මැදගොඩ හාමුදුරුවනේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපා කියන්නෙ ඇයි ? – ගුරුගොඩ සිරිවිමල හිමි

ගෞරවණීය මැදගොඩ අභයතිස්ස හිමියනි,
අදටත් ඔබවහන්සේගෙ කථිකත්වය පිරුණු බුද්ධිමත් හඬට මම අදටත් ආදරෙයි. මහාචාර්යකම් උගත්කම් මේ හැමදේකටමත් ඉස්සර වගේම ආදරෙයි.
පාත්තරෙත් අරන් මහින්ද මහත්තය වෙනුවෙන් පිණ්ඩපාතය වඩියත් ඒ ආදරණීය බව මා තුළ තාමත් තියෙනව.
ලාංකේය භික්ෂු පරපුරේ ඉන්න බුද්ධිමත් නැණවත් භික්ෂූන් අතරින් ඔබවහන්සේ එක්කෙනෙක්. මම ඒකයි ආදරේ. ඉතිං මම කැමති නෑ ඔබවහන්සේ දේශපාලනිකව යූස් වෙනවට. ඒක රටකට දරාගන්න බැරි පාඩුවක්.

ඊයෙ පෙරේද මම දැක්ක ඔබවහන්සේගේ මාධ්‍ය සාකච්ඡාවක්. පසුගිය රජයෙන් කරපු අධ්‍යාපනික වැඩ පිළිවෙලේ ඉතාමත් සාධනීය තැනක් වෙච්ච ලිංගික අධ්‍යාපනය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම ඔබ වහන්සේ විවේචනය කෙරුව. ඒකෙ හොඳම විහිළු ගොඩක් තියෙද්දි මට පිස්සු වගේ.

ඔබ වහන්සේ ඇයි එහෙම?

මේ රටේ විතරක් නෙමෙයි. ලෝකෙම මේ වෙද්දි ලිංගික අධ්‍යාපනය තියෙන රටවල් වල පවා ළමා දූෂණ තත්වයන් එන්න එන්නම වැඩි වෙලා තියෙනව.
විද්‍යා වගේ පාසැල් වයස්වල දරුවො වගේම හයක් හතරක් නොදන්න අත දරුවො පවා අම්ම අප්ප අතින් දූෂණය වෙන ලිංගික අසහනයකින් පෙළෙන රටක් බව ඔබ වහන්සේ මට වඩා හොදින් දන්නව.

එහෙව් තත්වයකදි අපේ රටේ පාසල් අධ්‍යාපනය තුළින් ලිංගික අධ්‍යාපනය නොදිය යුතුයි කියල ඔබ වහන්සේ කියන්නෙ දරුවන්ට ආදරෙන් ද? මේ සීමා කරල කොටු ගහල ඉරි ඇඳල රකින්න යන සංස්කෘතිය, සභ්‍යත්වයේ සීමාව ගැන මට තියෙන්නෙ ලැජ්ජාවක්. මිනිස්සුන්ගේ ලිංගික අවශ්‍යතාවයන් ඉතා හොඳින් දන්න ඔබවහන්සේ මේ කියන්නෙ මිනිස්සුන්ට ලංගික හැසිරීම්වල යෙදෙන්න එපා කියලද? දරුවෙක්ට ලිංගික අධ්‍යාපනය දුන් පමණින් රිදිල, කැඩිල, බිදිල, සිදිල යන සංස්කෘතියක්ද අපි අවුරුදු 2500ක සංස්කෘතිය කියල මේචචර උඩ දාල රකින්නෙ.
සංස්කෘතික මිනිස්සු කියන්නෙ සීමා ඉරි නැතිව අනෙකාව ප්‍රේමයෙන් වැළඳ ගැනීම නෙමේද?

අවුරුදු 60-70 වෙච්ච නාකි සීයලත් අවුරුදු 20- 25 ගෑණු ලමයි දිහා බලල පැණි හලන රටක අපි දරුවො දූෂණය වෙද්දි ආණ්ඩුවටයි, ආගම් වලටයි පතුරු යන්න බනින එකයි කරන්නෙ. හැබැයි සැබෑ ප්‍රශ්නය මේ රටේ මිනිස්සුන්ට හරි හමං ලිංගික අධ්‍යාපනයක් නොමැති බව කියන එක අපි තේරුම් ගන්නෑ.

හෙට උපදින මේ රටේ දරුවො ශිෂ්ට කරන්න තියෙන එක ක්‍රමවේදයක් තමයි මේ ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ බෙදී යාම සම්බන්ධව දැනුවත් බවක් ලබා දෙන එක. ඒ දරුවන්ට ලිංගිකත්වය මැජික් එකක් වෙද්දි තමන්ගෙ හොඳම යාළු ගෑණු ලමය හෝ පිරිමි ලමයගෙ කායිකත්වය සහ මානසිකත්වය පිළිබඳව අදහසත් නැති වෙද්දි එයාලට දැනෙන කුතුහලය වගේ දේවල් එක්ක එයාල වැරදි දේවල් වලට පෙළඹෙන්න තුයෙන අවස්ථාව ඉතාමත් වැඩියි.

ගැහැණු කම සිල්ලර කාසියක වටිනාකමට වෙන්දේසි වෙන සමාජෙ කාර් වොෂ් ක්ලීනර් එකත් ගැහැණියකගෙ අවයව පෙන්වමින් විකුණන්න වෙච්ච සමාජ ඛේදවාචකයකට මේ ලෝකයම පත්වෙලා. ඒ වගේ අවස්ථාවක දි තමන්ගෙ අම්මවත් දූෂණය කරන්න හිතෙන දරුවො මේ ලෝකෙ බිහිවෙනව කියන එක පුදුමයක් නෙමෙයි. ඒක මේ සංස්කෘතික සභ්‍යත්වය පිළිබඳව ඇතිවෙන ගැටළුවක් නෙමෙයි. මේ සමාජ ආර්ථික රටාව නිසා ඇති වෙන සාමාන්‍ය තත්වයන්. ඒව වඩාත් හොදින් නිරවුල් කරගන්නනම් දරුවො අධ්‍යාපනික වශයෙන් ශිෂ්ට කිරීමේ වගකීම වැඩිහිටියන්ට තියෙනව.

ඔබවහන්සේ සමග මාධ්‍ය සාකච්ඡාවෙ එකට ඉඳගෙන කතා කරපු අනිත් හාමුදුරුවෝ “මාදුරුඔයේ ධම්මිස්සර” එයා ගැන ඔබවහන්සේට තියෙන කියැවීම මොකද්ද? ඒ කියවීම වියත් එකක් ද? මගේ අදහසනම් ඕනම ගොං වැඩක් කරපු මිනිහෙක්ට හැදෙන්න අවස්ථාවක් තිබිය යුතුයි කියන එක. හැබැයි ධම්මිස්සර හාමුදුරුවන්ට තමන්ගෙ පිරිවෙනේ තමන්ගෙ ගෝලයගෙ පස්ස පැත්ත දැකලවත් ඉන්න බැරි වුන කෙනා. එයා තමන්ගෙ පිරිවෙනේ පොඩිනමකට අතවර කරල අත්තඩංගුවට පත් වුන කෙනෙක් බව ඔබවහන්සේ නොදැන ඉන්න විදියක් නෑ. එහෙම කෙනෙක් එක්ක සදාචාරාත්මකව හෝ වියත් ශාස්ත්‍රීයත්වය මත පදනම්ව කිසියම්ම හෝ එකගතාවයකට ඇවිත් ඔබවහන්සේට එකට අසුන් ගන්න පුලුවන්නම් ඔබවහන්සේ කතා කරන සංස්කෘතික සමාජය ගැන ප්‍රායෝගික වෙන්න පුලුවන් ද? එහෙම ප්‍රායෝගික වෙන්න බැරි වුන අවකාශයක ඔබවහන්සේ මේ කරන දේශපාලනික මගඩිය ශිෂ්ට එකක් ද?

දරුවන්ට විතරක් නෙමෙයි. පංසල්වල ඉන්න හාමුදුරුවරුන්ටත් ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු මොහොතක අපි ඉන්නෙ. ඔබවහන්සේ මහා පිරිවෙනක් බලාගන්න විහාරාධිපති හිමිනමක් විදියට මේකෙ අවශ්‍යතාව නොදැන ඉන්න විදියක් ඇත්තෙම නැහැ.

එහෙම අවශ්‍යතාවයකින් පීඩා විදින රටකට මහින්දගෙ හෝ රනිල්ගෙ හෝ කාගෙ හෝ ආණ්ඩුවකින් නිවැරදි දෙයක් සිදුවිය යුතුව පවතිනව. ඒ දෙන ඔප්ෂන් වලට විරුද්ධව ආණ්ඩුවලට බලපෑම් එල්ල කරන හැම හාමුදුරුනමක් නිසාම මේ ආණ්ඩුවෙදිත් පහුගිය හැම ආණ්ඩුවකදිත්ම මිනිස්සුන්ටත් රජයටත් පුදුම කරදරයක් තියෙන්නෙ. මේව දැක දැක මිනිස්සු තාම දානෙ ටික දෙනව⁣ නේද කියල මතක් වෙද්දි මට පුදුමයි! ඔව් ඇත්තෙන්ම පුදුමයි.

|ගුරුගොඩ සිරිවිමල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *