දී හෙතෙම පට්ට බෞද්ධයෙකි; සිංහලයෙකි. එකී සිංහල බෞද්ධකම වෙනුවෙන් සිය බිරිද හැර; සිය දරුවන් හැර අනෙක් සියලු ම මුස්ලිම් භක්තිකයෝ ඝාතනය කරන්නට වුව ද සුදානම් ය. නමුත් එකී සිතුවිල්ල යනු හුදෙක් ඔහුගේ ම වු සිතුවිල්ලක් නොව මහා ජාතිය යැයි කියාගන්නා සමාජයෙන් ඔහු වෙත එන්නත් කර ඇති සංකල්පයකි. ඕනැම මොහොතක එම මාරක එන්නත අනෙක් මුසල්මානුවා වෙත එන්නත් කර ඔහු විනාශ කර දමන්නට මුසල්මානු බිරිඳකගේ ආදරණීය සැමියකු වන විපුල සුදානම් ය. ඒ වෙනුවෙන් ඔහු පොළඹවන්නට වුවමනා උත්තේජක අවශ්යආ තරම්, අවශ්යස ඕනෑම මොහොතක ලබා දෙන්නට මේ මහා ජාතිය යැයි කියාගන්නා පිරිස සුදානමින් සිටිති. ඒ සඳහා බුදුධ පුත්රඔයෝ ද නියමින් සහ අනියමින් විවිධ උත්තේජන සපයති.

ජාතිය, ආගම යන සංකල්පය කෙතරම් අවප්ර.මාණයට ලක්වී ඇති ද යන්න කතුවරයා රූපකයක් ලෙස, එසේත් නැතිනම් සංකේතීය ලෙස මෙසේ ඉදිරිපත් කරයි.

‘‘තෙරෝද රථ සේදිල්ල නැවතුනේ පිටුපස රෙක්සින් මත වූ ‘මේ ගෞතම බුද්ධ රාජ්යරයයි’ යන වචන සතර ළඟදීය. අරාබි අකුරු මුද්රිපතව තිබූ රිදී පැහැති ස්ටිකරයත්, සිංහ ලේ ස්ටිකරයත් මේ වන විට හොඳටම නාගෙන සිටියේය.’’

පිටුව 13

මෙම නිර්මාණයේ එක් චරිතයක් වන භික්ෂුව මතුපිටින් ජතිවාදී, ආගම්වාදී උමතුවෙන් නොපෙළෙන ස්වාමින් වහන්සේ නමක ලෙස දක්නට ලැබේ. කතුවරයා එය මෙසේ විදාරණය කරයි.

‘‘කැස්බෑවට අයිති තව ලොකු ඉඩමක් තියෙනව වැවට එහායින්’’
‘‘අනේ අපෙ හාමුදුරුවනේ ඒකනෙ ඉල්ලන්න තිබුණෙ… ඒ පැත්ත තනිකරම සිංහල…’’
‘‘ඒ හින්දම තමයි නොයිල්ලුවෙ’’

පිටුව 15

එදා එසේ පැවසු ස්වාමින් වහන්සේ ම, සිංහල බෞද්ධ විපුලට දාව මුස්ලිම් භක්තික ඉෂ්වා බිහිකළ දරුවා වෙනුවෙන් එවන තිළිණය ස්වාමින් වහන්සේ තුළ සැඟව සිටිනා නියම පුද්ගලයා පිළිබඳ හෙළදරව් කරයි.
‘‘මේ මොනවද?’’
‘‘හාමුදුරුවො දෙන්න කිවුව’’
‘‘තැග්ගක්’’
‘‘වෙන්නැති’’
විපුල ඒ කුඩා ඇසුරුම විවාත කරමින් සිටියේ ය.
ධර්ම චක්ර යක්!’’

පිටුව 28

ඍජු සරල රේඛාවක ගමන් කරන්නට යත්න දරන විපුලට සහ ඉෂ්වාට එකී ඍජු සරල රේඛාව දිගේ ගමන් කිරීමට ඉඩ නොදෙන්නේ බාහිර සමාජය බව මෙම ලියවිල්ලේ යට සඳහන් ක‍ළේ ය. දැන් එය කදිමට පාඨක ප්ර්ජාව වෙත පසක් කරන්නට කතුවරයා සමත් වී ඇත.

‘‘ඍජු ඉර ඇල වී දැවැන්ත නාය යාමක ලක්ෂණ මුදාහරිමින් සිටියි. සමබරතාවය නැති වූ මොහොතේ විපුල එල්ලුනේ පිරිත් නුලකින් හැඩ වී තිබුණු වනිගරත්නගේ ගෙලේ ය.’’

පිටුව එම

යළිත් මෙම කොටස වෙත අවධානය යොමු කර, කතුවරයා සංකේතියව ඉදිරිපත් කරන ඛේදවාචකය හඳුනාගන්නැයි මම පාඨක ප්රුජාවගෙන් ඉල්ලා සිටිමි.

‘‘සමබරතාවය නැති වූ මොහොතේ විපුල එල්ලුනේ පිරිත් නුලකින් හැඩ වී තිබුණු වනිගරත්නගේ ගෙලේය’’

නිර්මාණකරණයේ යෙදෙන්නෝ කෙතරම් යත්න දැරුව ද මෙම නිර්මාණය තුළින් කතුවරයා ඉදිරිපත් කරන සමාජ ඛේදවාචකය පිටු දකින්නට, එවන් ඛේදවාචක වළකාලන්නට හැකියාව සහිත දේශපාලන සහ සමාජ වාතාවරණයක් ශ්රීර ලංකාද්වීපය තුළ කවදා බිහිවේ ද යන්න නොවිසෙඳෙන ගැටලුවක් බව නම් සක් සුදක් සේ පැහැදිලි ය.

දේශපාලනාවබෝධයෙන් තොර නිර්මාණකරණයේ පිළිබිඹුව
මිනිසා විසින් මිනිසා පාලනය කිරීම සඳහා මිනිසකු (පාලකයකු /නායකයකු) පත්කරගත් දා සිට එකී පාලකයා හෝ පාලකයෝ තමන්ට එරෙහිවන දනෝ දඬුවමට ලක් කළහ; අතුරුදන් කළහ; මරාදැමුහ. එය යටත් විජිත සමයේ ද, ඊට පෙර ද, පසු ද, අනාගතයේ ද කියා වෙනසක් නැත. සිදුවන්නේ පාලකයන්ට එරෙහි දනෝ විනාශවීම ය. විනාශ වන්නාගේ තරාතිරම විනාශකරන්නාට අදාළ නොවේ.

‘‘සමනයා’’ කෙටිකතා සංග්ර හයේ අන්තර්ගත ‘‘මවුබිමට මග හැරුණු මරණද තිබිණ’’ නිර්මාණය එකී ඛේදවාචකය මැනවින් පිළිබිඹු කරන්නකි. නමුදු මෙම නිර්මාණය කියවීමේ දී පැනනැගෙන ගැටලු ද නැතුවා නොවේ. එනම් කතුවරයා ද අදාළ ප්ර්ස්තුතය කෙරෙහි හෙළන දාෂ්ටිවාදය සමාන්යනය ජනයාගේ (විශේෂයෙන් ම දකුණේ සාමාන්යකය ජනයාගේ) දෘෂ්ටිවාදයට සමපාත වීම ය.

මෙම නිර්මාණය තුළින් විදාරණය කෙරෙන්නේ පසුගිය යුද සමයේ ඝාතනයට ලක් වූ සහ අතුරුදන් වූ පිරිස් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ කමිටුව පිළිබඳව ය. එම කමිටුව පිහිටුවීමෙන් ඉක්බිති රටේ බොහෝ පිරිස් සාකච්ඡා කරන්නට පෙලඹුණේ 87-89 සමයේ අතුරුදන් වූවෝ සහ මරණයට පත්වූවෝ වෙනුවෙන් අදාළ කමිටුවේ කාර්යභාරය කුමක් ද යන්න ය.

සැබැවි, 87-89 මතු නොව 71 දී ද මෙරට තරුණ තරුණියෝ විශාල ප්ර මාණයක් අතුරුදන් වූහ; ඝාතනයට ලක්වූහ. මෙම නිර්මාණයට ප්රුස්තුත වන කමිටුව 71 සහ 87-89 යුගයේ අතුරුදන් වුවෝ සහ ඝාතනයට ලක්වුවෝ පිළිබද අවධානය යොමු නොකරන්නේ මන්ද යන්න පිළිබිඹු කරයි. එසේ විමසීම අසාධාරණ යැයි කිසිසේත් ම නොපවසන අතර ම මෙහි යටි අරුත පිළිබඳව ද දේශපාලන සහ සමාජීය වශයෙන් වැදගත් නොවන්නේ ද යන්න ගැටලුවක් පැන නගී. එනම් ශ්රීඑ ලංකාවේ පාලක පංතිය උතුරේ දෙමළා පිළිබඳ ඇති කැක්කුම දකුණේ සිංහලයා කෙරෙහි නොදක්වන්නේ මන්ද යන්න ය.

කතුවරයා වුව ද සිය නිර්මාණයට ප්ර වේශ වන්නේ එකී සිද්ධිදාමයේ දේශපාලනික වටපිටාව පිළිබඳ අවබෝධයකින් නොවන බව මගේ හැඟීම ය. එය අපි මෙසේ විග්රනහ කරගමු.

පළමුවෙන් ම අපි: උතුරේ ද, දකුණේ ද, අතුරුදන් වූයේ සහ මිය ගියේ ශ්රීට ලාංකීය දරුවෝ බව අවබෝධ කරගතයුතු වන්නෙමු. අනතුරුව අපි අවබෝධ කරගතයුතු වන්නේ පාලකයෝ මෙම ඝාතන සහ අතුරුදන් කරවීම් සියල්ල ම කළේ රටට හෝ ජාතියට ඇති ආදරයක් නිසා නොව තම පැවැත්ම වෙනුවෙන් බව යි. එමෙන් ම අනතුරුව අතුරුදන්වුවෝ සහ ඝාතනයට ලක්වුවෝ පිළිබඳ සොයාබලන වැඩපිළිවෙළක් සකසන්නේ ද තම පැවැත්ම වෙනුවෙන් බව සාමාන්යු ජනයා කෙසේ වුව ද කලාකරුවෝ අවබෝධ කරගත යුතු ය. වෙසෙසින් ම උතුරු නැගෙනහිර ජනතාව අතුරුදන් වීම සහ ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් සොයා බලන්නැයි මෙරට පාලකයන් වෙත ජාත්ය න්තරය බලපැම් නොකරන්නට එවැනි වැඩපිළිවෙළක් කිසිදු දිනක මෙරට තුළ ක්රිුයාත්මක නොවන බව ජනතාව මෙන්ම කලාවේ නියැළෙන්නෝ ද වටහාගත යුතු ය. එමෙන් ම මේ පිළිබද නිවැරැදිව අවබෝධ කරගන්නේ නම්, එකී වැඩපිළිවෙළ වුව ද ජාත්ය්න්තරය රැවටීම සඳහා කළ ආටෝපයක් බව වසර හතරහමාරක යහපාලන සමය අවසානයේ ජනතාවට අවබෝධ විය යුතු ය.

කලාකරුවා ජනතාව වෙත රැගෙන යා යුත්තේ දකුණේ අතුරුදන්වීම් සහ ඝාතන පිළිබඳ නොසොයා උතුරේ අතුරුදන්වීම් සහ ඝාතන පිළිබඳ කටයුතු කිරීම කෙරෙහි නොව එසේ දියත් කළ වැඩ පිළිවෙළ ද නිසියාකාරයෙන් ඉටුකිරීමේ වගකීමෙන් පාලකයෝ නිදහස්වීම සම්බන්ධයෙනි. නමුත් මලික් තුසිත ගුණරත්න නම් නිර්මාණකරුවා ද හුදෙක් මතුපිට දක්නට ලැබෙන සිද්ධිදාමය පමණක් ස්පර්ශ කිරීම ඔහුගේ දෘෂ්ටිවාදය විදාරණය කිරීමක් යැයි මට හැඟේ. කෙසේ වෙතත් එම නිර්මාණයේ පවත්නා නිර්මාණාත්මකභාවය පිළිබඳ මට ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ යට සඳහන් කළ ඛේදවාචකය නිරමාණකරුවාට ග්ර හණය නොවීම ය. එය ඔහුගේ නිර්මාණාත්මකභාවයේ අඩුවක් නොව දේශපාලන කියවවීමේ අඩුපාඩුවක් යැයි මම විශ්වාස කරමි.
යට සඳහන් නිර්මාණ ද්වය හැරුණු විට ‘‘පොත් වුණත් මොන තරම් දරුණුද?’’ නමැති නිර්මාණය ද සාර්ථක නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ය. මෙය එක් පසෙකින් ජි. බී. සේනානායක විසින් රචිත ‘‘කලහය’’ කෙටිකතාවේ ම නූතන දිගහැරුමක් දැයි සිතේ.

ආකෘතිමය වශයෙන් සුවිශේෂ වූ නිර්මාණයක් ලෙස ‘‘රාජ ඔව් බං… ඒ මං තමයි’’ නිර්මාණය හැඳින්විය හැකි ය. ලිපිය ආරම්භයේ සඳහන් කළ මාර්ටින් වික්ර මසිංහගේ ප්රබකාශය තුළින් පිළිබිඹු කරන්නට යත්න දරන්නේ ද එම නිර්මාණික ප්රමභාවය යි.

– ජයසිරි අලවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *